Posts

Showing posts from August, 2025

ගෝඨාගේ හ⁣මුදා අතකොළුවක් නිදන් හාරා අත් අඩංගුවට ගනී

Image
  බෙලිඅත්ත ප්‍රදේශයේ නිදන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ⁣විශ්‍රාමික මේජර් ජනරාල් වරයකු අද (25) පෙරවරුවේ බෙලිඅත්ත පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ⁣බන්ධනාගාරගත කරන ලදැයි වාර්තා වේ. ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයේ නිරතව සිට විශ්‍රාම ගොස් සිටින මෙම මේජර් ජනරාල්වරයා කිත්සිරි ඒකනායක නම් අයෙකි.හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් මේ විශ්‍රාමික මේජර් ජනරාල් වරයා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබුණි. අද (25) ⁣දින මෙරට ආරක්ෂක සේවාවට සම්බන්ධ ඡ්‍යේෂ්ඨ නිළධාරීන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුව⁣ට ගෙන බන්ධනාගාර ගත කිරීම විශේෂ සිඳුවීමකි.

වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති දෑතට මාංචු වැටේ

Image
  අනුරාධපුර ශ්‍රාවස්තිපුර ,තිඹිරිගස්කඩවල පිහිටි දේවාල භූමියක නිදන් හැරීමේ සිදුවීමකට කොළඹ දිසාව බාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති උදිත ⁣ලියනගේ අද (25)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා ලදී. මෙම නිදන් හැරීමේ සිදු වීමට මීට පෙර වැබ නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ ගේ බිරිඳ ඇතුළු තවත් සැකකරුවන් අට දෙනෙකු අනුරාධපුර පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.අනතුරුව මේ සිද්ධිය වැඩිදුර පරීක්ෂණ කටයුතු පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබුනි.වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා ලද්දේ නිදන් හෑරීමේ සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව යටතේය.

සිද්ධාලේප පොලිසාට ඒඇස්පී උසස්වීමක් ලැබිලා

Image
  හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා කෙරුණ බරපතල හා සමාජයේ කතාබහට ලක් වූ සිද්ධියක් වූයේ ඔහු නුගේගොඩ ප්‍රදේශය බාර පොලිස් අධිකාරීවරයා ලෙස සේවය කරමින් සිටියදී අත් අඩංගුවේ සිටි සැකකරුවකු ගේ ලිංගික ප්‍රදේශයේ සිද්ධාලේප ගා කෲර වද හිංසා පැමිණවීමේ සිද්ධියයි. මේ සිද්ධිය අනාවරණය වූයේ හිටපු හමුදා සෙබළෙකු  විසින් තමන් නීති වීරෝධීව අත් අඩංගුවට ගෙන කෘෘර වද හිංසාවට ලක් කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන් හතරදෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරන ලද නඩුවක තීන්දුවකිනි.⁣2023 දෙසැම්බර් මස 14 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් එම තීන්දුවෙන් වරදකරුවන් වූයේ එවක⁣ට නුගේගොඩ ප්‍රදේශය බාර පොලිස් අධිකාරීවරයා වූ දේශබන්දු තෙන්නකෝන් ,මිරිහාන පොලීසියේ හදිසි අපරාධ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ පොලිස් කෙසේතාපල්වරුන් වන බණ්ඩාර හා අජිත් වනසුන්දර නම් සිවිල් පුද්ගලයෙකි. එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාරව වග උත්තරකාර භාතිය ජයසිංහට සිය පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහක් පෙත්සම්කරු වෙත ගෙවීමට නියම කෙරිණි.එමෙන්ම එම නඩුවේ වග උත්තරකාර...

ජාජබ ආණ්ඩුව "රුබිකන් නදිය" තරණය කරයි

Image
  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.ඔහු බන්ධනාගාර ගත කරමින් නියෝගය ප්‍රකාශය⁣ට පත් කරන ලද මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය සඳහන් කරන ලද්දේ නඩු විභාගයේදී දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු විමසීමේදී මේ නඩුකරයට පාදක වන ප්‍රශ්ණගත සංචාරය පෞද්ගලික සංචාරයක් යැයි පෙනී යන බවය.පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරන අවස්ථාවක ඇප ප්‍රදානය කළ හැක්කේ  අසාමාන්‍ය කරුණු අනාවරණය වන අවස්ථාවක පමණක් බවත් එහිදී සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳව අධිකරණයට ඉදිරිපත් වූ කරුණු තුළ අසාමාන්‍ය කරුණු අනාවරණය නොවන බැවින් සැකකරුට ඇප ප්‍රදානය නොකළ හැකි බවත් තීන්දුවේ සඳහන් වේ  2023 වසරේ සැප්තැම්බර් මාසයේ 22 වනදා හා 23 වනදා සැකකාර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් බ්‍රිතාන්‍යයේ සිඳු කළ පුද්ගලික සංචාරයකදී රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් වැය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මේ නඩුව පවරා තිබුණි. මෙම නඩුව විභාගය⁣ට ගත් අවස්ථාවේ සැකකාර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ජනාධිපති නීතිඥ අනූජ ...

මහනුවර මාසිංහ⁣ පොලිස් මුදලාලි හරිම සරුයිලු

Image
  මහනුවර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සතුව පවතින සුඛෝපභෝගී ජිප් රථය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ මාසික වැ⁣ටුපෙන් මිලයට ගත හැකි රථයක් නොවන බව මහනුවර බොහෝ දෙනාගේ අදහස වී තිබේ.පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මාසික වැටුප 150000 අගයක පවතී.නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සන්තකයේ තිබෙන සුඛෝපභෝගී ජිප් රථය එවැනි මාසික වැටුපක් ලබා ගන්නා නිළධාරියෙකුට සිහිනයක් පමණය.මේ නියෝජ්‍ය⁣ පොලිස්පතිවරයා වැඩ බාරගන්නා දිනයේ ඔහු සමීපයෙන්ම  සිටියේ මහනුවර ස්පා හා ගණිකා නිවාස පවත්වාගෙන යන තැනැත්තාය. නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ ගාල්ග දිස්ත්‍රික්කයේ සේවය කරන විට ලක්ෂ පනහක මුදලක අයුතු ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැති අතර එම පරීක්ෂණය මේ වන විට යටපත් වී තිබේ. මේ නියෝජ්‍ය පොලිස්පතිවරයා සුඛෝපභෝගී නිවාස දෙකක හිමිකරුවෙක් වෙන අතර මේ වන විට ගලහ ප්‍රදේශයේ නව නිවසක් ඉඳි කරමින් තිබෙන බවද වාර්තා වේ.මෙලෙස ඉඳි කරමින් තිබෙන නිවස ඇතමුන් පවසන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශක විශ්‍රාමික පොලිස් නිළධාරී ඩී.එල්..ආර්.රණවීර ගේ බවය.රණවීර හා මාසිංහ දෙපල ගජ මිතුරන්ය.උග්‍ර රාජපක්ෂ වාදියකු...

ජනපති අනුරටත් වංගු ගහන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමති උපදේශකයා

Image
  පසුගිය කාලයේ ගල්කිස්ස පොලිස් මූලස්ථානයේ සේවය කළ පොලිස්  කොස්තාපල්වරයකු පොලීසියේ ටී පනස් හය අවියක් පාතාලයට අලෙවි කරන ලද බවට වාර්තා විය.ගිණි අවිය පාතාලය⁣ට අලෙවි කළ පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවකු බවද මාධ්‍ය වාර්තා කර තිබුණි.ගල්කිස්ස පොලිස් ස්ථානයේ ඒ වන විට ස්ථානාධිපතිවරයා වූයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරාය.⁣සිය පොලිස් ස්ථානය නැතිවූ ගිණි අවිය සොයා ගැනීම සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා පෞද්ගලිකවම ඩුබායි ගොස් ඔහු හා සම්බන්ධකම් පවත්වන ප්‍රබල පාතාල  ක්‍රියාකාරිකයකු හමුවූ බවත් ඉන් අනතුරුව නැතිවූ ගිණි අවිය ගල්කිස්ස ප්‍රදේශයේ කුණු කානුවක තිබී සොයා ගන්නා ලද බවත් අප වෙත දැන ගැන්මට ලැබුණි. ප්‍රධාන පොලිස්පරීක්ෂක දිලීප⁣ පෙරේරා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතා පවත්වාගෙන යන අයෙකි.ඔහුට නිවස තනා ගැනීම සදහා බෙල්ලන්විල ප්‍රදේශයෙන් ඉඩම් කැබැල්ලක් දී තිබුණේද ප්‍රසිද්ධ හෙරොයින් ජාවාරම්කරුවෙකි.ගිණි අවිය අලෙවි කරන ලද පොලිස් කොස්තාපල් වරයා වෙනත් පොලිස් ස්ථානයක සේවයේ නිරත වන විට ගල්කිස්ස පොලීසියට ස්ථාන මාරුවීමක් හදා දෙන ලද්දේද ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප...

තුසිත හල්ඔළුවගේ පුස් වෙඩි නාඩගමේ කොන්ත්‍රාත්කරු නිදැල්ලේ

Image
  ව්‍යාජ පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කිිිිරී⁣මේ වරදට අත් අඩංගුවට ගන්නා ලද තුසිත හල්⁣ඔළුව රිමාන්ඩි බන්ධනාගාර ගත කරන ලදී.ජනපති අනුර කුමාර දිසානායක විදේශයක මුදල් ආයෝජනයක් කර ඇතැයි තුසිත  හල්ඹළුව විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලීසිය මීට පෙර කට උත්තර ලබා ගන්නා ලදී.එහිදී ඔහු පොලීසියට ප්‍රකාශ කර තිබුණේ සිය ප්‍රකාශය තහවුරු කිරීමට අදාල ලියකියවිලි ඉදිරිපත් කරන බවය.තුසිත හල්ඔළුව ගමන් කළ කාරයට වෙඩි තබා එහි තිබූ ලිපි ගොනුවක් පැහැර ගෙන ගිය බව වාර්තා වූයේ ඉන් අනතුරුවය.එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ඇරඹුන අතර තුසිත හල්ඔළුව පොලීසියට ප්‍රකාශ කර තිබුණේ තමන් නීතිඥ දිනේශ් දොඩම්ගොඩ සමග ඔහුගේ කාරයෙන් නීතිඥවරයකු මුණ ගැසීමට ගොස් ආපසු එන විට ආයුද රැගත් දෙදෙනෙකු තමන් ගත් කාරයට වෙඩි තබා තමා සන්තකයේ තිබූ ලිපි ගොනුවක් පැහැරගෙන ගිය බවත්ය.එම ලිපිගොනුව ජනපතිවරයාගේ විදෙස් මුදල් ආයෝජනය සම්බන්ධයෙන් වූ ලියකියවිලි ඇතුළත් ලිපි ගොනුව බවද ඔහු විසින් පොලීසිය වෙත අනාවරණය කර තිබුණි. ඔහු ලබා දුන් තොරතුරු ඔස්සේ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය  පරීක්ෂණ සිඳු කරන ලදී.එම පොලිස් පරීක්ෂණ වලදී හෙළි වූයේ ⁣එම ...

කාදිනල් හිමිපාණන්ගේ ආරක්ෂාවට රාජපක්ෂ ඔත්තුකරුවෙක් යොදවලා

Image
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූ දින සිටම මෙරට සමාජය තුළ සාකච්ඡා වෙමින් තිබෙන්නේ ඒ මෙලේච්ඡ ප්‍රහාරයේ පිටුපස දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වූ බවය.ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ ⁣හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ හටය.ආගමික උන්මාදයෙන් පෙළුන මුසල්මානු කණ්ඩායමක් රුකඩයන්  කර ගත් මෙලේච්ඡයන් පිරිසක්  සිය හාම්පුතුන්ගේ දේශපාලනික අවශ්‍යතාව වෙනුවෙන් පාස්කු ප්‍රහාරය  යොදා ගත් බව එම සිද්ධියේ සැඟවී ඇති සාක්ෂි වලින් තහවුරු වේ . ඇතැම්විට පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ප්‍රහාරකයන් තමන් අදෘශ්‍යමාන කණ්ඩායමක් විසින් හසුරවන බව හාංකාවිසියක් නොදැන සිටින්නට ඇත. එහෙත් එම ප්‍රහාරයෙන් පසුව මෙරට ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ පවා නිසියාකාරව සිඳු නොවූ බවට බොහෝ චෝදනාවන් එල්ල වෙමින් තිි⁣බේ.ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වූයේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව⁣ට දහ අතේ දිවුරමිනි. එහෙත් මේ වන විට පාස්කු ප්‍රහාරයෙන් වින්දිත පාර්ශවයන් තුළ ජාජබ ආණ්ඩුව දුන් පොරොන්දුව කෙරෙහි තැබූ විශ්වාසය බිඳ වැටෙමින් තිබේ.එහෙත් පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටින මහ මොළකරුවන් තමන් සිදු කරන ...

හිටපු පොලිස්පති දේශබන්දු මෙරට පොලීසිය බාර ඇමතිවරයා වෙන්ටද බැරි නැත

Image
  පසුගියදා මියගිය ලොහාන් රත්වත්තේ ගේ අවමගුල් උත්සවයේදී හිටපු ඇමති සී.බී රත්නායකත් ,දිලුම් අමුණුගම කතා බහක නිරතව සිටියේ පොලිස්පති කමින් නෙරපා හරින ලද දේශබන්දු සමගය.එම කතාබහේදී දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ තමුන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල  දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුන නියෝජනය කරමින් තරග වදින බවය. තමන් පොදු ජන පෙරමුනේ ආසන සංවිධායක වරයකු ⁣වශයෙන් පත් කිරීමට නියමිත බවද දේශබන්දු තෙන්නකෝන් එහිදී වැඩිදුරටත් පැවසුවේය. දේශබන්දු තෙන්නකෝන් මෙරට පොලිස්පති ධුරයෙන් ඉවත් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ යෝජනා ස්ථිරත්වයකිනි ඒ 2002 අංක 05 දරණ නිළධරයන් ඉවත් කිරීමේ (කාර්ය පරිපාටිය)පනත ප්‍රතිපාදනයන් ක්‍රියාත්මක කිරීමෙනි. නීතිපති හා පොලිස්පති ධුරයන් ඉවත් කළ හැක්කේ මේ පනතේ විධි විධානයන් වලට යටත්වය.එහිදී මෙම ධුරයන් ඉවත් කළ හැකි හේතූන් හතරක් පනතේ 3 වන වගන්තියේ දැක්වේ. ඒ මෙසේය (අ) නිසි බලය ඇති අධිකරණයක් විසින් වස්තු භංගත්වයට පත් වූවකු බවට තීන්දු කරනු ලැබීම (ආ) රෝගාතුර වීම නිසා හෝ ශාරිරික හෝ මානසික අබලතාව නිසා ධුරයේ කටයුතු කරගෙන යාමට නුසුදුසු වීම (ඇ) චරිත දූෂණය ,රාජද්‍රෝහය,හෝ අල්ලස ඇතුළත් වරදකට වරකර...

මහින්ද රාජපක්ෂගේ පැරලයිස් පංචස්කන්ධය වෙන්දේසියේ දැමීම

Image
  මෙරට දේශපාලන භූමියේ රඟ දැක්වෙන අලුත්ම නාඩගම මහරජානෝට මාලිගයක් සොයා දීමේ නාඩගමයි.මේ නාඩගමේ එක රූප දර්ශනයක කද මළු රැගෙන මහරජානෝ බලන්නට පැමි⁣ණෙන ප්‍රාන්ත වාසීන් ගේ වොයිස් කට් ප්‍රචාරයයි.දේශපාලනය ගැන මෙලෝ හසරක් ගැන අවබෝධයක් නැති අහිංසක ගැමියන් කොළඹ කැන්දාගෙන ඒම හරිම ලේසිය.තක්කඩි පොහොට්ටු හිටපු මැම්බරයකු බස් එකක් බුක් කර එවැනි අහිංසක ගැමියන් තිහ හතලිහක් කොළඹ පෙන්නනට කැන්දාගෙන එන අතරමග මහ රජානෝ බලන්නට යාමද මාර ප්ලෑන් එකකි.රාජපක්ෂලා මෙවැනි හැඩයේ කැත ගේම් වලට අති  දක්ෂයන්ය.දැන් නාමල් රාජපක්ෂගේ සැළසුම වී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ පංචස්කන්දය විකුණා තමන්ගේ දේශපාලන තීරය වෙන් කර ගැනීමය. මහින්ද රාජපක්ෂට කිරි පැණි රැගෙන පෝලිමට එන ගම්වැසියන්  කැත වාහිනියේ මාර අතුරුපසක් වී ඇත්තේද නාමල් රාජපක්ෂගේ මේ නාඩගමේ දර්ශනයන්ය.හම්බන්තොට මෙරට ⁣ප්‍රසිද්ධ කිරි පැණි වලටය.රාජපක්ෂලාට කිරි පැණි කෑමේ රුදාවක් තිබේ නම් ගව පට්ටියක්ම හම්බන්තොටින් විජේරාමයට රැගෙන විත් කිරි දොවා මුදවා ගෙන ඇති තරමේ කිරි කන්නට යන්නේ එකම එක දුරකතන පණිවුඩයකි.දැන් ගැමියන් මහරජානෝ බලන්නට කිරි මුට්ටි රැගෙන ඒ මේ පිටපත විහිළුවක් වන්නේ ඒ නිස...

නියෝජ්‍ය පොලිස්පති ගේ බිරිඳ නිදන් හාරලා

Image
  ශ්‍රාවස්තිපුර ,තිඹිරිකඩවල ප්‍රදේශයේ පිහිටි දේවාලයක් ආසන්නයේ ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ ගේ බිරිඳ හිටපු පොලිස් කාන්තාවක්  වු ඉන්ද්‍රා දිසානායක නැමැතිය හා තවත්  පුද්ගලයන්  08 දෙනෙකු අනුරාධපුර පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල,මාලිගාතැන්න,පදවි ශ්‍රීපුර,ගිරාඳුරු කෝට්ටේ ,වරකාපොළ හා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.මේ පිරිස අතර සිටි කාන්තාව නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ ගේ බිරිඳ වේ. ලබන 26 දක්වා රිමාන්ඩ් කර ඇත.

තවත් පොලිස් ලොක්කෙක් අල්ලස් වලට දැලේ

Image
  පොලිස් මූලස්ථානයේ සංස්කෘතික අංශයේ අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මුදල් විශුද්ධිකරණ චෝදනා මත අද (14)දින අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත් අඩංගුවට ගන්නා ලදී. අල්ලස් හෝ දූෂණ කොමිසම සඳහන් කරන ආකාරය⁣ට මෙම ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරීවරයා වෙනත් පුද්ගලයකුගේ නමින් බැංකු 03ක ඉතුරුම් ගිණුම් තුනක් පවත්වාගෙන යමින් එම ගිනුම්වලට ලැයිස්තුගත අපරාධ ක්‍රියාකාරිකයන් ගෙන් හා පැමිණිලි සඳහා⁣ පොලීසියට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් ලෙස රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න මුදලක් ලබා ගැනීම සහ එම මුදල් විශුද්ධිකරණය කිරීම යන චෝදනා මත අත් අඩංගුවට ගෙන තිබේ . සැකකාර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අධිකරණය⁣ට ඉදිරිපත් කරමින් අල්ලස්⁣ හෝ දූෂණ කොමිසමේ නිළධාරීන් සඳහන් කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගන්නා ලද මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දුලාජ් තරංඟ නම් පුද්ගලයා ප්‍රශ්ණ කිරීමේදී ඔහුගේ දුරකථනයේ සැකකරුගේ වට්ස්ඇප් අංකයක් හමුවී ඇති අතර ඉන් නානායක්කාර නම් පුද්ගලයකු ගේ බැංකු ගිනුම් පිළිබඳ විස්තර හුවමාරු වී ඇති ඇති බවත් අනාවරණය වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම විස්තර තම කොමිසම වෙ...

නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත සුබ පතමු

Image
  "........මං පොලීසියට ආවෙ  අම්මයි තාත්තයි මගේ ජීවිත ආරක්ෂාව ගැන හිතුව හන්ද එයාලට ඕන වුනා මම ජීවත් වෙලා ඉන්නවා දකින්න.ඒ දවස්වල අපේ ගම්වල තිබුණ භීෂණකාරී ව⁣ටපිටාව තුළ තරුණයින්ගේ ජීවිත වලට දැඩි අවදානමක් තිබුණා.මම පොලිස් කොස්තාපල් වරයෙක් විදියට 1988 අවුරුද්දෙ පොලීසියට බැඳුනෙ ඒ නිසා. ඉන්පස්සෙ මම මට මග හැරන අධ්‍යාපනය ආයෙත් පටන් ගත්තා. කොස්තාපල්වරයෙක් විදියට සේවය කරද්දි මම උප පොලිස් පරීක්ෂක වරයකු ලෙස පත්වීමක් ලැබුවා. අනතුරුව සහකාර පොලිස් අධිකාරිවරයකු වන්නටත් පොලිස් අධිකාරීවරයකු වීමටත් මට අවස්ථාව ලැබුණා.මම දැන් ඡ්‍යෙෂ්ඨ ⁣නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්.ඒත් මෙතැනින් එහා මට ගමනක් නෑ කියල මම හිතනවා.ඒ මට වඩා ඡ්‍යෙෂ්ටයන් ⁣පොලිස් සේවාවේ ඉන්න නිසා.ඒ නිසා මේ හොඳටම ඇති.මං මගේ රැකියාව ගැන හොඳටම තෘප්තිමත්......" මේ කතාව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කෙරුවේ මැතිවරණ කොමිසමේ ඒ කාලයේ පැවැති රැස්වීමකදීය.එවකට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ගේ ප්‍රධානත්වයෙන් මේ රැස්වීම තිබුණේ එම කොමිසමේ රාජකාරියේ සිටි නිළධාරින් දැනුවත් කිරීම සදහාය.ඒ දිනවල ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මැතිවරණ කොමිසමේ රාජක...