Posts

පොලිස්පති සී.ඩී. නැවත පත්කිරීම වැරදියි - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීන්දු කරයි

Image
  පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා සී.ඩී.වික්‍රමරත්නට දෙවන වරට ලබා දී තිබූ මාස 03 ක කාලය පසුගිය ඔක්තෝම්බර් මස 09 වෙනිදායින් පසුව ජනපතිවරයා විසින් ඔහුට ඔක්තෝම්බර් 13 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි සති 03 ක සේවා දිගුවක් ලබා දීමට කටයුතු කර ඇති බවට වාර්තා විය. එහෙත් වයස අවුරුදු 60 ට වැඩි රජයේ නිළධාරීන්ගේ සේවය දීර්ඝ නොකිරීමට රජය ගෙන ඇති තීරණය අනුව පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට නැවත සේවා දිගුවක් ලබා දීම අනුමත කළ නොහැකි බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විසින් තීන්දු කර ඇතැයි දැන ගැන්මට තිබේ. අද (17)දින කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්ව ඇති ව්‍යවස්ථාදාවක සභා රැස්වීමට අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්,සහ සිවිල් නියෝජිතයන් සහභාගි වූ බව පැවසේ.එහෙත් ව්‍යවස්ථා දායක සභාවේ  සාමාජිකයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම රැස්වීමට සහභාගි වී නැත.ඔහු මේ වන විට ඉන්දි⁣යාවේ සංචාරයක නිරත වේ. කෙසේවෙතත් විදේශගත සංචාරයක නිරත ජනපතිවරයා ලංකාවට පැමිණිමෙන් පසු ව්‍යවස්ථා දායක සභාවේ තීරණය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියා මාර්ග ගනු ඇතැයි ජනපති...

සය නිවුන් දරු උපතේ තිත්ත ඇත්ත මෙහෙමය

Image
  ආර්ථිකය කුල්ල කුජීත වී තිබියදී අද (17) දින කොළඹ කාසල් වීදිය රෝහලේදී සය නිවුන් දරු උපතක් පිළිබඳව වාර්තා විය.මෙලොවට අමුත්තන් වූ ඒ අහිංසක කිරි සප්පයන් ගැන සතුටු වෙනවාට වඩා අපට ඇත්තේ කණගාටුවකි.ඒ කවුරු කවුරුත් සය දරු උපත ගැන සතුටු වන හා කතාබහ වන  වටපිටාවකය. මේ දරුවන් හය දෙනා පිරිමි දරුවන්ය.ඔවුන් මේ වන විටත් ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තාවේ.ඒ එම දරුවන් උපත ලබා ඇත්තේ සති 26 ක නොමේරූ ළදරුවන් ⁣ලෙසය.මෙම දරුවන් උපතේදී බර ග්‍රෑම් 400 /700 අතර වන බවද වැඩිදුරටත් වාර්තා විය.මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති එම රෝහ⁣ළෙහිළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය  එල්.පී.සී.සමන් කුමාර ප්‍රකාශ කර ඇත්තේ දැනට කෘතිම ස්වසනය ලබා දෙන මේ දරුවන් ජීවත් කරවීම බරපතල අභියෝගයක් බවය. එහෙත් මේ සය නිවුන් දරුවන් පිළිබඳව මාධ්‍ය වසන් කරන අමිහිරි කත⁣න්දරයක්ද තිබේ.ඒ කතන්දරය තුළ සැඟවී ඇත්තේ මෙරට මුදලට මිනිස් ජීවිත පවා සෞඛ්‍ය සේවාව තුළ තුට්ටුවට දෙකට විකිනෙන ජාවාරමක් වී ඇති බවය.අනික් කාරණය වන්නේ මෙරට සමාජය විද්‍යාත්මකව දැනුම්වත් සමාජයක් ⁣නොවීම නිසා සිඳුවන හානියයි.මේ කාරණා දෙකෙන්ම ...

ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී නොහොත් රනිල් රාජපක්ෂගේ දේශපාලන සිහිනය

Image
  රනිල් රාජපක්ෂ ආණ්ඩුව හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් පැවරත්වීමට සැළසුම් කරමින් පවතින බවට තොරතුරු ලැබෙමින් පවතී. අයවැය පැරදවීමේ අදහසක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡා වීම ,අමාත්‍ය තනතුරු නොලැබීම නිසා  කළකිරිණු ආණ්ඩු පක්ෂයේ ඡ්‍යෙෂ්ඨයන් ගේ කළකිරිිම ආදී හේතුන් ගණනාවක් එයට හේතුවී ඇති බවට දැන ගැන්ම තිබේ. කෙසේවෙතත් මීට පෙර ජනපතිවරයා හා රාජපක්ෂ පවුලේ සැලසුම වූයේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ජනපතිවරයාගේ විධියක බලය අහෝසි කර පාර්ලිමේන්තු බලය දිගටම පවත්වාගෙන යාමටය.මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ව්‍යවස්ථානුකූලව ජනමත විචාරණයකට යායුතු වේ.එහෙත් ජාතික ජන බලවේගය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ජනපතිවරයාගේ විධායක බලය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනයත් සමගම පාර්ලිමේන්තුව විසුරවා හැරීමට කටයුතු නොකළහොත් ජනමතවිචාරණයේදී ආණ්ඩුවේ මතය පරාජයට පත්කිරීමට කටයුතු කරන බවය.   දැන් ජනපතිවරයාගේ පාර්ශවය මුහුණ පා ඇත්තේ බරපතල දේශපාලන ආරවුලකටය.පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නැතුව ජනපතිවරයාට සිය අභිමතය පරිදි ආණ්ඩුව ගෙන යාමට නොහැකිය.ජනපතිවරයාගේ ඔඩොක්කු කුක්කන් රැළ හ...

හොර ඖෂධ ගෙන්වූ ජාවරම්කරුවන් තවමත් නිදැල්ලේ

Image
  ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරන ලද හියුමන් ඉම්යුනෝග්ලෝබියුලින් නැමැති රුධිරය හා සම්බන්ධ ඖෂධය පිළිබඳව බරපතල අර්බුදයක් මතු වී තිබේ.පසුගිය කාල සීමාවේදී මෙරටට බාල ඖෂධ ගෙන්වන බවට ජනතාවගේ බලවත් විරෝධයක් පවතින වටපිටාවක මේ හියුමන් ඉම්යුනෝග්ලෝබියුලින් ඖෂධය ගැන තොරතුරු අනාවරණය වී ඇත.කෙසේ වෙතත් අදාල ඖෂධය රෝගීන් හට ආසත්මිකතා ඇති කිරීමට හේතු වූ බවට වාර්තා වීම නිසා එය භාවිතය තහනම් කරනු ලැබිණි.එහෙත් දැන් අනාවරණය වී ඇති තොරතුරු අනුව මේ ඖෂධය මෙරටට ගෙන්වූ සමාගම එය ගෙන්වීමට අනුමැතිය ලබා ගැනීමේදී ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ව්‍යාජ ඒවා බවට හඳුනා ගෙන ඇත.මෙම ව්‍යාජ ලේඛන පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද කළ බව කියවේ. මෙරට රෝහල් කිහිපයකදී එම ඖෂධය භාවිතා කිරීමෙන් පසුව රෝගීන් කිහිප දෙනෙකුටම ආසාත්මිකතා ඇති කළ බවට වාර්තා වීමත් සමග එය භාවිතයෙන් ඉවත් කරන ලදී.ඒ සමගම එම ඖෂධය මෙරටට ගෙන්වන ලද ඉන්දියානු සමාගමෙන් බලධරයන් කරුණු විමසීමක් කිරීමේදී එම සමාගම මෙරට ඖෂධ නියාමන අධිකාරියට දන්වා ඇත්තේ එය නිෂ්පාදනයට තමන්ගේ සමාගමේ කිසිදු සම්බන්ධතාවක් නැති බවය.ලයිව් අර්...

ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේනට එරෙහිව මඩ ගැසීමේ ව්‍යාපාරයක්

Image
    ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේනට එරෙහිව මඩ ගැසීමේ ව්‍යාපාරයක් ඔහු සම්බන්ධ වන නඩුවක් හරහා දියත් වෙමින් පවතී. මෙය ආරම්භ කොට ඇත්තේ මව්බිම පුවත්පත හරහාය. මාලිංග ප්‍රනාන්දු යනු Assnet International ( pvt) Ltd නම් ආරක්ෂක අංශ වලට මෙවලම් සපයන කොම්පැනියක කළමනාකාර අධ්‍යක්ෂ වරයාය. මොහු කුලියට සිටි කොළඹ ඉඩමක් අදාල ඉඩමේ අයිතිකරුගෙන් කුමාර ධර්මසේනට අයත් පින්තැන්න සමාගම මගින් මිළදී ගෙන ඇති අතර මොහුව අදාල ඉඩමෙන් බලහත්කාරයෙන් පලවා හැරි බවට කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක් පවරා තිබේ. එහෙත් ඉඩමේ අයිතිකරු මොහු නොවන අතර පසුගියදා අදාල නඩුව විභාගයට ගත් අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා නොවැම්බර් 2 වෙනි දිනට කල් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩුවට අදාල වග උත්තර කරුවන් සම්බන්ධව පරීක්ෂණයක් සිදුකර වරදක් සිදු කර ඇත්නම් උසාවියට ඉදිරිපත් කරන ලෙසය. මෙම සිද්ධියට අදාලව නඩු දෙකක් පවතී. මහෙස්ත්‍රාත්වරයාගේ ප්‍රකාශය විකෘති කර මව්බිමේ මෙය වාර්තා කළේ කුමාර ධර්මසේනව අත් අඩංගුවට ගන්නා ලෙස හෙඩිමක් සහිතව මුල් පිටුවේ පුවතක් ලෙසය . අනිකුත් පුවත්පත් එසේ වාර්තා කර නොතිබුණු අතර මව්බිම පුවත අලලා රූපවාහිනී ...

ආතල් ජනපති රනිල් රාජපක්ෂ ගුටි කෑමට නියමිතය

Image
  ඇත්තටම එළඹෙන වර්ෂයේ නියමිත කාලයේදී ජනපතිවරණය තියේවිද නැද්ද යන ගැන මුළු රටටම ඇත්තේ සැකයකි. සාංකාවකි.ප්‍රජාතන්ත්‍රවාදය පිළබඳව අදහසක් තිබෙන සෑම පුරවැසියෙකුම දැන් ඉන්නේ එම ප්‍රශ්ණයට ආණ්ඩුවෙන් ලැබෙන පිළිතුර කුමක්ද යන්න ගැන අවධානයෙනි.පලාත් මැතිවරණයට ෂො⁣ට් එක දුන් ආණ්ඩුව ජනපතිවරණයද එවැනි ගේමකින් යටපත් කරනු ඇතැයි කාට කාටත් සැකයක් ඇතිවීම සාධාරණය. සැබවින්ම ආණ්ඩුව ජනපතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නේද නැද්ද යන්න ගැන විවිධ දේශපාලන අනාවැකි අසන්නටද ලැබේ.මේ වන විට ජනපතිවරයාගේ ඔඩොක්කු කුක්කන් වන වජිර අබේවර්ධන ,මේල් නර්ස් සමන් ,රජිත කීර්ති තෙන්නකෝන් වැන්නන් සමාජගත කරන්නට හදන්නේ රනිල් වික්‍රමසිංහ මෙරට ජනපතිවරයා ලෙස වල කජ්ජ ගහන තුරුම කටයුතු කරනු ඇති බවය.මේ තක්කඩියන් තුන්දෙනාම දැන් ජීවත්වන්නේ රනිල් වික්‍රමසිංහ ගේ  පිහිටෙනි.ඒ පිහිට නැති වූ දවසට සිය පාදඩ ආත්මය කුල්ල කුජීත වන බවද මුන් දනී.මේ තක්කඩියන් තුන් දෙනාම එකම හැඩයේ මානසික ආබාධිතයන්ය.පොලිස් කාරයන් තමන්ට සැලියුට්  ගහනවා දකින්න⁣ට මේ වාහෙලා හරිම කැමතිය.   සමාජයේ පට්ට පොරවල් බව අඟවන්නට මුන් කැමතිය.මුන් තුන්දෙනාගේම පැටිකිරිය හො...

2023 වසරේ ජනප්‍රියම නිවේදකයා චමුදිත සමර වික්‍රම

Image
    ඊයේ 13 රාත්‍රි කාලයේ කොළඹ නෙළුම් පොකුණ්  රගහලේ පැවති පොපියුලර් එවොඩ්  සම්මාන රාත්‍රියේදි හිරු  ටීවී ආයතනයේ නිදහස් මාධ්‍ය වේදියකු ලෙසට රැකියාව කරන චමුදිත සමර වික්‍රම තේරී පත් විය .  චතුර කතිකත්වයක් හා  ඉතාම තියුනු වාග් ප්‍රහාරයක් එල්ලකරමින් ජනතාවගේ හද බැදගෙන ඇති චමුදිත මෙරට මාධ්‍යකරුවන් අතර ප්‍රථම ස්ථානය ගෙන ඇති අයෙකි.   අපි ඔහුට ලංකා දවසේ සුභාෂින්ශනය එක්කරන්නෙමු.