Posts

රොහාන් ගුණරත්න හා යාපනයේ ආවා කල්ලි නායක අරූන් සිද්ධාර්ථන් මීළඟ ප්‍රහාරයේ කසකරුවන්ද ?

Image
  කුරුන්දි විහාරයේ දිග පලල ගැන කිවේ රනිල්ය. පුරා විද්‍යා කොමසාරිස් ජෙනරාල්ට ඉතිහාසය උගන්නන්න ගියේ රනිල්ය. කුරුන්දි විහාරය සමාජ ගත කලේ රනිල්ය. ඒක  රටේ තොටේ කඩපිලේ තැබෑරුමේ කට කැස්ම කලේ රනිල්ය  ඒ නිකමට නම් නොවන බව අපි එදාම කිවේ රනිල් නැමති සට කපට ගේම්කරයාගේ පැටිකිරිය අධ්‍යනය කරන නිසාවෙනි.රනිල් මේ පාර වැඩේ කාටවත් බාර නොදෙන්නේ මෛත්‍රි ගෙන් ඉගනගත්ත පාඩම නිසාය.  එදා ගෝඨාට බලය ගන්න පාස්කුව සෙට් කරේ මෛත්‍රිව ගොනාට අන්දලාය.  සලේලා  මෛත්‍රිට කියා තිබුණේ චුටි බොම්බට්යක් පුපුරන බවත් ඔයා  ජනාධිපති මම අගමැති කියාය.  ඒ මහමොළකරුවන් වු සලේ හා  හෙදවිතාරනලාගේ කෙලියෙන් මෛත්‍රිට කෙලවු බව රනිල් ඉතාම හොදින් දන්න නිසාම අද ජාතිවාදි ගේම ගහන්නේ රනිල් හා  රාජ්‍ය බුද්ධි අංශ එක්වය එදා  පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන මහ මොලකරුවා වු යුද හමුදා  මේජර් ජෙනරාල් සලේය, එදාත් සලේ  බුද්ධි අංශයේය අදත් සලේ ඊටත් එහා ගිය රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක  ජෙනරාල් වරයාය. ඒ සලේ හා  රනිල් අතර ඇත්තේ ඉතාම ඈත අතීත සම්බන්ධයක් බව අපි දනිමු.  ඒ නිසම පාස්කු ප්‍රහාරයේ මහමොලකරු ...

පිනට කාබී තරවී පොඩ්ඩන්ටම කෙලින්න හදන පැන්ෂන් පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ අජූත කෙරුවාව

Image
  හිටපු පොලිස්පති ⁣චන්ද්‍රා ප්‍රනාන්දුගේ නිවසේ ආරක්ෂක රාජකාරිවල සිටි පොලිස් කොස්තාපල් වරයකුගේ වැඩ තහනම් කළ බව ජනමාධ්‍ය   වාර්තා කර තිබූණි.එම පොලිස් කොස්තාපල් වරයා වැඩ තහනමට හේතු වී ඇත්තේ හිටපු පොලිස්පතිවරයාගේ වාහනයේ පැති කණ්නාඩි සොරකු විසින් ගලවා ගෙන ගොස් ඇතැයි පැවසෙන සිදුවීමකටය. චන්ද්‍රා ප්‍රනාන්දු යනු පොලිස් නිල ඇඳුම ඇඳගෙනම රාජපක්ෂවරුන්ගේ නිවාස වල වැසිකිලි හේදූ කම්කරුවාය.පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනිකරණය වීමට ඉවහල් වූයේ මෙවැනි කොඳු නාරටිය පණ නැති නොසන්ඩාල පොලිස් ලොක්කන් .සේවයෙන් විශ්‍රාම ගිය පසු ඇමති කාර්ය මණ්ඩලයට සම්බන්ධවූ චන්ද්‍රා ප්‍රනාන්දු එවකට ඇමති බැසිල් රාජපක්ෂගේ  අතිරේක වැසිකිලි පාවහන් යුගල රැගෙන ඔහු පසුපස යන තරමේ  දීන වහලෙක් බවට පරිවර්තනය වී සිටියේය. චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අවදියේ පොලිස් පරීක්ෂවරයකු ⁣ඝාතනය කිරීමට සම්බන්ධ වී තිබේ⁣.පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල්  දෙමටගොඩ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන විට කිඹුලඇලේ ගුණා ගේ මස්සිනා හා තව පුද්ගලයකු වැල්ලවත්තේදී අත් අඩංගුවට ගන්නා ලද්දේ හෙරොයින් ජාවාරම...

ඕස්ට්‍රේලියාවේ සංඝ නායක හිමියන්ට එරෙහිව ළමා අපචාර චෝදනා එල්ල වේ

Image
  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ධම්ම සරණ ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේවිහාරාධිපති නාඔටුන්නේ විජිත හිමියන්ට එරෙහිව ළමා අපචාර චෝදනා ගණනාවක් එල්ල වී ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ. 68 වියේ පසුවන මේ හිමියන් මීට වසර ගණනාවකට පෙර එනම් 1996 සිට 2004 දක්වා කාලය තුළ ස්ප්‍රීවෙල් සහ කිංස්බරිහි විහාරස්ථාන වල රැඳී සිටි කාලය තුළ තමන් හමුවට ආ බාල වයස්කාර දරුවන් තිදෙනෙකු අපයෝජනයට ලක් කරන ලද බව ඕස්ට්‍රේලියානු පොලීසිය චෝදනා කර ඇත.වයස අවුරුදු 16 අඩු දරුවන් ඉදිරියේ අශෝබන ලෙස හැසිරීම හා ඔවුන් ලිංගිකව අපයෝජනය කිරීම ඇතුළු චෝදනා 13 ක් මෙම හිමියන්ට එරෙහිව ගොනු වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.   පසුගියදා ඕස්ට්‍රේලියානු අපරාධ මර්දන ඒකකයේ රහස් පරීක්ෂකයන් විසින් අත් අඩංගුවට ගත් නාඔටුන්නේ විජිත හිමියන් නේවාසිකව සි⁣ටි විහාරස්ථානවල ඉරිදා දින දහම් පාසැල් පවත්වාගෙන ගොස්  ඇති අතර මෙම අපචාරයට ලක්වූ දරුවන් එම දහම් පාසැල් වල දහම් අධ්‍යයන කටයුතු වලට සහභාගි වූ දරුවන් බව කියවේ. මෙරට රාමඤ්ඤ නිකායේ ඕස්ට්‍රේලියාවේ සංඝනායක වන්නේද මේ හිමියන්ය. පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෙම හිමියන...

ජනතා විමුක්ති පෙරමුණේ පළමු පරිච්ඡේදයේ වීරයකු දැයෙන් සමුගනී

Image
  ජනතා විමුක්ති පෙරමුණේ පළමු පරිච්ඡේදය තුළ සඳහන්ව මෙතෙක් කාලයක්  ජීවතුන් අතර සිටි එකම චරිතය ⁣මෙළොවින් නික්ම ගොස් තිබේ.    ඔහු රෝහණ විජේවීර සමග ජනතා විමුක්ති පෙරමුණ  බිහි කිරීමේ ප්‍රථම සාකච්ඡාවට සහභාගි වූ මුල් හතරදෙනා අතර සිටි අම්බලන්ගොඩ පියසිරි ගුණරත්න සහෝදරයාය. ජනතා විමුක්ති පෙරමුණ ඇරඹීම  සඳහා මුල්ම සාකච්ඡාව පවත්වා ඇත්තේ මේ වන විට පූජ්‍ය මහාචාර්ය විලේගොඩ අරියදේව විහාරාධිපතිත්වය උසුලන එවකට පූජ්‍ය පටබැඳිමුල්ලේ බුද්ධ ශ්‍රී නාහිමියන් විහාරාධිපතිත්වය දරමින් වැඩ විසූ  අම්බලන්ගොඩ කළුවඩුමුල්ලේ පිහිටි ශ්‍රී විජයාරාමයේ බුදු මැදුරේ කොටසකය. එක්සත් ජාතික පාක්ෂික පවුලක උපත ලද පියසිරි ගුණරත්න සහෝදරයා පසුව කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව එහි අනුරාධපුර ශාඛාවේ ලේකම් ලෙස පත්වී ඇත.ඉන් අනතුරුව ඔහු කොමියුනිස්ටි පක්ෂයේ චීන පිලට සමග එක්වී තිබේ. පියසිරි ගූණරත්න සහෝදරයා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ පක්ෂ මූලස්ථානයේ කටයුතු වලට සම්බන්ධ සිටියදී එම කාර්යාලයට නිතර පැමිණි රෝහණ විජේවීර සහෝදරයා හඳුනා ගත් බව පැවසේ.ඔහු රෝහණ විජේවීර සහෝදරයා සමග කිට්ටු සම්බන්ධතාවක් ඇති වීමට හේ...

කුපාඩි කමෙන් ප්‍රසිද්ධ වෙන හැටි කියවෙන රාජපක්ෂ තියරිය

Image
  මාධ්‍යවේදී තිස්ස කොරතොට විසින් උදයංග වීරතුංඟ හා කළ සාකච්ඡාවක් ටිරාන් අලස්ගේ මව්බිම පුවත්පතේ පල කර තිබේ.උදයංග වීරතුංඟ මහින්ද රාජපක්ෂගේ මවගේ නැඟෙණියගේ පුත්‍රයාය. මෙහිදී මාධ්‍යවෙිදී තිස්ස කොරතොට ඇසූ ප්‍රශ්ණයකට උදයංග වීරතුංඟ පිළිතුරු දී ඇත්තේ මෙසේය. " මෙයා මට කියනව මල්ලි උඹ එක්කෝ ඉගෙන ගෙන ප්‍රසිද්ධ වෙයන්.නැතිනම් ක්‍රීඩා කරල ප්‍රසිද්ධ වෙයන්.එහෙමත් බැරි නම් මොන කුපාඩිකමක් කරල හරි  ප්‍රසිද්⁣ධ වෙයන් .." උදයංග වීරතුංඟ මෙහිදී මෙයා යනුවෙන් හඳුන්වා දී ඇත්තේ තම ඥාති සොහොයුරු මහින්ද රාජපක්ෂය. මේ අනාවරණයෙන් හෙළි වන්නේ මහින්ද රාජපක්ෂගේ ඇතුළාන්තයයි. මහින්ද රාජපක්ෂගේ දරුවන් තිදෙනාද ඒ උපදේශය අනුව ක්‍රියා කර ඇති බව නම් පැහැදිලිව පෙනෙන්ට තිබේ.යෝෂිතද නාමල්ද චිචීද ඉගෙන ගත්හ.එහෙත් ඉන් ප්‍රසිද්ධියක් ලබා ගන්නට නොහැකි විය.ඔවුන් ක්‍රීඩා කළහ.එයද සාර්ථක නොවීය.එහෙත් මෙි තිදෙනාම කුපාඩිකම් වලින් නම් මෙරට ප්‍රසිද්ධ වූ බව කවුරු කවුරුත් දන්නා ඇත්තය. අප්පා ද එහෙමය.අප්පා කළ දේ පුතා කරන්නේ නැති නම් නොන්ඩිගෙ පුතා වෙන බවට කියා ඇත්තේ කට කහනවාට නොවේ.මේ පුතුන් තුන්දෙනා අප්පා කළ කුපාඩි කම් වලට එහා ගොස් ඒ ...

සිංහල බෞද්ධ සංචාරකයන්ට හිතේ කහටක් නැතුව නවාතැන් ගන්නට හැකි හෝටලයක් අස්ගිරිය පන්සලේ විවෘත කෙරේ

Image
  මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ වන්දනාවට ලක් වෙන යතිවරයානන් වහන්සේලා පිළිබඳව නවමු ආකාරයෙන් සිතන්න⁣ට සිදුවන අපූරු ආදර්ශයක් අස්ගිරි පාර්ශවයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥාණරත්න හිමියන් විසින් සපයා දී තිබේ. වරකාගොඩ ඥාණරතන හිමියන් මේ ආදර්ශය සපයා ඇත්තේ බොහෝ භික්ෂූන් වහන්සේලා මුදල් ඉපයීම සදහා විවිධ ආකාරයට බෞද්ධ දර්ශනය අලෙවි කරන බවට සමාජය වෙතින් චෝදනා කෙරෙන ව⁣ටපිටාවකය.පසුගියදා අපවත් වූ අනුරාධපුර අටමස්ථානධිපති සතුව පැවැති නිශ්චල හා චංචල දේපොල වල වටිනාකම කෝටි 50 ඉක්මවන බව අධිකරණයේ පැවැති නඩුවකදී අනාවරණය විය.මෙම දේපොල වලින් කොටසක් අටමස්ථානාධිපති නායක හිමියන් විසින් සිය අනියම් බිරිඳගේ දියණියට නෛතිකව ලියකියවිලි මගින් පවරා දී තිබූ බවද එම නඩු විභාගයේදී අනාවරණය විය. අස්ගිරි පාර්ශවයේ මහා නායක වරක ගොඩ ඥානරතන හිමි අස්ගිරිය පන්සල අසල මී⁣ට ටික කාලයකට පෙර බෞද්ධ වන්දනාකරුවන් සඳහා ඉඳි කරන ලද අස්ගිරි විශ්‍රාම ශාලාව බී.පී.ආර්.අස්ගිරිය රෙස්ටි නමින් තරු තුනේ හෝටලයක් බවට නවීකරණය කර තිබේ.එම තරු තුනේ හෝටලය ඇරඹීමෙන් වරකාගොඩ ඥාණරතන දක්ෂ ව්‍යාපාරිකයකු බව සමාජයට පෙන්වා දෙන බව අපගේ විශ්වාසයයි. මෙම අස්ගිර...

ප්‍රහාරයක් ද ? ඝාතනයක් ද ? - එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් නැරඹිය හැකිය

Image
    මහාචාර්ය රොහාන් ගුණරත්න වෙිදිකාවට ආවෙිය.ඒ  පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු ඉංග්‍රීසියෙන් ලියන ලද ග්‍රන්ථය එළි දැක්වීමටය.එම ග්‍රන්ථයේ දොරට වැඩුමට  ⁣ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් රොත්තක්ද නීතිපතිවරයාද ආරක්ෂක අංශ වල ප්‍රධානීන් ගනනාවක්ද සහභාගි වී සිටියහ. රොහාන් ගුණරත්නගේ ග්‍රන්ථයෙහි අන්තර්ගතය තුළ ඇත්තේ ⁣පාස්කු බොම්බ ප්‍රහාරය ඉස්ලාමි ආගමික අන්තවාදීන් විසින් සිඳු කරන ලද්දක් බවය.පාස්කු ප්‍රහාරය තුළ පවතින අබිරහස් කළු කුහරය වසා දැමීමට මොහු බරපතල උත්සාහයක නිරතව සිටින්නෙකි.මෙම ග්‍රන්ථය ලියවෙන්නේද ඒ සඳහාය.කාදිනල් උන්වහන්සේ ඇතුළු කතෝලික පියතුමන්ලාද මෙරට මාධ්‍යවේදීන් ගණනනාවක්ද පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය මන්ත්‍රීවරුන් පිරිසක්ද  දිගින් දිගටම  විවිධ කෝන වලින් පාස්කු ප්‍රහාරය පිළිබඳව පවතින අබිරහස් සැක සංකා සහිත සිද්ධීන් විවේචනය කරමින් රජයෙන් ඉල්ලා සිටින්නේ ඒ ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන ලෙසය.       එහෙත් හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන එය වසන් කළ ආකාරයටම ජනපති රනිල් රාජපක්ෂද පාස්කු ප්‍රහාරය ගැන කිසිදු උනන්දුවක් නොදක්වයි. මිල්ටෙරි නන...