Posts

සලේ ගේ කැත ගේම් ජාජබ අණ්ඩුවට ෂොට් එක දේවිද

Image
    මෙරට සමාජය තුළ නැවත අනාරක්ෂිත බවක් මතු කිරීමේ මෙහෙයුමක් යටි බිම් ගත රාජ්‍ය සාහසිකයන් විසින් මුදා හැර ඇති බව විදේශීය ඔත්තු සේවා නිළධාරියකු ලංකා දවසට අනාවරණය කරන ලදී.එහිදී ඉදිරි මාස හය තුළදී මෙරට සමාජය කම්පනයට පත් කරවන ආකාරයට විශාල පිපුරුමක් ඇති කර මහා මිනිස් ඝාතනයක් සිදු කිරීම මේ සාහසිකයන්ගේ සැළසුම වී තිබේ.ඉන් අනතුරුව ජනපති අනුර කුමාර දිසානයක මෙරට ජාතික ආරක්ෂාව බිඳ දමා ඇති බවට චෝදනා කරමින් ජාජබ ආණ්ඩුව බිඳ වැට්ටවීම ඊළඟ පියවර වේ. එම විදේශීය ඔත්තු සේවා නිළධාරියා ප්‍රකාශ කළ ආකාරයට අද (29)දින චාවකච්චේරි අධිකරණය තුළ බෝම්බ ඇතැයි දුරකථන පනිවුඩය ලබා දෙන ලද්දේ ඉනය භාරතී නම් තැනැත්තෙකි.මේ තැනැත්තා පිල්ලෙයාන් හා කරුණා අම්මාන් ගේ මුල්‍යමය කළමණාකරු ලෙස කටයුතු කළ අයෙකි.මඩකලපුව අධිකරණයේ බෝම්බ ඇති බවට දුරකථන පණිවුඩය ලබා දී ඇත්තේ කුමරන් සර්වනාදන් නැමැත්තෙකි.මේ තැනැත්තා යාපනය දිස්ත්‍රික්කයට රනිල් වික්‍රමසිංහගේ ගෑස් සිලින්ඩරයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයෙකි. අරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වූ  පුද්ගලයා ආවා කල්ලියට සම්බන්ධව සිටි යාපනය චුන්නාගම් ...

විදුරයි ඉදලයි අතර තියෙන්නෙ පරණ යාළුකමක්

Image
  කළුතර දිස්ත්‍රික්කයේ හිටපු පොදු ජන පෙරමුණු මන්ත්‍රී විදුර වික්‍රමනායක ඉදලකින් පාර අතුගාන ඡායාරූපයක් අන්තර්ජාලයේ දකින්නට තියෙනවා .මේ ඡායාරූපය සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශවය පවසන්නේ දේශපාලන රැස්වීමකදී  සිය පාක්ෂිකයන් විසින් පුළුස්සා දමා තිබූ රතිඤ්ඤා වලින් පාර පුරා විසිරී තිබුණ කඩදාසි ඔහු විසින් අතු ගා ඉවත් කළ බවය.මේ ක්‍රියාව ඔහු ගේ සාමාන්‍ය සිරිතක් බවද එහිදී වැඩිදුරටත් හෙළි කර තිබුණා. මේ කතාව පාර අතු ගා දැමීම ගැන විදුර වික්‍රමනායක හා සම්බන්ධ කතාවක්.⁣එය පැවසුවේ ඔහුගේ සමීපතම මිත්‍රයකු වූ පත්තරකාරයෙක්.ඒ කතාව ඉතා පැරණියි. "......මමයි විදුරයි උදේ වරුවක උගේ දේශපාලන ඔෆිස් එකේ දවසක්ද ඉන්න  කොට නගර සභාවෙ පාර අතු ගාන ගෑණු මනුස්සය ඒ  ඔෆිස් එක ඉස්සර අතු ගාන්න ආවා.මේ දවස්වල විදුරයගෙ තාත්ත ඒ දවස්වල ආණ්ඩුවෙ ප්‍රබල ඇමතිවරයෙක්.හැබැයි විදුරය තාත්ත එක්ක අමනාපයි.ඌ දේශපාලනය කෙරුවෙ තාත්තට විරුද්ධව.අර පාර අතු ගාන ගෑණි දැක්ක විතරයි විදුරය ආවේස වුනා.ඌ මට කිව්ව උඹ පලයන් දැන් මට වැඩක් තියෙනවා කියල.මම මෑන් ගැන හොදට දන්න නිසා ඒ වැඩේ මොකද්ද කියල ම⁣ට තේරුණා.හා... එහෙනම් මං යනවා කියාගෙන ...

මේ ගැනත් හිතන්න විජිත හේරත් සහෝදරයා

Image
  ජාජබ ආණ්ඩුවේ ජනපති අනුර කුමාර දිසානායක සාහා්දරයා හොරු අල්ලනු ඇතැයි විශ්වාසය මෙරට ජනතාව තුළ තවමත් තිබෙි.එහෙත් හොරු තව ටික දවසකදී ආණ්ඩුව අල්ලාගනු ඇතැයි බියක් අපට පවතී.අපි ජනපති සහෝදරයාට බොක්කෙන්ම ආදරේය. බිය ඇති වන්නේ ඒ ආදරය නිසාමය.දැන් ⁣දේශපාලන හොරුන් හැසිරෙමින් ඉන්නේ ගැරඬින්ට බූමිතෙල් වදින ගානටය.අප මෙහිදී හොරුන් යනුවෙන් සඳහන් කෙරුවාට ඒ කුලකය අස්සේ සාහසික මිනිස් ඝාතකයන්  ජාවාරම්කාරයන් ආදී විවිධ පෝරිසාද  ක්‍රියාකාරකම් සහිත කාඩයන් සිටී. අපි ලියන කියන විදියට ආණ්ඩු කරන්නත් බැරි බව අපට හොඳ වැටහීමක්ද තිබේ.අනුර සහෝදරයා ජනපති වී ගෙවී ගොස් ඇත්තේ පෝය දෙකකි.මේ පෝය දෙක තුළ සිදු කරන ලද පින්කම් හොඳටම සෑහෙන බව තක්සේරු කළ හැක්කේ අවුරුදු හැත්තෑ හයක් මේ රට  පාලනය කළ හාමු කළ කී දෑ සිහියට හා පෙනෙන්ට තියෙන බැවිනි. ඇමතිවරු ,නියෝජ්‍ය ඇමතිවරු ,රාජ්‍ය ඇමතිවරු ,අධීක්ෂණ මන්ත්‍රීවරු කූ⁣ට්ටම් දෙක තුනක් පාලනය කළ රට දැන් පාලනය වන්නේ තුන්දෙනෙකුගෙනි.  ලයිට් තොරන් ගසා ගෙන හු කියාගෙන  ට්‍රැෆික් අස්සේ එහෙන් මෙහෙන් දමාගෙන රෙන්න බර හැදුනාම කක්කුස්සිය⁣ට හදිසියේ දුවන විදියට මහ පාරේ එහ...

අරුගම්බේ සැළසුම ජාජබ ආණ්ඩුව කම්බස් කිරීමේ මෙහෙයුමක්ද

Image
  අරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂක තත්වය පිළිබඳව ඇමරිකාව හදිසියේ ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන බොහෝ දේශපාලන විචාරකයන්ගේ අවධානය යොමු වී තිබේ.ඇමරිකාව එවැනි බරපතල ප්‍රකාශයක් නිකුත් කරන්නේ ⁣ජාජබ ආණ්ඩුව ආරුගම්බේ ප්‍රදේශයට එල්ලවන ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරු වලට අනුව  සියළු ආරක්ෂක විධි විධානයන් ලැබී තිබියදීය.මෙය අපගේ වි⁣ශේෂ අවධානයට ගත යුතු කාරණයකි. ආරුගම්බේ ප්‍රහාරය සිදුවන බවට බුද්ධි තොරතුරු ඇමරිකාවට ලැබුණේ නම් එම තොරතුරු ගැන මෙරට ආණ්ඩුව හෝ ආරක්ෂක අංශ දැනුවත් කිරීමකින් තොරව කඩි කුලප්පු නිවේදනයක් නිකුත් කිරීම හෙළා දැකිය යුතුය.එහිදී ඇමරිකාව භූ දේශපාලන සූදුවේ පළමු තුරුම්බුව පිටියට විසි කර ඇති බව සක් සුදක් සේ පැහැදිලිය.රට ⁣බංකොලොත් භාවය තුළිිින් මිදීමේ අපේක්ෂාවන් සමග සංවර්ධනයේ අරුනළු වැටීමේ  ඇරඹුමත් සමගම සංචාරක ව්‍යාපාරයද හිස ඔසවමින් තිබුණ වටපිටාව තූළ  ඇමරිකාව සිදු කළ මේ ක්ෂණික මැදිහත්වීම අතිශය නරක භූ දේශපාලනික අත පෙවීමකි.ඇමරිකාව නිකුත් කරන ලද නිවේදනයේ යටි පෙළ තුළ සඳහන්ව ඇත්තේ ජාජබ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව සැකය හා අවිශ්වාසයයි.ජාජබ ආණ්ඩුව චීන ...

ජාජබ ආණ්ඩුව අවදානමේ

Image
  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡාවක් තබා අනාවරණය කරන ලද ජනපති කමිටු වාර්තා දෙක ඔහු අතට පත් කරන ලද්දේ හිටපු නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් ⁣ගේ සම්බන්ධීකරණයෙන් බව බුද්ධි අංශ නිළධාරියෙක් ලංකා දවසට පැවසීය.මේ බුද්ධි තොරතුර සත්‍ය බවට විපක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙක්ද ලංකා දවසට තහවුරු කර සි⁣ටියේය. මෙි කමිටු වාර්තා ලබා ගැනීමෙන් පසුව අමාත්‍යය ටිරාන් අලස් ,උදය ගම්මන්පිල හා සාගල රත්නායක අතර මේ සම්බන්ධයෙන් රහස් සාකච්ඡාවක්දපැවැති බව අනාවරණය වේ.එහිදී අදාල පාර්ශවයන් උදය ගම්මන්පිලට එම වාර්තා සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන උපදෙස් සපයා ඇති අතර ඒ කමිටු වාර්තා ගණුදෙනුව හි⁣ටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ දැනුවත් බව තුළ සිඳු කරන කාර්යයක් බවටද පවසා තිබේ. ජාතික ජන බලවේග ආණ්ඩුවට එරෙහිව පෙනී සිටින්නන් බොහොමයක් ඉන්නේ ජාජබයේ මිතුරන් වේශයෙනි.සතුරා හෝ මිතුරා කවුද නිසි විනිශ්චයකින් තොරව ජාජබ ආණ්ඩුවට ඉදිරියට යන්නට සිදු විය හැක්කේ සතුරාගේ විවිධ කූඨ කුමන්ත්‍රණ වලට මුහුණ දෙමිනි. ඇමරිකාව හා ඉන්දියාව ජාජබ ආණ්ඩුව පිළිබඳව සිටින්නේ සැකයෙනි.ඒ ජාජබය මාක්ස්වාදී දේශපාලන භාවිතයට අනුගතව චී...

ජනපතිතුමණි මේ පිස්සු බල්ලා බැඳ දමනු

Image
  මෙරට යටි බිමි රාජ්‍යයේ සාහසික කල්ලිය මේ වන විට ක්‍රියාත්මක වන්නේ හිටපු අමාත්‍ය ටිරාන් අලස් අයියා හරහාය.දැන් ඔවුන්ගේ වීරයා ටිරාන් අයියාය.ආණ්ඩුවට ඒ ගැන බුද්ධි තොරතුරු ලැබී ති⁣බේදැයි අපි නොදනිමු. ටිරාන් අලස් යනු ද්විත්ව ක්‍රියාකාරකම් වලින් යුතු පාදඩ තක්කඩියෙකි. අපට මේ වන විට ලැබී ඇති තොරතුරු වලට අනුව ජාජබ ආණ්ඩුව කැඩීම සඳහා මුදල් පොම්ප කරන්නේ එල්ටීටී එමිල් කාන්තන්ය.එමිල් කාන්තන් හා ටිරාන් අයියා බඩ බැඳ ගත් අඹ යාළුවන්ය.ඒ යාළු කමේ ඉතිහාසය ගැන අමුතු වෙන් අටුවා ටිකා ටිප්පණී ලියන්නට අවශ්‍ය නැත.මහින්ද රාජපක්ෂ මෙරට ජනපතිවරණය⁣ට තරග කරද්දී සිය ජයග්‍රහණය සඳහා එල්ටීටියට කප්පම් මුදල් දීම සම්බන්ධීකරණය කෙරුවේ එමිල් කාන්තන්ය.ඒ ටිරාන් අලස් හරහාය.ඒ බව ටිරාන් අලස් ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ.එ⁣හෙම බලද්දී ටිරාන් අලස් යනු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ රාජද්‍රෝහියෙකි. ජනපති රනිල් වික්‍රමසිංහ නීතිය හා සාමය ඇමති කම ටිරාන් අලස් හට දුන්නේ යටිබිම්ගත රාජ්‍යයේ සැඟවුන නිල සාහසිකයන් හා ඔහු අතර පවතින ගජ මිතුරු සම්බන්ධතාව ගැන දැනුවත්වමය.වික්‍රමසිංහ ජනපතිවරයා  සිය බලය ආරක්ෂා කර ගැනීම සඳහා ටි...

යක්ෂයාගේ හෝරාව එළඹෙමින් තිබෙි

Image
  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ කටයුතු ඇරඹීමත් පිළිබඳව එම පොලිස් පරීක්ෂණයේ වගකීම හිටපු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ⁣හට බාර දීමත් එම ප්‍රහාරයට සම්බන්ධ වූ බවට සැක කරන අයවළුන්ගේ තැති ගැන්මට හා කම්පනය⁣⁣ට හේතු  වෙමින් පවතින බව දැන් පැහැදිලිව⁣ පෙනෙන්නට තිබේ.සහරාන්ලා සිය ආගමික මති මතාන්තර වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට සැළසුම් සකස් කරන විට ඔවුන් සිය දේශපාලනික අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා බිලි බෝයිස්ලා කර ගත් යටිබිම් ගත රාජ්‍ය අපරාධ කල්ලියක රහසිගත ක්‍රියාත්මක වීමේ අවසන් ප්‍රතිඵළය වූයේ පාස්කු ප්‍රහාරයයි. ජාතික ජන බලවේගය බලය⁣ට පත් වීමත් සමගම යටිබිමි ගත රාජ්‍ය අපරාධ කල්ලිය විවිධාකාර හැඩයෙන් සමාජය බිය වැද්දීම සදහා සාහසික උපාය උපක්‍රම මුදා හැරීමට ඉඩ ඇති බව අප අනාවරණය කෙරුවේ ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා බලය⁣ට පත් වීමත් සමගය.රාජ්‍ය බුද්ධි සේවාව පොලීසිය හා හමුදා බුද්ධි සේවාව ආදී මර්මස්ථාන නියෝජනය කරන ඉහල ඇවරියේ ඇතැම් නිළධාරීන් වහා වෙනස් කළ යුතු බව අප සඳහන් කෙරුවෙමු. මෙරට සිඳුවූ බොහෝ දේශපාලන අපරාධ වලට සෘජුවම වගකිව යුතු අයවළුන් තවමත් මේ ඒකකයන් තුළ රාජකාරි කරමි...