අම්බලන්ගොඩ ධම්මික නිරෝෂණ ඝාතනයේ ඇත්ත කතන්දරය මෙන්න

පසුගියදා සිදු වූ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ගේ ඝාතන කම්පන ධාරා තුනී වන්නටත් පෙර තවත් ආන්දොා්ලනාත්මක සිදු වීමක් වූයේ අම්බලන්ගොඩ ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි නැමැත්තා ඝාතනයයි.මේ ධම්මික නිරෝෂණ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි.පසු කාලයකදී මොහු කොස්ගොඩ සුජී පාර්ශවයට සම්බන්ධව විවිධ ආකාරයේ පාතාල ක්‍රියාකාරකම් වල නිරතව සිට ඇති බව අනාවරණය වේ. අම්බලන්ගොඩ රන්දොඹේ පොලී විකුම් නැමැත්තාට ධර්මාශෝකය අසලදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ පාතාල ක්‍රියාකාරීන් දෙදෙනාට නවාතැන් පහසුකම් සලසා පොලී විකුම් ගේ ගමන් බිමන් පිළිබඳව සියළු තොරතුරු සපයා ඇත්තේ ධම්මික නිරෝෂන් බව පැවසේ.එම ඝාතන ප්‍රයත්නයේදී තුවාල ලැබූ පොලී විකුම් සුව වීමෙන් පසුව ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බව රහස් ඔත්තු සේවා පවසයි.පොලී විකුම්ගේ සොහොයුරන් දෙදෙනා වන පැතුම් හා සිතුම් අම්බලන්ගොඩ පදිංචිව සිටී.ධම්මික නිරෝෂන්ගේ ඝාතනය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ සැකය මේ වන විට එල්ල වී ඇත්තේ මේ සොහොයුරන් දෙදෙනා වෙතය. ධම්මික නිරෝෂන් ගේ හිමිකාරිත්වය යටතේ,අම්බලන්ගොඩ මුුුහුදු තීරයේ පිහිටා තිබූ සංචාරක නිකේතනයක් පසුගියදා අලෙවි කර ඇත්තේ...