සජිත් ප්‍රේමදාස කුඩු පට්ටම් කර ගම්පහින් කාල බෝම්බයක් පිපිරේ
.png)
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ තම නම සඳහන් වුවද තමන් මෙවර මැතිවරණයේදී ඡන්දය ඉල්ලන්නේ නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම අද (11)පැවැති මාධ්‍ය හමුකදී පැවසීය. ඔහු එහිදී මෙසේද පැවසීය. "......මම ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයෙක් විදියට මෙවර මැතිවරණයේ අපේක්ෂක ලැයිස්තුවෙ සිටි කෙනෙක්.ගම්පහ මැතිවරණ කොට්ඨාශයේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරයා විදියට මම අවුරුදු 20ක් කටයුතු කෙරුවා.නමුත් මම මෙවර අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වුනත් ඡන්දය ඉල්ලීමෙන් වැලකී සිටීමට තීරණය කෙරුවා.මම විශේෂයෙන් මෙහිදී කියන්න කැමතියි මට ආදරය කරන මම පාර්ලිමේන්තුවට යවන්න දඟලන ඡන්ද දායකයන් ගෙන් ඉල්ලනව මා වෙනුවෙන් ඡන්දෙ දාන්න එපා කියල.ඔබතුමාගගෙ ඡන්දය වටිනා ඡන්දයක්. මා තවදුරටත් සමගි ජන බලවේගය සමග කටයුතු කරන්න අකමැති නිසා ඒ ඡන්දය පාවිච්චි කරන්න එපා.සජිත් ප්‍රේමදාස අපේ පක්ෂයෙ නායකයා ගැන දැඩි කළකිරීමකින් කතා කරන්නෙ.මම නොමිනේෂන් අත්සන් කරලා පැය 24 යන කොට මගේ ගම්පහ ආසනය සජිත් ප්‍රේමදාස පහුගිය ජනාධිපතිවරණයේ සජිත්ට වැඩ නොකරපු එජාප නායක රනිල් වික්‍රමසිංහ...