Posts

Showing posts from October, 2025

හෙරොයින් රජෙක් දිවි ඇති තෙක් හිරේ

Image
  ශ්‍රී ලංකාවේ නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වකු කනපති ගනේෂ් හට  ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දුන් බව වාර්තාවේ.2014 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දා ඇලකන්ද ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 39.99 ක්  සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ චෝදනා ගොනු කර තිබුණි. සැකකරුට එරෙහිව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පසුගිය 10 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම තීන්දුව ලබා දෙන අවස්ථාවේ ඇප මත මුදා හැර සිටි සැකකරු අධිකරණ මග හැර සැඟව සිටියේය.පසුව සැකකරු කොටහේන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගෙන නැවත මහාධිකරණය⁣ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වෙත ලබා දී තිබු ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම පසුගිය 17 වනදා සිට ක්‍රියාත්මක කරන ලෙස නියෝග කෙරිණි. 

තවත් පොලිස් ලොක්කෙක් මාට්ටු

Image
  පොලීසියේ ආධුනිකයන් බඳවා ගැනීමේ කොට්ඨාසයේ පාලන සහකාර පොලිස් අධිකාරීවරයා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා ලදී. 2007 වර්ෂයේදී සහකාර පොලිස් අධිකාරී විභාගය සදහා ව්‍යාජ තොරතුරු ඇතුළත් අයදුම්පත්‍රය හා ⁣කූඨ ලෙස සකස් කළ මුදල්  ගෙවීමේ කුවිතාන්සියක් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවකට  සහකාර පොලිස් අධිකාරීවරයා ⁣අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගත් බව පැවසේ සැකකාර සහකාර පොලිස් අධිකාරී වරයා කුරුණෑගල තෝරයාය පදිංචි කරුවෙකි. මොහු පොලිස් සේවාවට එක් වීමට පෙර නාමල් රාජපක්ෂ විසින් සංවිධානය කරන ලද නිල් බලකායේ ක්‍රියා කාරිකයකුව සිටි බවද අනාවරණය වී තිබේ.                                                                                   

මෙන්න හේමාල් ප්‍රශාන්ත ගැන ඇත්ත විස්තරේ

Image
  පොලීසියේ මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත එම තනතුරෙන් ඉවත් කර ස්ථාන මාර කර යැවීම ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් දැක්වීමි කියවිය හැකිය.විශේෂ⁣යෙන් මෙහිදී ජාජබ ආණ්ඩුවට චෝදනා නැගෙමින් තිබෙන්නේ දක්ෂ පොලිස් නිළධාරියකු ස්ථාන මාරු කර යැවූ බවටය.එහෙත් හේමාල් ⁣ප්‍රශාන්ත ගේ ජීවි⁣තයේ පෞද්ගලික පැටිකිරිය ගැන දැනුවත් කිසිවෙකුත් එම චෝදනා ගැන හිනහෙන්නේ පස්සා පැත්තෙනි.අප මෙි ලියන දේ ගැන තව දුරටත් තහවුරු කර ගන්නට රාජපක්ෂලා මෙරට බලය තහවුරු කර ගෙන සිටි කාලය පිළිබඳව හාරා අවුස්සා බැලිය යුතුමය. දිනය 2018 අගෝස්තු 25 වනදාය.එදින පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුව අමතා මෙසේ පැවසීය. "....චන්ද්‍රදාස නයිදුවාවඩු හා නන්දන බාල⁣ගේ යන ජවිපෙ ක්‍රියාකාරිකයන් ඝාතනය කිරීම සම්බන්ධව හා නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම හේතුවෙන් මතු වී ඇති හැම ගැටළුකාරී තත්ත්වය මේ සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.පසුගිය අඳුරු දශකය තුළ සිදුවූ දේශපාලන ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ යටපත් වී තිබීම හා නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වීම පොදු තත්ත්වයක් වී තිබුණි.එහෙත් වත්මන් ප...

ගල්කිස්ස උසාවියේදී ලෝයර් හා පොලිස් ගැටුමක් වාර්තා වේ.

Image
  ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී පසුගිය දින (10) පොලිස් කොස්තාපල් වරයකු විසින් නීතිඥවරයෙකුට පහර දුන් වාර්තා වේ. නීතිඥවරයා නඩු කටයුතු අවසන් කිරීමෙන් පසුව සිය මෝටර් රථය අධිකරණ භූමියෙන් පිටතට ගැනීමට යන අවස්ථාවේ බන්ධනාගාර බස් රථයක් අධිකරණ භූමියට ඇතුල් වී තිබේ.එම බන්ධනාගාර බස් රථයට ඉඩ සළසා නීතිඥවරයා⁣ගේ මෝටර් රථය පිටතට ගන්නා ලෙසට පොලිස් කොස්තාපල් වරයා නීතිඥවරයා උපදෙස් ලබා දී ඇතැයා පැවසේ.ඉන් අනතුරුව දෙදෙනා අතර බහින් බස් වීමක් ඇතිවී එය පහරදීමක් කරා වර්ධනය වී තිබේ. කෙසේ වෙතත් මේ වන විට අදාල පොලිස් කොස්තාපල්වරයා අත් අඩංගුවට ගෙන  එළඹෙන 13 වනදා දක්වා බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. මේ වන විටත් සාමාජ මාධ්‍ය තුළ මේ සිද්ධිය පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.මෙහිදී බොහෝ නීතිඥවරුන් සිය වෘත්තීය සගයා⁣ගේ නිදහසට කරුණු දක්වමින් සිටී.ඒ අදහස් වලට විරුද්ධව පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් චෝදනා කරන්නේ සිද්ධියට සම්බන්ධ නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ඡ්‍යෙෂ්ඨ නීතිඥවරයකු පොලිස් කොස්තාපල්වරයාට තර්ජනාත්මකව බැණ වදිමින් අයිආර්සී කාරයකු ලෙස හැසිරුණ බවටය.එහිදී එම ඡ්‍යෙෂ්ඨ නීතිඥව...

ලෝයර්ගේ කබාය ගැලවේ

Image
  නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ ⁣චෝදනාවට වැරදිකරු වූ මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයකු වූ වසන්ත විජේවර්ධන නම් නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්‍ඨාධිකරණය තීන්දු කර තිබේ. විශ්‍රාමික මේජර් ඩබ්ලිිිව්.එල්.එස්.පලිපාන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට  ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දුන් බව වාර්තා වේ.2006 හා 2007 වර්ෂවලදී පෙත්සම්කරුගේ නඩුවකට පෙනී සිටීම සඳහා වග උත්තරකාර ⁣නීතිඥවරයාට ගිවිසගන්නා ලද රුපියල් ලක්ෂයක මුදලින් පනස්දාහක මුදලක් ගෙවූ ඇති නමුත් ගිවිසගත් ආකාරයට වග උත්තරකරු තම වෘත්තීය දායකත්වය ලබා නොදුන් නිසා පෙත්සම්කරු විසින් ඔහු වෙත ලබා දුන් මුදල හා නඩුවට අදාල ලිය කියවිලි ආපසු බාර  දෙන ලෙස ඉල්ලීමක් කළද ඔහු විසින් එම ඉල්ලීම පැහැර හැරීම හේතුවෙන් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කර තිබුනි. අදාල නඩුව දීර්ඝ ලෙස විභාග කිරීමෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද ත්‍රිපුුුුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න පවසා ඇත්තේ වග උත්තකාර නීතිඥ වෘත්තියේ ගෞරවයට බරපතල හානි සිදු කර ඇති බවය.නීතිය ක්‍රියාත්මක කිරීම යනු පුද්ගලික වාසි තකා සූරා කෑමට ඇතිි වරප...

පොලිස් සැරයන් වරුන්ට අසාධාරණක් වෙලා

Image
  පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් වීම් ලබා දීමේදී 2009 වසරේදී පොලිස් සැරයන් තනතුරට පත් නිළධාරීන් දැඩි අසාධාරණයට ලක් වී ඇති බවට වාර්තා වේ. මෙලෙස දැඩි අසාධාරණයට ලක් වූ පොලිස් සැරයන් වරුන් 244 දෙනෙකු සිටින බව හෙළි වී තිබේ.මෙම පොලිස් සැරයන් වරුන් වසර 15 කට වැඩි කාලයක් එකම තනතුරක සේවය කර මුළු සේවා කාලය වසර 35 ක කාලයකින් පසුව ඉදිරි වසර දෙකක කාලයකින් පසුව කිසිම උසස්වීමක් නොලබා විශ්‍රාම යාමට නියමිතය.පසුගිය පොලිස් දිනයට සමගාමීව උසස්වීම් ලබා දීමේදී ඡ්‍යෙෂ්ඨතාව අනුව සියයට හැත්තෑවකට අනුව උසස් වීම් ලබා දෙන බව ප්‍රකාශ කෙරුවද එසේ ලබා දී ඇත්තේ සියයට තිහකට පමණය.ඒ අනුව උසස් වීම් ලද සැරයන් වරුන් 455 දෙනෙකු අතුරෙන් මියගිය හා විශ්‍රාම ගිය සැරයන් වරුන් 153 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇත. මේ අතර උප පොලිස් පරීක්ෂක තනතු⁣රේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් වීම් ලද 683 ⁣කුගේ උප පොලිස් පරීක්ෂක පුරප්පාඩු තිබියදී මෙලෙස පොලිස් සැරයන් වරුන් උසස් නොකිරීම  අසාධාරණයක් බව පැවසේ.එසේම තමන්ට සාධාරණයක් ඉටු නොකළ හොත් ඉදිරි වර්ෂයේ ජනවාරි මාසයේදී එම සැරයන් වරුන් විශ්‍රාම යාමටද තීරණය කර ඇතැයිද හෙළිවේ. 

තාජුඩීන් ඝාතනයට කජ්ජාත් හවුල් බවට සැක මතුවේ

Image
  රග්බි ක්‍රීඩක වසීම් තාජඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජිප් රථයේ අනුර විදානගමගේ නොහොත් කජ්ජා ගමන් කර ඇතැයි මෙතෙක් සිදු කරන ලද විමරශන වලින් තහවුරු වී තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර 13 ක් තිස්සේ විමර්ශනය කෙරුවද එම ඝාතනය කළ පුද්ගලයා නිශ්චිතව හඳුනාගැනීමට මෙතෙක් හැකිවී නැත. අනුර විදානගමගේ නොහොත් කජ්ජා ගේ බිරිඳ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබුණේ තාජුඩීන්ගේ රථය පසුපස ගමන් ගත් වාහනයේ තම සැමියා සිටි බවය.ඒ එම සිද්ධියට අදාල සීසීටීවී දර්ශන ඇයට පෙන්වා දෙමින් සිදු කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදීය.මෙහිදී ඇය පවසා තිබුණේ තම සැමියා හදිසි අනතුරකින් සිදුවූ ආබාධයක් හේතුවෙන් නිතරම ඉණට තබා ගෙන සිටින බවත් එම සීසීටීවී දර්ශන තුළ සිටින පුද්ගලයාද එම ඉරියව්වේ සිටින නිසා ඒ තමන්ගේ සැමියා බවට නිශ්චිතවම අඳුරාගත හැකි බවය. පසුගියදා ටෲත් ඔෆ් චමුදිත නම් යූ ටියුබ ප්‍රකාශනයේ සාකච්ඡාවකට එක්වූ අරුණ විදානගමගේ සොයුරියන්ද තම සහෝදරයා නිතරම ඉණට තබා ගෙන සිටින බව අනාවරණය කෙරුවේය. යහපාලනය අවදියේ තාජුඩීන් ඝාතනය ගැන විමර්...

එස්.බී.ජාජබ ආණ්ඩුවේ හොඳ කියයි

Image
  ජාතික ජන බලවේග ආණ්ඩුව ඉතාම හොඳින් ජාත්‍යන්තරය ජයග්‍රහණය කර ගනිමින් ඉදිරියට යමින් සිටින බව හිටපු  අමාත්‍ය එස්‍.බී.දිසානායක පැවසීය. ජපානය,චීනය,වියට්‍නාමය වැනි රටවල් තමා විශ්වාස කරන බව පැවසූ හිටපු අමාත්‍යවරයා චීන කොමියුනිස්ට් ආණ්ඩුව එම රට තුළ දියත් කළ වැඩ පිළිවෙල ආදර්ශය⁣ ගෙන ඒ හා සමානව ජාත්‍යන්තර ආයෝජකයන් අතර   විශ්‍වාසය තහවුරු කරමින් මෙරටට ආයෝජකයන් නොපමාව කැඳවා ⁣ගත යුතු බවද පෙන්වා දෙයි.ආණ්ඩුවේ ශක්තිමත් වීම තුළ මේ වන විට විපක්ෂය දුර්වල වෙමින් තිබෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මෙම තොරතුරු අනාවරණය කෙරු⁣වේ ඔහු විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදීය.