Posts

නීති ගරුක දේශයක් අපට අවශ්‍යයි - පොලිස් විශ්‍රාමික සමූහයේ මංඟල රැස්වීමේදී ජාජබයේ නායක අනුර කුමාර දිසානායක පවසයි

Image
  ජාතික ජන බලවේගයේ පොලිස් විශ්‍රාමික සමූහයේ මංඟල සභා රැස්වීම අද දින මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.පොලිස් සාමූහිකයේ කැඳවුම්කරු ලෙස ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කටයුතු කළ අතර මෙම රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වේ.විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල්ස්පතිවරුන්  පිරිසක් සමග දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් විවිධ තරාතිරමේ විශ්‍රාමික පොලිස් නිළධාරීන් හා නිළධාරිණියන් විශාල පිරිසක් මෙම රැස්වීමට සහභාගි වී සිටියහ. මෙම රැස්වීම ඇමතූ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙසේ පැවසිිය. ".....අපේ රටට නීතියේ විධානය පවතින ආධිපත්‍යයක් හිමි විය යුතුයි.මා ඔබට වගකීමෙන් පවසනවා පුද්ගලිකව මට හෝ අපේ ව්‍යාපාරයට ආරක්ෂා කරන්න දූෂිතයන් නැහැ.ආරක්ෂා කරන්න පාතාලයන් නෑ.ආරක්ෂා කරන්න කුඩු ව්‍යාපාරිකයන් නැහැ.ආරක්ෂා කරන්න ස්ත්‍රී දූෂකයන් නැහැ.ආරක්ෂා කරන්න ඝාතකයන් නැහැ.ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවට අණ පනත් වලින් ලබා දී බලය බලය මදි නම් ඒ බලය තවත් ශක්තිමත් කරමින් මේ රටේ නීතිය හා විධානය රැකීමට පොලීසියට පැවරී ඇති කාර්ය භාරය නිසි ...

මාලිමාවේ පොලිස් විශ්‍රාමික සමූහය⁣ට රැස් වූ පිරිස දැක ටිරාන් ⁣⁣හා දේශබන්දු ජෝඩුවට තරු පෙනිලා

Image
    ජාතික ජන බලවේගය සංවිධානය කළ පොලිස් විශ්‍රාමික සමූහයේ මංඟල රැස්වීම අද දින (08) මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේ ඇරඹීමත් සමගම ඒ සඳහා වූ විශ්‍රාමික පොලිස් නිළධාරීන් ගේ සහභාගිත්වය පිළිබඳව ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැඩි කලබලයට පත් වී ඇති බව එස්අයිඑස් බුද්ධි සේවා⁣ව වෙතින් අප හට දන්වා තිබේ. පොලීසියේ විශ්‍රාමිකයන් මෙතරම් පිරිසක් ජා.ජ.බ.ය වෙත එක් නොවන බවට ටිරාන් හා දේශබන්දු ජෝඩුවගේ වාර්තා අනුව ආණ්ඩුව ගණන් හදා ගෙන සිටි බවත් නමුත් අද දින මේ සඳහා සහභාගි වූ  පිරිස ආණ්ඩුව වෙත ලබා දී තිබූ එම වාර්තා වල සඳහන් ගණනට වඩා සංඛ්‍යාත්මකව අති විශාල බවද අනාවරණය වේ. පොලිස් විශ්‍රාමිකයන් බොහෝ දෙදෙනෙකු ගේ දරුවන් පොලිස් සේවා⁣වේ විවිධ තරාතිරම් වල සේවයේ නිරතව සිටින බැවින් ඔවුන් යොදවා ගනිමින් සිය දෙමාපිය විශ්‍රාමික පොලිස් නිළධාරීන් වෙත ඉදිරියේදී බලපෑම් කරවීමට වැඩ පිළිවෙලක් වහා සකස් කිරීමට  ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු හා ⁣නීතිය හා සාමය අමාත්‍යංශයේ වියානා ගුණතිලක යන අයවළුන් අද දින සාකච්ඡා කර ඇති බවද අප හට ලැබුණ එස්අයිඑස් තොරතුරු වල දැක්වේ.එහිදී ජා.ජ. බ.යේ පොලිස...

වෙන්ට හිට්ලර් ටිරාන් අලස් කල්ලිය හර්ෂද සිල්වාට මර්ණීය තර්ජන කරලා

Image
  කටුනායක ගුවන් තොටුපොළෙහි ඇතිවූ වීසා ප්‍රශ්ණය පිළිබඳව විමර්ශනය කරන පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වාට මරණීය තර්ජන එල්ල වී ඇති බව අනාවරණය වේ අද දින (6)පැවති පාර්ලිමේන්තු සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක්  හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා අනාවරණය කරන ලද්දේ කටුනායක වීසා ලබා දීම පිළිබඳව සිදු කෙරෙන විමර්ශන වලදී තම ජීවිතය ගැන පවා බියක් ඇති වී බවය.කටුනායක වීසා ගැටළුව සම්බන්ධයෙන් විමසීමට නීතිය හා සාමය බාර අමාත්‍යංශ ලේකම් වරයා කැඳවූ නමුත් ඔහු ඒ සඳහා නොපමිණි බවද ඉන් මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමාගේ,වරප්‍රසාද කඩ වී ඇති බවද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය. හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිඳු කළ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ නීතිය හා සාමය අමාත්‍යංශයේ ඇමති ටිරාන් අලස් හා එහි ලේකම් වියානා ගුණතිලක මෙරට ව්‍යවස්ථාපිත නීතිය තඹ දොයිතුවකට මායම් නොකරන වගය.ටිරාන් අලස් ඇමතිවරයා මහජන රැස්වීම් වලදී ප්‍රසිද්ධියේම තමන් හා පොලිස්පතිවරයා ක්‍රියා කරන්නේ මෙරට පවතින නීතියට යටත්ව නොවන බවට ඇඟවෙන ආකාරයට ප්‍රකාශ ගණනාවක් කර තිබේ. කටුනායක වීසා ගණුදෙන...

සජිත් සමග විවාදයට අනුර සූදානම්- ඒත් සජිත් නිහඬයි

Image
  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර හෙට (06)දින පැවැත්වීමට නියමිත විවාදයට තම පක්ෂයේ නායකයා වන අනුර කුමාර දිසානායක සහභාගිවන බව ස්වාධීන රූපවාහිනී සේවය වෙත අද සවස ලිඛිතව දැනුම් දී තිබේ. ජාතික  ජනබලවේගයේ දේශපාලන බල මණ්ඩල සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ අත්සනින් යුතු ලිපියක් මගින් ඒ බව සඳහන් කර ස්වාධීන රූපවාහිනී සේවයට දැනුම් දී ඇති බව අනාවරණය වේ.මෙම විවාදයට පහසුකම් සැළසීම සමිබන්ධව ස්වාධීන රූපවාහිනී සේවයට ස්තූති කර ඇති මේ ලිපි⁣යේ මෙම විවාදය පෙර ප්‍රකාශිත විවාදයක් බැවින් සමගි ජන බලවේගයේ නායකයා විවාදයට සහභාගි වන්නේද  යන්න  දැනුම් දෙන ලෙසටද ඉල්ලා ඇත. අප වෙත වාර්තා වී ඇති පරිදි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මෙම විවාදයට සහභාගිවන බව මෙතෙක් දන්වා නැත.එහිදී අපට වැඩිදුරටත් දැන ගැන්මට ලැබී ඇත්තේ නායකයන්⁣ දෙදෙනා අතර විවාදයක් පැවැත්වීමට දිගින් දිගටම මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙත අභියෝග කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරද මේ වන විට දැඩි නිහඬියාවකින් සිටින බවය.මෙම විවා...

ඩයනා ගමගේ ශ්‍රී ලංකා පුරවැසිකම ලබා ගනී

Image
  එදවස බියගම එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක වරයා වූ රනිල් වික්‍රමසිංහගේ පාතාල මැරයා වූයේ ගෝනවල සුනිල්ය.ගෝනවල සුනිල් ගේ විවාහයට පාර්ශවකරුවකු ලෙස විවාහ සහතිකයේ අත්සන් කෙරුවේද රනිල් වික්‍රමසිංහය.ජේආර් ජයවර්ධනගේ ආණ්ඩුව මුදා හැරි පෝරිසාද මැර හමුදාවේ ගෝනවල සුනිල් ප්‍රධාන පෙලේ සෙන්පතියකු විය.කැළණිය ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක දූෂණය කිරීමේ වරදට ගෝනවල සුනිල් හට අවුරුදු 12 ක සිර දඬුවම් ලැබුණි.ඔහු සිරගෙදර ජම්පරය ඇඳ වැඩ පාටියේ සිටියේ මාසයකටත් අඩු කාලයකි.ස්ත්‍රී දූෂණ වලට දඬුවම් ලැබී සිරගත කර සිටි සියළු අපරාධකරුවන් හ⁣ට ජේ.ආර් ජයවර්ධන ජනපතිවරයාගෙන් සමාව  ප්‍රදානය කෙරිණි.එම සමාව ඒ දිනවල  හිරකරුවන් විසින් හදුන්වන ලද්දේ ගෝනවල සුනිල් සමාව" ලෙසිනි.⁣ඒ ගෝනවල සුනිල් සමග ඒ වන විට සිර දඬුවම් විඳි ස්ත්‍රී දූෂක අපරාධ කරුවන් රාශියකට සමාව ලැබුණ නිසාය. ජේ.ආර් ජයවර්ධන ජනපතිවරයා ගෝනවල සුනිල් සමාව දීමට පෙරද ඒ සමානම සමාවක් හිරකරුවන් වෙත ප්‍රදානය කර තිබුණි.ඒ විනිමය වංචා කිරීමේ වරදට දඬුවම් ලබමින් සිටි සිය හිතවතකු වූ තාහා නම් මුසල්මානු ව්‍යාපාරිකයා නිදහස් කිරීම සදහා ජේ.ආර්.ගැසූ එම තුරුම්බුවෙන්...

යුද්ධයට එරෙහිව ශ්‍රී ලාංකික හදවතක දෝංකාරය ස්විස්ටර්ලන්තයේදී

Image
  "....යුද්⁣දයෙන් සාමය උදා කරන්නට නොහැකි බවට මා එදා සමාජය තුළ හඬ නැගුවෙමි.මගේ හෘද සාක්ෂිය යුද්ධය නිසා විනාශ වන මිනිස් ජීවිත පිළිබඳව නිරන්තරයෙන් කම්පනයට පත් විය.මා එදා දුටුවේ අප උපන් භූමියේ සිද්ධ වූ උතුරු නැගෙනහිර පැවැති යුද්ධයෙන් සිඳු වූ මහා මිනිස් සංහාරයයි.ඒ නිසාම එදවස පැවැති මිනීමරු රාජපක්ෂ ආණ්ඩුව මා ත්‍රස්තවාදියකු ලෙස හංවඩු තබා මගේ ජීවිතය විනාශ කරන්නට කුරුමානම් ඇල්ලූහ.එහෙත් මගේ ජීවිතය සිල්ලරට මේ මෙලේච්ඡ මිනිස් ඝාතකයන්ට උදුරාගැනීමට මම ඉඩ නොතැබීමි.මම රටින් පැන ආවෙමි. අප වැනි මිනිසුන්ට රැකවරණය දෙන සැබෑ මිනිසුන් ජීවත්වන රටවල් මේ ලෝකයේ තවමත් ජීවමානව පවතී.මා දැන් නිදහසේ හුස්ම ගනිමි.ඒ මේ සුන්දර රටවල මනුෂ්‍යත්වය දන්නා දෙවිවරුන් වැනි මිනිසුන් අතරේය. මෙලේච්ඡ ගෝත්‍රිකයන් මෙන් සිදු කරන අති අමානුෂික යුද්ධ වලට එරෙහිව මා තවමත් කොන්දේසි විරහිතව පෙනී සිටිමි.ගාසා වල මේ වන විට පවතින යුද්ධය මාගේ හදවත බරපතල ආකාරයෙන් කම්පා කරවමින් තිබේ. සැබෑවටම මේ වේදනාකාරී කම්පනය දැනෙන්නේ මට පමණක් නොවේ.මා වැනි දස දහස් ගණන් මිනිසුන් මේ  ලෝකයේ තවමත් ජීවත් වේ.ඔවුන්ගේ හඬ ජේසු ස්වාමි දරුවන්ගේ කරුණාබර...

මිනිසුන් අමු අමුවේ පුළුස්සන හිට්ලර් පන්නයේ දහන පෝරනුවක් විවෘත කෙරේ

Image
  බටලන්දේ වදකාගාරයේ වදකයන් විසින් තරුණයන්ට කෘෘර වද හිංසා දෙන විට නැගූ අදෝනා හඬින් ඔහු විශාල තෘප්තියක් වින්දේය .ඔහුගේ නවාතැන තිබුනේ එම වදකාගාරයට යාබදවය.අසූව දශකයේ භීෂණය සමග ඇරඹුන මේ බටලන්ද වදකාගාරය පිළිබඳව මාධ්‍යවේදී  නන්දන වීරරත්න විසින් සිදු කළ ගවේෂණාත්මකව රචනා කරන ලද බටලන්ද ගිණි ගනී නමි ග්‍රන්ථය තුළ ඒ තුළ සිදු වූ කෘෘර වද හිංසා ගැන ලොමු දැහැගැන්වන ආකාරයෙන් සඳහන් කර තිබේ. බටලන්ද  වදකාගාරයේ කෘෘර  වද හිංසාවලින් වඳ විඳි තරුණයන් ගේ විලාපය තෘප්තිමත් මනසින් විඳි ඔහු අන් කවරකුත් නොවේ.ඒ මෙරට අටවන ජනපතිවරයා වන රනිල් වික්‍රමසිංහය. සැබවින්ම රනිල් වික්‍රමසිංහ කෘෘර මනසකින් යුතු සාහසිකයෙකි.එසේ නැතිනම් අනෙකෙකු විඳින වේදනාවන් නිසා නගන විලාපයන් අසා සතුටු විය හැක්කේ නොවේ.රනිල් වික්‍රමසිංහ කුරිරු මිනිස්  ඝාතනයන්ට නොකැමැත්තේ නම් බටලන්දේ වද කඳවුරට යාබදව තිබුණු ඔහුගේ නවාතැනින් ඉවත්ව යන්නට බොහෝ ඉඩ  හැකියාව තිබුණි.එහෙත් ඔහු එසේ කළ බවක් වාර්තා නොවේ. රනිල් වික්‍රමසිංහ යනු කිසිදු අනුකම්පාවක් පපුව තුළ ඇති මිනිසෙක් නොවන බව ඉන් තහවුරු වේ. රනිල් වික්‍රමසිංහ අමාත්‍යවරයකු...