Posts

අජන්ත රුද්‍ර⁣ගුගේ පුත්‍රයා කුඩු සමග අත් අඩංගුවට

Image
  සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රි⁣ගු ගේ පුත්‍රයා හොරොයින් සමග විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (10) අත් අඩංගුවට  ගෙන ඇති බව වාර්තා වේ. සහකාර පොලිස් අධිකාරී අජන්ත රොද්‍රිගු පසු ගිය ආණ්ඩු සමයේ මෙරට පැවැති මහජන විරෝධතාවලදී විරෝධතා කරුවන්ට මෙලේච්ඡ ආකාරයෙන් පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලද පොලිස් නීළධාරියෙකි.2023 වසරේ ජුලි මාසයේදී කලු ජූලිය සිහිපත් කිරීම සඳහා කොළඹ පැවති මහජන උද්ඝොෂණයක⁣ට මෙම පොලිස් නිළධාරියා පහර දීම නිසා විශාල පිරිසකට තුවාල සිඳුවිය.එහිදී සන්ධ්‍යා එක්නැලිගොඩද තුවාල ලැබුවාය. ජාජබ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව අජන්ත රොද්‍රිගු මහජන සාමය අමාත්‍යංශයේ මහජන සාමය කළමණාකරන කොට්ඨාශයේ  වැඩ බලන අධ්‍යක්ෂවරයා ලෙස පත් කෙරුවද එම පත්කිරීමට එරෙහිව නැගුන බරපතල මහජන විරෝධය නිසා ඔහු එම තනතුරෙන් ඉවත් කෙරිණි.

ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහිව විශ්වාස භංඟයක්

Image
  කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් ආරක්ෂක  නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහිව විශ්වාස භංගයක් ඉදිරිපත් කර තිබේ.ඔහු විසින් ඉදිරිපත් කරන මෙම විශ්වාස භංග යෝජනාව ලබන සඳුදා පාර්ලිමේන්තු සභාවාරයේදී කතානායකවරයාට බාර දීමට නියමිතය.එම විශ්වාස භංග යෝජනාව මෙසේය ගරු කථානායක තුමා, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, විශ්වාස භංග යෝජනාව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වන චර්යා ධර්ම සංග්‍රහය- ¡¡¡ වන කොටස 06 වන වගන්තිය. මන්ත්‍රීවරුන් සෑම අවස්ථාවකදීම ඔවුන් වෙත තබා ඇති මහජන විශ්වාසයට අනුව ක්‍රියා කළ යුතු අතර,සෑම විටම යම් පොදු සම්පත් භාවිතයද ,ඇතුළු ඔවුන්ගේ හැසිරීම අවංක භාවයකින් ඒකග්‍රතාවකින් විය යුතුය. යනුවෙන් සදහන් කර ඇතත් එය කඩ කර ඇති හෙයින්ද,. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා වන චර්යා ධර්ම සංග්‍රහයේ V වන කොටසේ 09 වගන්තියේ චර්යා රීති වල සදහන්,  (අ) හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම (ඇ) ජනතාවගේ විශ්වාසය හා ගෞරවයට යෝග්‍ය වන පරිදි කටයුතු කිරීම (ඉ)තමන් වගකිව යුතු චර්යාව සහ කාර්ය භාරයන් සම්බන්දයෙන් වග කිව යුතු වීම. යන චර්යා රීති උල්ලංඝනය කර ඇති බව බැල...

හිටපු මහ අැමති මහීපාල ඩීසල් ලීටර් ගණන් බීලා

Image
  පසුගිය කාලයේ සබරගමුව පලාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද මහීපාල හේරත් 2014 හා 2017 වර්ෂවලට අදාලව ඔහු යටතේ පැවැති අමාත්‍යංශවලින් ඉන්ධන ලී⁣ටර් 3000ක් ලබා ගෙන ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී ඇත. ඒ අනුව හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මසකට හිමිවන ඉන්ධන ලී⁣ටර් 1700 ඉක්මවා යමින් ඉන්ධන ලීටර් 4700ක් භාවිතා කර ඇති බවද මෙහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ  

රතනං පනීතං අතුරුදන්

Image
  අපේ ජන බල පක්ෂයේ මහ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැර ගෙන ගොස් උන්වහන්සේ පැහැර ගෙන ගොස් බිය ගන්වා 2020 වර්ෂයේදී එම පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීම සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමියන් අත් අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයේ  නිළධාරීන් උන්වහන්සේ වැඩ වාසය කරන රාජගිරියේ සඳහම් සෙවන වෙත ගොස් ඇති බව වාර්තා වේ. එහෙත් මේ වන විට සිය ජංගම දුරකථනය අක්‍රිය කරමින් අතුරලියේ රතන හිමියන් සැඟවී ඇතැයි දැන ගැන්මට තිබේ. වේදිනිගම විමලතිස්ස හිමියන්ගේ පැමිණිල්ල පරිදි සේවයෙන් නෙරපා සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් ප්‍රශ්ණ කිරීමට නියමිතය.මේ වන විට එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.ඉන් එක සැකකරුවකු කටුවන නන්දසීල නමින් පැවිදිව සිට උපැවිදි වූ අයෙක් බවද හෙළිවී තිබෙි.අත් අඩංගුවට ගන්නා ලද එම සැකකරුවන්ගේ දුරකථන ඇමතුම් පරීක්ෂාවේදී අදාල පැහැර ගැනීම සිදු වූ කාලසීමාවේදී රතන හිමියන් අසාමාන්‍ය ආකාරයට මේ සැකකරුවන් සමග සම්බන්ධතා පවත්වා ඇති බවද පොලීසිය⁣ හෙළි කර ගෙන ඇත. වේදිනිගම විමලතිස්ස හිමියන් ලේකම් ධුරය දරන අපේ ජන බල පක්ෂයේ සභාපති ස...

මහේස්ත්‍රාත්වරුන් පස් දෙනෙකුගේ වැඩ තහනම්

Image
  අද දින (06)අධිකරණ සේවා කොමිසම මගින් මහේස්ත්‍රාත්වරුන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවට වාර්තාවේ. මොරටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ, මහියංඟනය අතිරේක මහේස්ත්‍රාත් රංඟනී ගමගේ හා පරිවාස කාලය අවසන් නොකරන ලද මහෙස්ත්‍රාත්වරුන් 03 ක් ඒ අතර වේ.අධිකරණ සේවා කොමිසම වෙත මෙම ⁣මහේස්ත්‍රාත්වරුන් පිළිබඳව ලැබී තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු අරඹා ඇතැයිද අනාවරණය වේ. අධිකරණ සේවා කොමිසමේ සභාපතිවරයා වශයෙන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනද ලේකම් වරයා වශයෙන් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් හා සාමාජික මහින්ද  සමයවර්ධනද කටයතු කරනු ලබයි.මේ වන විට අධිකරණ කොමිසන් සභා නියෝජනයේ එක් සාමාජිකයෙක් ගේ අඩුවක් පවතී. යුක්තිය පසිඳලීම සඳහා අවශ්‍ය කෙරෙන යටි තල පහසුකම් සැලසීමද විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම හා අධිකරණ කාර්ය මණ්ඩල වල හරියාකාරව මානව සම්පත් කළමණාකරනය පවත්වා ගැනීම යන මේවා මගින් සෑම පුරවැසියෙකුටම නීතියේ රැකවරණය කඩිනමින් හා එක සමාන ආකා⁣රයෙන් ලබා දෙන බවට  සහතික වීම මගින් ජාතියේ සංවර්ධනය වේගවවත් කිරීම අධිකරණ සේවා කොමිසමේ මෙහෙවර ලෙස සඳහන්ව  තිබේ. වැඩ තහනම් කරන ලද මොරටුව ⁣ම...

ශෂීන්ද්‍ර රාජපක්ෂ අත් අඩංගුවට ගනී

Image
  හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අද අත් අඩංගුවට ගන්නා ලද බව වාර්තා⁣ වේ. පසුගිය අරගල සමයේදී සිදු වූ නිවාස හානි සදහා ලබා ගත් වන්දි මුදල් වංචනිකව ලබා ගෙන ඇතැයි පැවසෙන චෝදනාවකට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත් අඩංගවට ගත් බව අල්ලස් හෝ දූෂණ කොමිෂමෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් පැවසේ. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සමයේදී සෙවනගල ප්‍රදේශයේ ඒකනායක නැමැත්තකුගේ නිවසක කාර්යාලයක් පවත්වා ගෙන ගොස් ඇති අතර අරගලය අවස්ථාවේ එම කාර්යාලය ගිණි තබා තිබේ.පසුගියදා එම නිවස අයිති ඒකනායක නැමැත්තා අල්ලස් හෝ දූෂණ කොමිෂමට කැඳවා ප්‍රශ්ණ කළ බවද සඳහන් වේ.ගිණි තබා විනාශ කරන ලද එම නිවසට හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් වන්දි ලබා ලබා ගත්තේ යැයි පැවසෙන චෝදනාවට ඔහු අත් අඩංගුවට ගන්නා ලද බවද වැඩිදුරටත් වාර්තා⁣ වේ.

දේශබන්දු නාටකය මෙසේ අවසන් විය

Image
2002 අංක 05 දරණ නිළධරයන් ඉවත් කිරීමේ (කාර්ය පරිපාටිය පනතේ) 17 වන වගන්තිය ප්‍රකාරව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම පිණිස ඉදිරිපත් කර තිබූ යෝජනා සම්මතය අද (05)පාර්ලිමේන්තුවේදී බහුතර ඡන්දයෙන් සම්මත විය.මෙහිදී යෝජනාවට විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයකු ඡන්දය ලබා නොදුන් අතර එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටිය බව වාර්තා වේ.මේ යෝජනාව සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේදී නොපැමිණි මන්ත්‍රීවරයන්ද ඇතුළුව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් එනම් 177ක් යෝජනාවට පක්ෂව භාවිතා කරනලද අතර ඒ අනුව අදාල යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත විය. මෙම යෝජනාව ඇතුළත් ඉල්ලීම මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කථානායක වරයා වෙත බාරදුන්නේ පසුගිය මාර්තු මාසයේදීය.එම යෝජනාව 2025 අප්‍රේල් මස 08 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇතැයි පැවසෙන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල ආකාරයෙන් අනිසි ලෙස යොදා ගැනීම පිළිබඳව විමර්ශනය වාර්තා කිරීමට පරීක්ෂණ කමිටුවක් පත් කෙරිණි.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී.සූරසේන ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද මේ කමිටුවට විනි...