මහනුවර ඇහැලේපොළ වලව්වටත් ෂොට් එක දෙයි
අප මේ ප්‍රවෘත්තිය ලියන්නට පෙර 2023 ජුනි මස 11 වන දින ඉරිදා දිවයින පුවත්පතේ දළදා මාලිගාවට දුන්න මොකද්ද මේ ඇහලේපොල වලව්ව නම් ශීර්ෂයෙන් පල කරන ලද ලිපියේ සඳහන් කාරණයක් පිළිබඳව අවධානයට ලක් කිරීමට කැමතිය.ඒ ලිපිය ලියවී තිබුණේ මහනුවර රජවීදියේ පිහිටි ඇහැලේපොළ වලව්ව පිළිබඳවය.ශ්‍රී වික්‍රමරාජ සිංහ රජුගේ පාලන කාලයේදී ඇහැලේපොළ අධිකාරම් හා ඔහුගේ පවුලේ අයවළුන් ජීවත් වූයේ මේ වලව්වේය.මෙය පසුකාලීනව ඇහැලේපොල වලව්ව,රිමාන්ඩ් බන්ධනාගාරය හා බන්ධනාගාර නිල නිවාසය ලෙස ගොඩනැගිලි තුනකින් සමන්විතව තිබුණි.මහනුවර දළදා මාලිගාව ආශ්‍රිත පූජා භූමි ප්‍රදේශයේ පිහිටා ඇති මේ වලව්ව 2005 වර්ෂයේදී පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගන්නා ලදී. ඉන් අනතුරුව අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් දළදා මාලිගාවට පවරා දීමට කටයුතු කළ අතර එම පවරා දීම ගැන අප විසින් ඉහත සඳහන් කළ දිවයින පුවත්පතේ පල කරන ලද ලිපිය මගින් සැක සංකා මතු කර තිබුණි.එහිදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙම ගොඩනැගිල්ල තම අමාත්‍යංශය යටතේ න...