ආණ්ඩුවේ රෙදි ගැලවෙන ඇමති මනූෂගේ කයිවාරු කෙරුවාව

මේ රටේ සංවර්ධන ව්‍යාපෘති කඩා කප්පල් කරන්නට පිටරටින් සල්ලි අරගෙන කම්හල් වලින් අල්ලස් අරගෙන තමා පහුගිය දවස්වල එක මිටට අර මිටට කියල වියදම් කෙරුවේ යැයි ප්‍රකාශ කරමින් ඇමති මනූෂ නානායක්කාර මැයි රැළියේදී චෝදනා කරන කරන ලද්දේ ජාතික ජන බලවේගයේ නායකයන් හටය. ඇමති පට්ටම ලබා ගැනීමට පෙර විපක්ෂයේ සමගි ජන බලවේගයට වී විරව පට්ටම් ගහගෙන කුල්ල කුජීත වී සිටි මනූෂ නානායක්කාර අද වන විට සුපිරි ධනපතියෙකි.මොහු අමාත්‍ය පදවියක් ලබා ගැනීම සඳහා දේශපාලන පොර පිටියේ ගැසූ තුරුම්බුව වූයේ පාස්කු දින සිදුවූ බෝම්බ ප්‍රහාරයයි.එම බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින්නකු ලෙස රඟ පෑ මේ තක්කඩියා තමන්ගේ දේශපාලන වෘත්තිමය වටිනාකම ඉන් ඉහළ දමා ගත්තේය.මොහුගේ අනෙක් සගයා වූයේ හරීන් ප්‍රනාන්දුය.හරීන් ප්‍රනාන්දු කතෝලිකයෙකි.නොම්මර එකේ කුඩ්ඩෙකි.මොවුන් දෙදෙනා විපක්ෂය පවා දී ආණ්ඩුවට පැන ගත්තේ තමන්ගේ ජීවිත ගොඩ දා ගැනීමට මිස වෙන කාරණයකට නොවේ.මනූෂ නානායක්කාර මේ වන විට උපයා ගෙන ඇති දේපොල ගැන සොයා බලන විට එය තහවුරු කර ගත හැකිය.මේ වන විටත් තරුණ තරුණියන්ට විදේශීය රැකියා අවස්ථා ලබා දෙන බවට පොරොන්දු දෙමි...