Posts

නාමල්ට එරෙහිව ක්‍රිෂ් නඩුව කල් යයි

Image
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන්  නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව අද (26)කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවනු ලැබීය. මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි සඳහන් කරමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාවද්‍ය පරිහරණය කරන ලදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ඉදිරිපත් කර තිබේ. මෙම නඩුකරය⁣ට අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවෙි මුල් ගොනුව මෙතෙක් තම අධිකරණයට ඉදිරිපත් කර නැති බැවින් එම නඩු වාර්තාව වහාම තම අධිකරණයට කැඳවා ගන්නා ලෙසට මහාධිකරණ විනිසුරුවරිය රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කළ අතර නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන දෙසැම්බර් 18 වනදා කැඳවීමටද නියෝග කෙරුවාය.

නාකොටික් අධ්‍යක්ෂ වරයා දේශපාලන කුමන්ත්‍රණකරුවෙක්

Image
  පසුගියදා වලස්මුල්ල අධිකරණයට බාර වූ සම්පත් මනම්පේරි අධිකරණය මගින් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා බාර දෙන ලද්දේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්තය.ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෞද්‍ගලික ආරක්ෂකයා වූ නෙවිල් වන්නිආරච්චිගේ ඥාති සහෝදරයෙකි.තවදුරටත් ඔහු අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස රාජකාරි කරමින් සිටියදී නාගරික මන්ත්‍රී චන්ද්‍රදාස නයිදුවාවඩු ඝාතනයේ සාක්ෂි වසන් කිරීමට කටයුතු කරන ලද පොලිස් නිළධාරියා වේ.ඒ එම ඝාතනයේ කුමන්ත්‍රණකරු වූ එවකට ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ සජින් වාස් ගුණවර්ධන ඉන් ගලවා ගැනීම සඳහාය. කෙසේ වෙතත් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත හා සැකකාර සම්පත් මනම්පේරි අතර සමීප සම්බන්ධතාවක් පැවතුන බවද අනාවරණය වී තිබේ.ඒ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත ගේ බිරිඳට මිද්දෙනිය ප්‍රදේශයට ඇති සම්බන්ධතාව හරහාය.සම්පත් මනම්පේරි හේමාල් ප්‍රශාන්ත අමතන්නේ කිරි අයියා ලෙසින් බවද ඔවුන් දෙදෙනා අතර පවතින සම්බන්ධතාව ගැන දන්නා තතු දන්නෝ පවසති. කෙසේ වෙතත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ අධ...

කාරුණික නිවේදනයයි

Image
  මාධ්‍යවේදී අජිත් ධර්මපාලගේ සංස්කාරත්වයෙන්  ප්‍රචාරය කරන ලද "පොලිස් අයිඕඩීපී" යූ ටියුබ චැනලය පාර්ලි⁣මේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ දේශපාලන ක්‍රියාකාරකම් විවේචනය කළ බවට චෝදනා කරමින් අත්හිටුවා ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමු. එහෙත් ලංකා දවස යූ ටියුබ චැනලය ඔස්සේ තවදුරටත් මාධ්‍යවේදී අජිත් ධර්මපාල සිය මාධ්‍ය අනාවරණය කිරීම අඛන්ඩව සිඳු කරන බව ශ්‍රාවක ඔබ හට දැනුම් දෙමු.ලංකා දවස යූ ටියුබ චැනලය ස්බ්ස්ක්‍රයිබ් කරන ලෙස අපි ඔබ සැම ගෙන් ඉල්ලමු.  අශීලාචාර අධිපතිවාදී දේශපාලන තක්කඩියන්ට සිය කුහක නිරුවත හෙළි දරව් වීම දරා ගන්නට නොහැකි බව අපි දනිමු.එහෙත් බල්ලන් බිරුවාට තවලම ඉදිිිරයට ඇදෙනු ඇති බව අපි ඒ තක්කඩියන්ට සිහිපත් කරන්නටද කැමැත්තෙමු. දහසක් මල් පිපේවා.දහසක් මල් ගැටේවා (ලංකා දවස කර්තෘ මණ්ඩලය)

ඇමති වසන්තගේ වත්කම ගැන අපේ සත දෙක

Image
  නන්නාත්තර වී තිබුණ සුන්බුන් විපක්ෂය එකවරම බ්‍රොයලර් ⁣ප්‍රවෘත්තියකින් බලවත් උද්දාමයට පත් වී සිටී.ඒ අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් අල්ලස් හෝ දූෂණ කොමිෂම වෙත ලබා දී ඇති වත්කම් පිළිබඳ වාර්තාවෙන් අනාවරණය වන ඔහුගේ වත්කම පිළිබඳවය.මේ වන විට ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය පිළිබඳව විපක්ෂයේ බොහෝ දේශපාලඥයන් සමාජය කුළ අප්‍රසාදයක් ගොඩ නැගීමට බලවත් ප්‍රයත්නයක නිරත වන පෙනී යන්නේ වසන්ත සමරසිංහට එරෙහිව ප්‍රචාරාත්මක වැඩ පිළිවෙල ඇසෙන විටය. ඔවුන් ගේ එම පදනම් විරහිත අශිලාචාර ප්‍රචාරයේ පදනම ලෙස ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ යනු සිය සාමාජිකයන් ගෙන් යැපෙන නායකයන් සිටින පක්ෂයක් යන සංකල්පයයි. ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය සැබෑ ලෙස හඳුනා⁣ නොගත් බොහෝ දෙනෙකුට එහි සැබෑ යාන්ත්‍රණය ගැන අදහසක් නොතිබෙන්නට පුළුවන.තවත් බොහෝ දෙනා එහි ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් දැන සිටියද වෛරී සහගත විවේචනයක යෙදෙමින් සිටින බවද පැහැදිලිය.ඒ බොහෝ දෙනාට අමාත්‍ය වසන්ත සමරසිංහ සතුව පවතින වත්කම දරා ගන්නට  බැරි තරමේ ඉරිසියාවක් මතු  වී තිබේ.ඇමති වසන්ත සමරසිංහ ගේ වත්කම පමණක් නොවේ.ඇමති විජිත හේරත් සතුව පවතින වත්කම් ප්‍රමාණයද සමහර විට ඒ...

සම්පත් මන්ම්පේරි ප්‍රශ්ණ කරන්නට නෙවිල් ගේ ඥාති සහෝදරයාට පවරලා

Image
  අයිස් මත් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සම්පත් මනම්පේරි ඊ⁣යේ දින (17) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට බාර විය. අනතුරුව ඔහු රඳවා ගෙන ප්‍රශ්ණ කිරීම සදහා පොලීසියේ මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත බාර දීමට වලස්මුල්ල මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදී.මේ වන විට මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයා ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්තය.මේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන නෙවිල් වන්නිආරච්ගේ ඥාති සහෝදරයෙකි. මහින්ද රාජපක්ෂ මෙරට ජනපතිවරයා ලෙස කටයුතු කරන අවදියේ නෙවිල් වන්නිආරච්චිගේ ඉල්ලීමට හිටපු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුනවර්ධන විසින් හේමාල් ප්‍රශාන්ත අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස ⁣ පත් කර ගෙන සිටියේය.මේ දිනවල නෙවිල් වන්නි ආරච්චි විසින් වැලි ජාවාරම කළ ට්‍රක් රථ නවතා තිබුණේද අම්බලන්ගොඩ පොලීසිය පිහිටි භූමිය තුළය. ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත  හා නෙවිල් වන්නිආරච්චි අතර පවතින සමීප ඥාතිත්වය ගැන ජාතික බුද්ධි තොරතුරු වාර්තා පවා ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වී තිබේ...

මදාවිකාර පොලිස්ලාට සිර දඬුවම් ලැබිලා

Image
  අවුරුදු 14 ක් වයසැති බාල වයස්කාර දරුවෙකු පොලිස් අත් අඩංගුවට ගෙන කෲර වද හිංසා කරන ලදැයි චෝදනා කරමින් ⁣1994 අංක 22 දරන වද හිංසාවට එරෙහි පනත යටතේ නඩු පවරන ලද පොලිස් නිළධාරීන් හතර දෙනෙකුට පසුගියදා (11) බළපිටිය මහාධිකරණය මගින් බරපතල සිර දඬුවම් ලබා දී තිබේ. මේ සිද්ධිය සිදු වී ඇත්තේ 2008 මාර්තු 07 වන දිනය.මෙදින සවස් වරුවේ බුද්ධි ඉවන්ත ගුණසේකරගේ පියා සොයා පැමිණි මීටියාගොඩ පොලීසියේ පොලිස් නිළධාරීන් හතර⁣ දෙනෙකු ඔහුගේ පියා ⁣නිවසේ නොමැති වීම හේතුවෙන් ඔහු අල්ලාගෙන පොලීසියට රැගෙන විත් තිබේ.පොලීසියට රැගෙන ආ බුද්ධි ඉවන්ත ගුණසේකරට එම පොලිස් නිළධාරීන් අමානුෂික ලෙස වද හංසා පමුණවා ඊට පසුදින එනම් මාර්තු මස 08 වන දින බළපිටිය මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ ඔහු දිවා කාලයේ නිවසක් බිඳ රුපියල් 23000ක් වටිනා දේපොල සොරකම් කිරීම හා සොර බඩු ළඟ තබා ගත් බවට අසත්‍ය චෝදනා නගමිනි.මෙහිදී මහේස්ත්‍රාත්වරයා බුද්ධි ඉවන්ත ගුණසේකර පොලිස් ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ. පොලිස් ඇප මත මුදා හරින ලද බුද්ධි ඉවන්ත ගුණසේකර නිවසට පැමිණිමෙන් අනතුරුව අසනීප වී⁣ම හේතුවෙන් මාර්තු මස 09 වන දින නිවැසියන් ඔහු බලපිටිය මූලික රෝහළට...

පොදුජන පෙරමුණේ හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රී පියල් විරාජ් ගේ පැටිකිරිය මෙහෙමය

Image
  කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරට මත්ද්‍රව්‍ය නිශ්පාදනය සඳහා ගෙන එන ලදැයි පැවසෙන රසායනික අමු ද්‍රව්‍ය තොගයක් පොදු ජන පෙරමුණේ  හිටපු ⁣ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන පියල් විරාජ් මනම්පේරි ගේ නිවස පිහිටි ඉඩම තුළ වල දමා තිබියදී පොලීසිය  මගින් අත් අඩංගුවට ගෙන තිබේ.මෙම රසායනික අමු ද්‍රව්‍ය තොගය පිළිබඳව පොලීසිය⁣ට තොරතුරු හෙළි කර ඇත්තේ දැනට අත් අඩංගුවේ සිටින බැකෝ සමන් නැමැත්තාය. පොලීසිය මගින් අත් අඩංගුව⁣ට ගන්නා ලද පියල් විරාජ් මනම්පේරි 2006 වසරේ ඝාතනය කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයේ සැකකරුවෙකි. මොහු පසුව එම නඩුවේ රජයේ සාක්ෂිකරු වූයේ නීතිපති සමාව යටතේය.ඒ වන විටත් පියල් විරාජ් මනම්පේරි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල් වරයෙකි.රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවකු වීමට පෙර මොහු ගුවන් හමුදා නිළධාරියකු වූ නිශාන්ත ගජනායක සමග කොළඹ සිටි වෙළඳ ව්‍යාපාරිකයකු කලා ට්‍රේඩර්ස් අධිපති නඩරාජා ශ්‍රී ස්කන්ධරාජා පැහැර ගෙන ගොස් කප්පම් ගෙන ඝාතනය කිරී⁣මේ වරදට චෝදනා ලබා සිටියේය.ඒ වන විට මෙරටට සීනි පොල්තෙල් හා පරිප්පු වැනි පාරිභෝගික ද්‍රව්‍ය මෙරටට ආනයන...