Posts

සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා

Image
  පොලිස් පරීක්ෂක වරයකුව සිට සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස්වූ පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් යොදමින් මෙසේ ලියා ඇත්තේය. "සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස්වීම පොලිස් පරීක්ෂක වරයෙකුගේ හීනයක්.ඒ වගේම අභියෝගයක්.අනේක විධ අභියෝග මැද මම අද 2025 මාර්තු මස 23 වන දින සිට බලපැවැත්වෙන පරිදි සහකාර  පොලිස් අධිකාරී ධුරයට උසස් වීම් ලැබීමි " සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් වූ භාතිය ජයසිංහ කවුරුන්ද යන්න පොලිස්පති වරයාට අමතක වී ඇතත් අපට නම් අමතක නැත.අත් අඩංගුවට ගත් සැකකරුවකුගේ ⁣ලිංගේන්ද්‍රියේ සිද්ධාලේප තවරා කුරිරු වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව  පැවරුණ නඩුවේ 2 වන වග උත්තරකරු මෙි භාතිය ජයසිංහ ලොක්කාය. හිස මුදුනේ සිට දෙපතුල දක්වාම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නට බැඳී සිටින බවට හතර අතේ දිවුරමින් හා සහතික වෙමින් බලයට පත් වූ ජාජබ ආණ්ඩුවෙි කෙරුම්කාරයන්ට ලැජ්ජාවක් හිරිකිතයක් තිබේ නම් භාතිය ජයසිංහ වැනි වදකයන් සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කරනවා තබා පොලීසියේ හතර මායිමෙි තබා ගන්නේ නැත.එහෙත් ඡන්ද කතිරය ලබා ගැනීම...

හිරු පට්ට බොරු කියයි

Image
    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජනරාල් සලේ අත් අඩංගුවට ගැනීමත් සමග ⁣දේශපාලනිකව බොහෝ අයවළුන් කලබලයට පත් වී ඇති බව පෙනෙන්නට තිබේ.ආණ්ඩුවට එරෙහිව මේ වන විට පවතින ගල් අඟුරු වංචාව යටපත් කිරීමේ අපේක්ෂාවෙන් මේජර් ජනරාල් සලේ අත් අඩංගුවට ගන්නා ලදැයි මේ ඇතමුන් චෝදනා කර සිටී.ඒ අතරේ හිරු වාහිනිය මේ අත් අඩංගුවට ගැනීම පිළිබඳව ආණ්ඩුවට එරෙහිව සමාජ මතයක් ගොඩ නගන්නට ඉතා ව්‍යාජ පුවතක් සමාජ ගත කර ඇත. මේ ප්‍රවෘත්තිය තුළින් වාර්තා කරන ලද්දේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නඩුවේ චුදිත ඊබ්‍රාහිම් ගේ අධිකරණය භාරයේ පැවැති රන් මැණික් ඇතුළු දේපොල නිදහස් කරන ලද බවය.සලේ ඇතුලට යවා සැකකාර ඊබ්‍රාහිම්⁣ට රත්තරන් මුදාහැරීමේ ප්‍රවෘත්තිය අසන ඕනෑම අයෙකුට කෝපයක් හා සැකයක් ඇති වීම සාධාරණය.එම සැකය වඩාත් තහවුරු වන්නේ ඒබ්‍රාහිම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කළ පුද්ගලයකු නිසාය.එහෙත් මේ ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍ය පුවතක් බව අනාවරණය වේ. සැබවින්ම මෙතෙක් කාලයක් අධිකරණය බරයේ පැවැති මෙම රන් මැනික් ආදී භාණ්ඩ නිදහස් කරන ලද්දේ ඉෆ්ලාල් අහම්ඩ් නම් පුද්ගලයෙකුටය.ඔහු හට මෙතෙක් චෝ‍දනාවක් වත් අධිකරණය⁣ට ඉදිරිප...

අපි ඔක්කොම යාළුවො "සහෝදරයා"

Image
  පසුගියදා අකුරෙගොඩදී  ඝාතනය කරන ලද නීතිඥවරයාට හා ඔහු⁣ගේ බිරිඳට වෙඩි තබන ලද සැකකරුවෙකු බවට චෝදනා කරමින් හෝමාගම කොට්ඨාශ අපරාධ අං⁣ශයේ ස්ථානාධිපති අමිල ගෝවින්න විසින් අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේදී ඊයේ (21) යුද හමුදාවේ හිටපු සෙබළකු අත් අඩංගුවට ගන්නා ලදී.මෙම සැකකරු අලුත්වල අම්පෙගම ප්‍රෙඩ්රිකා වත්තේ පදිංචිකරුවකු වන 46 හැවිරිදි සුනිල් රංජිත් නැමති අයෙකි. එහෙත් මේ වන විට අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු නීතිඥවරයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවකු නොවන බවය.අත් අඩංගුවට ගන්නා ලද තැනැත්තා හොරොයින් පානයට ඇබ්බැහි වූ කම්කරුවෙකි. මේ බව අනාවරණය කර ඇත්තේ විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයේ නිළධාරියකු විසින් පවත්වාගෙන යන "උකුසු ඇස" නම් ෆේස් බුක් ගිනුම තුළිනි .එහි සඳහන් වන ආකාරයට සැකකරු අත් අඩංගුවට ගෙන ඇති හෝමාගම අපරාධ කොට්ඨාශයේ ප්‍රධානියා ⁣ජනපති රනිල් වික්‍රමසිංහගේ කාලයේදී සේවය කර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේය.මේ නිළධාරියා එම අංශයේ සේවය කරමින් සිටින අවදියේදී කොස්ගොඩ සුජී සමග සිදු කරන ලද හෙරොයින් ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඉන් ඉවත් කර⁣ තිබේ.නීතිඥවරයා හා ඔහුගේ බිරිඳ ඝාතනයේ සැකකරු...

නීතිඥ මහත්මයෙක් අයිස් ගහලා මාට්ටු

Image
කොළඹ කෙසෙල්වත්ත සාංචි ආරච්චිවත්ත පාළු ගොඩනැගිල්ලක හොරොයින් පානය කරමින් සිටි නීතිඥවරයෙකු හා තවත් පුද්ගලයෙකු කෙසෙල්වත්ත පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මො⁣හොමඩ් කාසිම් මොහොම්ඩ් නවාස් නැමැති මේ නීතිඥවරයා  අංක 499,මෂූර් මවුලානා පාර,මරඳමුල ,කල්මුනේ පදිංචි කරුවෙකි.1996 වර්ෂයේදී නීතිඥවරයකු වූ මේ සැකකරු අළුත්කඩේ අධිකරණයේ  සේවය කරන බව හෙළිවේ තිබේ. අත් අඩංගුවට ගන්නා ලද මේ සැකකරුවන් සන්ත⁣කයේ අයිස් මිලිග්‍රෑම් 130 ක් තිබුණ බවද පොලීසිය පවසයි නීතිඥවරයා සමග අත් අඩංගුවට ගත් අනෙක් සැකකරු අවු 54 ක් වයසැති කළුබෝවිල සරණංකර පාර පදිංචි කරුවෙකි. 

ලංකා දවසට යුක්තිය ඉටු කරනු

Image
  ලංකා දවසේ එක අතක් සාහසික ආකාරයෙන් කපා දමා වසර ගණනාවක් ගෙවී ගොසිනි.මේ ප්‍රහාරය එල්ල වූයේ මිල්ටෙරි නන්දසේන ජනපතිවරයාව වූ කාලයේදීය.ඉන් සිදුවූ තුවාලය තවමත් සනීප නැත.අප ඒ කාලයේ මිල්ටෙරි නන්දසේනගේ මෝඩකම් අබ්බගොබ්බ කම් හා ගොන්කම් එක දිගට හෙළි කරමින් සිටියෙමු.එවැනි වටපිටාවක මෙය සිඳු වූයේ තක්කඩි ලීඩර් කුමන්ත්‍රණකාරයෙකු ගේ සැළසුමකට බව අපි විශ්වාස කරමු.මෙය තවත් ඉරිසියාකාර ගේමක් බවද සිතන්නට බොහෝ කරුනු කාරණා තිබේ.අපට තොරතුරු ලැබෙන මූලාශ්‍ර හෙළි කිරීම සදාචාර සම්පන්න නොවූවද මේ කැත අශීලාචාර සිදු වීම ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් ගේ වෘත්තිය භාවය ආරක්ෂා කිරීම සඳහා හෙළි කළ යුතුම තොරතුරකි. මිල්ටෙරි නන්දසේනගේ කාලයේ ලංකා දවසට තොරතුරක් ලබා දුන් ඒ අශීලාචාර ලීඩර් කාරයා අනාවරණය කෙරුවේ එවකට ටෙලි කොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු සිය කාර්යාලයේ වාඩි වීම සඳහා ලක්ෂ දහයක් වටිනා පුටුවක් මිලයට ගෙන ඇති බවය.මේ යුගය මෙරට ගෑස් හා විදුලිය  නැතුව පුරවැසියන් මහ මග මිය ගිය කාලයයි.රට තුළ එවැනි ආර්ථික අර්බුදයක් පවතිද්දී තමන්ගේ පස්සා පැත්තේ හුරතලය⁣ට ලක්ෂ දහයක මුදලක් වියදම් කිරීම ඉතා කණගාටුදායක බව අපටද වැටහිනි.තොරතුර ද...

පොලීසියේ තිදෙනෙක්ට අච්චු කරලා

Image
  මත් ද්‍රව්‍ය ජාවරම් කරන ලදැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් සැක කරුවෙකුට අමානුෂික ලෙස පහරදී කෲර වද හිංසා පැමිණවූ වරදට පොලිස් නිළධාරීන් තිදෙනෙකුට මීගමුව මහාධිකරණ විනිසුරු කාවින්ද්‍ය නානායක්කාර විසින් පසුගියදා බරපතල වැඩ ඇතුව අවුරුදු හත බැගින් වූ සිර දඬුවම් නියම කරන ලද බව වාර්තා වේ. එසේ සිර දඬුවම් හිමි වූයේ උප පොලිස් පරීක්ෂක අසංක අමරසිංහ ,පොලිස් කොස්තාපල් වරුණ දිනේෂ් හා පොලිස් කොස්තාපල් තිලිණ උදයංග යන අයවළුන්ටය.2018 වසරේ නොවැම්බර් මාසයේ දිනක මත් ද්‍රව්‍ය ජාවරම් කරන බවට චෝදනා කරමින් කටුනායක ප්‍රදේශයේ සන්නාලියකු වූ මොහොම්ඩ් නදීප් නැමැත්තා අත් අඩංගුවට කෲර ලෙස වද හිංසා පැමිණ වූ බවට පැමිණිල්ලෙන් හෙලි කෙරිණි.එහිදී වින්දිතයා ගේ හිසට පොලිතින් බෑගයක් දමා හුස්ම හිර කර ඇති බවද දෑත් දෙපා බැඳ ලීයක රඳවා පහර දෙමින් ලිංග ප්‍රදේශයේ දැවිල්ල ඇති වන ආකාරයේ ආලේපනයක් ආලේප කර ඇති බවද සාක්ෂි වලින් අනාවරණය වී තිබේ. අධිකරණයට ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා වේ එම පහර දීම නිසා වින්දිතයාගේ ශරීරයේ බාහිර තුවාල 11 ක් තිබුණ බවද මේ නිසා ඔහුගේ දෑත් අප්‍රණිකව තිබෙන බවද සඳහන් විය. නඩු විභාගයෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරිය ප...

දකුණේ පාතාලය හමුදා මූලස්ථාන බල ප්‍රදේශයේදී වැඩ පෙන්වයි.ලැජ්ජයි හලෝ

Image
  තලංගම අකුරෙගොඩ සුපිරි වෙළඳ සලක් ඉදිරිපිටදී අද (13) ඇල්පිටිය ප්‍රදේශයේ නීතිඥ වරයකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කර තිබේ. නන්නාඳුන වෙඩික්කරුවන් දෙදෙනෙකු මේ ඝාතනය සඳහා පැමිණ ඇති බව වාර්තා වේ.බුද්ධික මල්ලවආරච්චි නම් මෙම නීතිඥවරයා කරන්දෙණිය සුද්දා නමි පාතාල ක්‍රියාකාරිකයාගේ නඩු වලට පෙනී සිට නීතිඥවරයා බවද මෑත කාලයේ අහුංගල්ලේ ලොකු පැටී වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි බවත් අනාවරණය වේ.ලොකු පැටී හා කරන්දෙණිය සුද්දා අතර පවතින ගැටුම නිසා මේ නීතිඥ වරයා ඝාතනය කරන ලදැයි සැකයක් මතු වේ.එසේම මීට පෙර ලොකු පැටී සමග  සම්බන්ධකම් පවත්වන ලදැයි අම්බලන්ගොඩදී සිංගර් කෝසල නැමැත්තාද කරණ්දෙණිය සුද්දා විසින් ඝාතනය කරන ලදී.කරන්දෙණිය සුද්දා නැමැති පාතාල ක්‍රියාකාරිකයා මේ වන විට කොස්ගොඩ සුජී නැමති අපරාධ කරු සමග සම්බන්ධවී මෙරට මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට බුද්ධි අංශ වලට තොරතුරු ලැබී ඇත.කොස්ගොඩ සුජී විසින් මත් ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගෙන ඇති ආදායම යොදවා ඔහුගේ ඥාතීන් හා මිත්‍රයන්ගේ නම් වලින් මිලට ගෙන ඇති දේපොළ හා ඒවා පිහිටි ප්‍රදේශ  පිළිබඳව හමුදා බුද්ධි සේවාව මගින් රහස්‍ය තොරතුරු ⁣වාර්තා සපයා ඇති නම...