ත්‍රස්ත විරෝධී පනත ව්‍යවස්ථා විරෝධියි නීතිඥ සංගමය පවසයි
රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජනතාව මර්දනය කිරීමේ අරමුනින් සකස් කරන ලද ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හැදෑරීම සදහා හා එහි ඇතුළත්වන මානව විරෝධී නෛතික ප්‍රතිපාදනයන් වාර්තා කිරීම පිණිස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීති වෘත්තියේ නිරත ඡ්‍යෙෂ්ඨ සාමාජිකයන් ගෙන් පත් කළ විශේෂ කමිටුව විසින් සකස් කළ වාර්තාව ප්‍රසිද්ධියට පත් කර තිබේ. මෙම වාර්තාවේ දැක්වෙන්නේ එම කෙටුම්පතෙහි ත්‍රස්තවාදී අපරාධ යන්න ගැන නිර්වචනයක් නැති බවය.ඒ පිළිබඳව එහි මාර්ගෝපදේශ සකස් කර ඇත්තේද නොපැහැදිලි ලෙස බවද එම වාර්තා දැක්වේ.ඒ හේතුවෙන් එම වගන්තිය ඉතා භයානක ආකාරයෙන් පුරවැසි අයිතීන් උල්ලංඝනය කළ හැකි ආකාරයෙන් පුළුල් ලෙස අර්ථකතනය කළ හැකි බව වැඩිදුරත් එම වාර්තාවේ සඳහන් කර තිබේ. කෙටුම්පත් පනතේ 10 වන වගන්තිය රජයකට එරෙහිව පවත්වන අනාගත විරෝධතා හෝ වැඩ වර්ජන සංවිධානය කිරීම ඒ පිළිබඳව මහජනතාව දැනුවති කිරීම එවැනි පෙලපාලියකට සහභාගිවීම ත්‍රස්තවාදී වරදක් වන බව වාර්තාව සඳහන් කර ඇත. ත්‍රස්වාදීී ප්‍රකාශනය යන වචනයට කෙටුම්පත් පනතෙහි පටු අර්ථකථනයක් ඇති බවට නීතිඥ සංගමයේ කමිටුව පෙන්වා දී ඇති අතර එම යෙදුම වැරදි ලෙස භාවිතා කර අහිංසක...