Posts

ජාතික ජන බ⁣ළවේගයට එරෙහිව දූෂිතයන් රැළ එක පොදිය⁣ට පෙළ ගැසේ

Image
  මේ වන විට ජාතික ජන බලවේගය පිළිබඳව සමාජය තුළ පවතින ජන ප්‍රසාදය ඉදිරි සතිය තුළදී බිඳ වැට්ටවීමේ මනෝ මූලික මෙහෙයුමක් දියත් කිරීමට ආණ්ඩුව හා විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු සැළසුමි කර ඇති බව වාර්තා වේ.මෙම කණ්ඩායම ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳව අතිශයින් බියට පත් වී සිටින අයවළුන් වේ. ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ විශ්‍රාමික හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකුද රාජ්‍ය හා හමුදා බුද්ධි සේවාවට අයත් ⁣ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් කිහිප දෙනෙකුද ආණ්ඩු පක්ෂයේ හා රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් ලෙස ක්‍රියා කළ දේශපාලඥයින් කිහිප දෙනෙකුද එක්ව එම සැළසුම මේ වන විටත් සකස් කර ඇති බව දැන ගැන්මට තිබේ.⁣⁣එහිදී ජාතික ජන බලවේගයට ජන ප්‍රසාදයක් නැති බවට වන අසත්‍ය බුද්ධි තොරතුරු වාර්තා ජනසංනිවේදන මගින් ප්‍රකාශයට පත් කිරීමත් දේශපාලනික මඩ ප්‍රකාශනයන් සමාජ ගත කිරීමත් සිදු කිරීමට නියමිතය. ජාතික ජන බල වේගයේ ජයග්‍රහණය කෙසේ හෝ අඩාල කිරීම එසේත් නැතහොත් එම ජයග්‍රහණය කඩා කප්පල් කිරීම සදහා සැළසුම් කර ඇති එම මෙහෙයුම සමහර විට මරා ගෙන මැරෙන මෙහෙයුමක් කරා විකාශනය වීම...

ලක්ෂ්මන් කිරිඇල්ල අම්මාගේ මල බත දී ඇත්තේ ආණ්ඩුවේ සල්ලි වලින්

Image
  සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔහු මෙරට ජනපතිවරයා ලෙස පත් වුව හොත් දූෂණය හා චංචාව අවසන් කරන බවට බර වචන හෑල්ලක් ඇතුළත් කර තිබේ.එම ප්‍රතිපත්ති ප්‍රකාශනය මහා නායක හිමියන් වෙත පිළිගැන්වීමේදී ඒ හිමියන් සජිත් ප්‍රේමදාස ගෙන්  "මේ ප්‍රතිපත්ති ප්‍රකාශ⁣නයේ බොරු ලියා නෑ නේද" යැයි විමසුවේ උපහාසාත්මකවය. ඒ තරමටම මහ නායක හිමියන් සජිත් ප්‍රේමදාසගේ කෙරුවාව ගැන සැක කරන බව ඉන් තහවුරු වේ. කෙසේ වෙතත් මහා නායක හිමිවරුන්ට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීමට සජිත් ප්‍රේමදාස ගිය අවස්ථාවේ ලක්ෂ්මන් කිරිඇල්ලද ඔහු සමග එක්ව සිටියේය.සජිත් ප්‍රේමදාස යම් හෙයකින් මෙරට ජනපති ධුරයට පත් වුව හොත් ලක්ෂ්මන් කිරිඇල්ල ඔහුගේ ඇමති මණ්ඩ⁣ලයේ ඡ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන බව නම්  නිසැකය.   2003 වර්ෂය වන විට මේ රටේ වැවිලි කර්මාන්ත අමාත්‍ය වරයා වූයේ මේ නම සදහන් කර ඇති ලක්ෂමන් කිරිඇල්ලමය.ඔහු වැවිලි කර්මාන්ත  අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට 2003 මාර්තු මාසයේ 12 වන දා ඔහුගේ මව අභාවප්‍රාප්ත විය.ඇයගේ අවසන් කටයුතු සිඳු වූයේ 2003 මාර්තු මස 15 වන දාය.මෙරට  සිං...

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා

Image
  ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබා දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව ඔහු මෙරට ප්‍රසිද්ධ සමාගම් 37 ක කොටස් හිමිකරුවෙකි.ඔහු කොටස් හිමිකම් පවතින මේ සමාගම් අතර ලේක්හවුස් සමාගමද වේ. මේ වන විට ලේක්හවුස් සමාගම විසින් මුද්‍රණය කර බෙදා හරින ප්‍රකාශන මගින් ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් විශේෂයක් දක්වා ඔහුගේ දේශපාලන රැස්වීම් පිළිබඳව තොරතුරු ප්‍රචාරය කරමින් තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 92 ව්‍යවස්ථාවේ  ආ අනු ව්‍යවස්ථාව අනුව 91 වන ව්‍යවස්ථාවේ ඉ අනු ව්‍යවස්ථාවේ සඳහන් වන පරිදි රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් නැතහොත් රජය වෙනුවෙන් හෝ රාජ්‍ය සංස්ථාවක් වෙනුවෙන් එළඹ ඇත්තාවූ යම්කිසි ගිවිසුමකට යම් කිසි තැනැත්තකුගේ යම් ආකාරයක සම්බන්ධතාවක් තිබීම ජනපතිවරයා වශයෙන් තෝරා පත් කර ගැනීමේ නුසුදුසු කමක් ලෙස සැළකේ. මෙම ව්‍යවස්ථාපිත නීතිය යටතේ ජනපති රනිල් වික්‍රමසිංහ සිය කොටස් යොදවා ඇති ලේක්හවුස් ආයතනය තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ගැනීම ඔහු මෙරට ජනපතිවරයා වශයෙන් පත් තෝරා පත් කර ගැනීමේ නුසුදුසු කමක්  නොවන්නේද යන්න පිළිබඳව මෙරට...

තැපැල් ඡන්ද මංකොල්ල කෑමක් සිඳු විය හැකිද

Image
  ජනාධිපතිවරණය උණුසුම් කරමින් තැපැල් ඡන්දය සඳහා දින කාල වකවානු ප්‍රකාශයට පත් කර තිබේ.තැපැල් ඡන්ද දීමේ අවසන් දිනය ලෙස සදහන්ව ඇත්තේ සැප්තැම්බර් 06 වන දාය. ඉන් අනතුරුව එළඹෙන්නේ සෙනසුරාදා හා ඉරිදා දිනයන් වේ. ⁣මේ සති අන්ත දින දෙක පිළිබඳ මෙහි විශේෂයෙන් සඳහන් කරන්නේ මීට ඉහත කාලයකදී  ලංකා දවසට යුද හමුදා බුද්ධි අංශ නිළධාරියකු කළ ප්‍රකාශයක් නිසාය.ඔහු එහිදී ප්‍රකාශ කරන ලද්දේ  මහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකා තරග කළ ජනපතිවරණයේදී මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබුණ තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් පාර්සල් මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට වාසි සැළසෙන ආකාරයට වෙනස් කළ බවත් තමන් ඇතුළු බුද්ධි අංශ නිළධාරීන් තිස් දෙනෙකු පමණ මධ්‍යම තැපැල් හුවමාරුවේ ඒ සඳහා රාජකාරියේ යොදවා තිබුණ බවත්ය.මේ බුද්ධි අංශ නිළධාරියා සිඳු කළ අනාවරණය අතේ ගෙතූ රෝලක් හෝ අසත්‍ය ප්‍රකාශයක් යැයි එකවර බැහැර කරන්නට නොහැකිය.ඒ මෙරට මැතිවරණ ඉතිහාසය තුළ  විවිධ හැඩයේ වංචා දූෂණ සිදු වී ඇති බවට සඳහන්ව තිබෙන නිසාය. මහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකා තරග කළ ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ දිනයේ හවස් වරුවේ මහින්ද රාජපක්ෂගේ ඉතා සමීපතමයකු තමන්ගේ ...

අනුර කුමාර දිසානායකගේ වත්කම රනිල් වික්‍රමසිංහගේ ආදායමට වඩා වැඩිද ?

Image
  අද දින (27) ජාතික ජන ⁣බලවෙිගය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී එහි සිටි සුනිල් හදුනෙත්තිගෙන් මාධ්‍යවේදියෙකු විමසුවේ මේ වන විට ප්‍රසිද්ධියට පත් වී ඇති ජනාධිපති අපේක්ෂකයන්ගේ  වත්කම් හා බැරකම්  ප්‍රකාශ අනුව අනුර කුමාර දිසානායකගේ වත්කම රනිල් වික්‍රමසිංහ⁣ට වඩා වැඩි නේද යන්නය. මේ ප්‍රශ්ණයට පිළිතුරු දුන් සුනිල් හඳුනෙත්ති පැවසුවේ  රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර ඇති  වත්කම් හා බැරකම් ප්‍රකාශය සාවද්‍ය විය හැකි බවට හැඟවෙන ආකාරයේ  සඳහනකි. සුනිල් හඳුනෙත්ති එහිදී කළ ප්‍රකාශයෙන් ලංකා දවසට වැටහී ගියේ ඔහු ජනපති අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අධ්‍යයනය කර නැති බවය.ඔහු එම වත්කම් හා බැරකම් ප්‍රකාශ පිළිබඳව මනාව දැනුවත්ව සිටියේ නම් ඒ ප්‍රශ්ණය ඇසූ  මාධ්‍යවේදියා හට සාර්ථක පිළිතුරක් දීමට ඔහුට හැකිව තිබුණි. ජනපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශය ඔහුට ලැබෙන මාසික වැටුප රුපියල් 97500 කි.ඊට අමතරව ඔහුට පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම වැටුපක් ලැබෙන අතර එය රුපියල් 79816.66කි.ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට විශ්ව විද්‍යාලයෙන් රුපියල් 576785ක දල ...

දූෂිත හමුදා ලොක්කෝ ජාතික ජන බලවේගයට එරෙහිව කුමන්ත්‍රණයක

Image
  ජනාධිපතිවරණ ප්‍රතිඵලය දේශපාලන සුනාමියක් වන බවට සතර දිසා⁣වෙන් වාර්තා වන තොරතුරු වලින් පෙනී යයි.සාමාන්‍යයෙන් මැතිවරණයක අවසන් පුතිඵලය තුළ වෙනසක් ඇති කිරීමට හේතු වන්නේ පාවෙන ඡන්ද දායකයන් මිස දේශපාලන පක්ෂවල අරටු විසින් නොවේ. මේ වන විටත් මෙරට මැතිවරණ භූ⁣ම්යේ ඉදිරියෙන් සිට්න්නේ ජාතික ජන බලවේගයයි.එය දිස්ත්‍රික් මට්ටමින් සංඛ්‍යාත්මකව ගණනය කළ විට ලැබෙන ප්‍රතිඵළයයි.⁣මෙරට පාවෙන ඡන්ද දායකයන්ගේ ආකර්ශනය ජාතික ජන බලවේගය⁣ට හිමි වී තිබෙන බව ඇස් පනා පිට දකින්නට තිබේ.සමගි ජන බලවේගය වටා එක් වෙමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ගිය පාරම්පරික ඡන්ද සමූහයයි.එම භූමිය තුළ තාරුණ්‍ය නොමැති බව සමගි ජන බලවේගයේ මහජන රැළි වලට සහභාගිවන්නන් පිළිබඳව අවධානය දක්වන වන විට තහවුරු කර ගත හැකිය. අන්තර්ජාලය තුළද ජයග්‍රහණය හිමි  ඇත්තේ ජාතික ජන බලවේගයේ නියෝජනය කරන පාර්ශවයන්ටය.මින් අනාවරණය කෙරෙන ප්‍රකාශනයන් මෙරට පිහි⁣ටි ග්‍රාම සේවා වසම් 14022 තුළ විශාල පරිවර්තනීය බලපෑමක් එල්ල නොකරන නුමුත් එම ග්‍රාම සේවා වසම් සියල්ල ආවරණය කරගනිමින්  ජාතික ජන බලවේගයේ සංවිධානගත වීම ඉතා ක්‍රමානුකූලව හා විධිමත්ව සිදු වෙ...

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

Image
  ජනාධිපති අපේක්ෂකයන් ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ පසුගියදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් ප්‍රකාශයට පත් කෙරිණි.ඒ අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතේ ඇති මුදල රුපියල් 67000 ක් වන  අතර ඔහු විසින් ගෙවීමට ඇති ණය මුදල මිලියන 50 කට වැඩිය.සජිත් ප්‍රේමදාස හා ඔහුගේ බිරිඳට ඇති බැංකු ගිණුම් සංඛ්‍යාව 14 ක් වන අතර ඒ බැංකු අතර ලංකා බැංකුව ,සෙලාන් බැංකුව,එන්ඩීබී බැංකුව,නේෂන් ට්‍රස්ට් බැංකුව ආදිය වේ.ඒ අතරම ඔහුට සමාගම් දෙකක කොටස් වටිනාකම 2,257,640කි.සජිත් ප්‍රේමදාස පොල් සහ වී වගාවෙන්  යුක්ත ඉඩමක හිමි කරුද වේ. ඔහු විසින් 2024 දී ලබා ගත් රුපියල් 3,130,138ක ණය මුදලක් ඒ ආකාරයෙන්ම පවතින අතර දිනය යොදා නැති හා ලබා ගත් ණය මුදල ප්‍රදර්ශනය නොවෙන ලෙස කළු කර ඇති ණය මුදලක ඉතිරිිය වශයෙන් රුපියල් මිලියන 8.41ක් දැක්වේ. කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස විසින් ලබා ගත් ණය පිළිබඳව ඉතා බරපතල ලෙස අවධානය යොමු කළ යුතු වන්නේ ඔහු විසින් එම ණය නොගෙවා ඇති නිසාය.මෙහිදී 2014 වර්ෂයේදී ලබා ගෙන ඇති රුපියල් මිලියන 2.8ක ,2015 වර්ෂයේදී ලබා ගෙන ඇති රුපියල් මිලියන 2.285 ක ,2016දී ලබා ගෙන ඇති රුපියල් ම...