පොදු ජන පෙරමුණේ ඇමති සිහිනය බිඳවැටෙයි
පොදු ජන පෙරමුණේ ඡ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකුට කැබිනට් අමාත්‍ය තනතුරු දෙන බවට පසුගියදා ජනමාධ්‍ය වාර්තා කරන ලදී.එම ඡ්‍යෙෂ්ඨයන් අතර ගාමිණි ලොකුගේ ,රෝහිත අබේගුණවර්ධන සී.බී.රත්නායක,ජොන්ස්ටන් ප්‍රනාන්දු සනත් නිශාන්ත ආදීන් සිටින බවද වාර්තා විය. එහෙත් අද සවස වන විට වාර්තා වූයේ පොදුජන පෙරමුණේ එම ඡ්‍යෙෂ්ඨයන් කැබිනට් අමාත්‍ය තනතුරු වලට පත් කිරීමට ජනපතිවරයා අකමැත්ත ප්‍රකාශ කර ඇති බවය.ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයන් මොවුන් හට අමාත්‍ය තනතුරු ලබා නොදෙන ලෙසට ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති බවද කියවේ.පොදු ජන පෙරමුණේ සිට මේ වන විට ජනපතිවරයා හා සම්බන්ධ වී සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා මෙම ඡ්‍යෙෂ්ඨයන් හට ඇමතිකම් ලබා දීමට එරෙහිව ප්‍රබල විරෝධතාවක් දක්වා තිබේ.එහිදී ඔහුගේ අදහස වී ඇත්තේ පොදු ජන පෙරමුුණ විසින් අමාත්‍ය තනතුරු වලට පත් කරන ලෙසට ඉල්ලා ඇති අයවළුන් අන්ත දූෂිතයන් බවත් ඔවුන් අමාත්‍ය තනතුරු වලට පත් කළ හොත් ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත් විය හැකි බවත්ය. කෙසේ වෙතත් පොදු ජන පෙරමුණ ඉල්ලා සිටින අමාත්‍ය තනතුරු ලබා දීම ජනපතිවරයා ප්‍රතික්ශේප කළ හොත් පොදු ජන පෙරමුණෙහි ඡ්‍යෙෂ්ඨයන් බරපතල ප්‍රශ්ණයකට මුහුණ දී...