යුද්ධ හමුදාවේ ගරුත්වය සහ විශ්‍රාමික නිලධාරීන්ගේ වගකීම: මීගවආරච්චිගේ තප්පුලෑම පිළිබඳ විමසුමක්
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යනු දශක තුනක දරුණුතම ත්‍රස්තවාදය පරාජය කරමින් මව්බිමේ ඒකීයභාවය සුරක්ෂිත කළ, දැඩි විනයකින් හෙබි ආයතනයකි. එවැනි ආයතනයක නිලධාරියෙකු ලෙස කටයුතු කිරීම ගෞරවයකි. නිසි පුහුණුවක් සහ විනයක් සහිතව සේවය කර විශ්‍රාම ගන්නා යුද්ධ හමුදා නිලධාරියා යුද්ධ හමුදාවට දිවි ඇති තෙක් ආදරය කරන්නෙකි. එවැනි යුද්ධ හමුදා නිලධාරීන් ඕනෑතරම් සිටිති. එහෙත්, ලුතිතන් කර්නල් නිලයේ සිටියදී විවිධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා මත සේවයෙන් විශ්‍රාම ගැන්වූ රවීන්ද්‍ර මීගමආරච්චි වැනි පුද්ගලයින්ගේ වර්තමාන හැසිරීම එම ගෞරවනීය නිල ඇඳුමට මෙන්ම සමස්ත හමුදා සංස්කෘතියටම නිගාවකි . තමන් සේවය කළ ආයතනය තුළ දූෂණ චෝදනාවලට ලක්වී, නිසි ක්‍රියාපටිපාටියක් යටතේ විශ්‍රාම ගැන්වූ පසු, එම ආයතනයටම එරෙහිව මඩ ප්‍රහාර දියත් කිරීම පටු මානසිකත්වයක ලක්ෂණයකි. රවින්ද්‍ර මීගමආරච්චි විසින් වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා හමුදාපතිවරයාට සහ හමුදාවේ ඉහළ පාලනාධිකාරියට එල්ල කරන චෝදනා කිසිදු සාක්ෂියක් නොමැති අභූත ප්‍රකාශ බව පෙනී යයි. පෞද්ගලිකව තමන් පත්වූ අපහසුතාවයන් සහ තමන්ගේ වැරදි වසා ගැනීමට සමස්ත හමුදාවම අපකීර්තියට පත් කිරීම කිසිසේත්ම අනුමත කළ...