Posts

අපොයි දෙයියනේ රවි හා ශානි

Image
  ජාතික ජන බලවේගය ආණ්ඩුව ගැන  තව ලියන්නට දෙයක් නැත.දින හැටක කාලය තුලදී හොට බිම ඇනෙන තරමට ආණ්ඩුව ටිරාන් අලස් අසල දෙකට නැවී තිබේ.ටිරාන් හා අනුර අතර ප්‍රේමය ජාතික ජන බලවේගය⁣ට ඡන්දය දුන් ජනතාවට ⁣මේ වන විට "මෙන්න කොකා" පෙන්වමින් සිටී. රාජපක්ෂවරුන් ගෙන් හා රනිල් වික්‍රමසිංහයන් ගෙන් යැපුණ පොලීසියේ තක්කඩි අපරාධකරුවන් ටිරාන් ⁣අලස් ගේ බල පරාක්‍රමයෙන් තවමත් යහමින් වැජඹෙමින් සිටින බව ජාතික ජන බලවේග ආණ්ඩුව ගෙන එන්නට දර දිය ඇදි පොලිස්කාරයන් පවසන්නේ අතිශය කණගාටුවෙනි.  පසුගිය කාලයේදී මෙරට සිඳුවූ සාහසික අපරාධ ක්‍රියාකාරකම් සොයන බව ප්‍රකාශ කරමින් ජාතික ජන බලවේගය ආණ්ඩුව විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් වූ රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර ආණ්ඩුවේ ඉහළ තනතුරු පිහිටුවන ලදී. එය තනිකර ඇස් බැන්දුමක් පමණක් බව දැන් හෙළි වී තිබේ.ඔවුන් දෙදෙනා මේ ආණ්ඩුවේ අයිසින් සැරසිල්ලක් පමණකි.   ඒ බව අප සඳහන් කරන්නේ වග කීමෙනි.  රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව කාලයේ මෙරට මහත් ආන්දෝලනයකට ලක් වූ සිඳුවීමක් වූයේ කොළඹ අපරාධ කොට්ඨාශය වැලිගම W 15 සංචාරක නිකේතනයට ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් ඇතිවූ සිද්ධියයි.කොළඹ අපර...

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

Image
  අප ජාතික ජන බලවෙිගය පත් කරවීම සඳහා ඒ දිනවල මරාගෙන මැරෙන තරමට විපක්ෂයේ කෙරුවාව ගැන තොරතුරු අනාවරණය කෙරුවෙමු.පොලීසියේ රාජකාරි කළ පාතාල මැරයන් ගැන වාර්තා කෙරුවෙමු.   අධිකරණයේ කලු ලෝගුවට වසන් වී සිටින ජරා බායියන් ගැන පෙන්වා දුන්නෙමු.හමුදාවේ මිනීමරුවන් ගැන හෙළි කෙරුවෙමු. දීර්ඝ කාලයක් මෙරට සිටි පාලකයන්ගේ ඕනෑ එපා කම් මත මේ නින්දිත දූෂිත සාහසිකයන් විසින් හසුරවන ලද පොලීසිය හා හමුදාව හා අධිකරණ යන ක්ෂේත්‍රයන් ජාතික ජන බලවේගය ආණ්ඩුව බලය⁣ට පත් වීමෙන් පසුව පිරිසිදු කර විශිෂ්ටත්වයට ඔසවනු ඇතැයි අපට විශ්වාසයක් තිබුණි. ඒ විශ්වාසය තහවුරු කරන්නට ජාතික  ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු එහි නායකයන් දේශපාලන වේදිකා වල විසි කළ ඇඟ කිළිපොළවන කයිවාරු තුරුම්බු හේතු වූ බව අප මේ ලිපියේ පළමුවෙන් ලියමු.ඉන් අනතුරුව අප ගේ විශ්වාසය සමග ජාතික ජන ⁣බලවේගයේ ජයග්‍රහණයට එක්වූ ලංකා දවසේ පාඨක⁣යන්ගෙන් අපි සමාව අයදිමු.අපට වැරදී තිබේ.ඒ වැරැද්ද එසේ මෙසේ වැරැද්දක් නොවෙි.සමස්ත ජාතියටම කෙලවෙන ආකාරයේ බරපතල වැරැද්දකි. අනුර කුමාර මෙරට ජනපතිවරයා  වීමෙන් මෙරට ජනතාවට සාධාරණයක් කරනු ඇතැයි තවදුරටත...

රහසිගත පොලිස් අපරාධ කල්ලියක් ජනපති නියෝගයෙන් විසුරුවා හැරේ

Image
  ලංකා දවස කර්තෘ මණ්ඩලයේ අජිත් ධර්මපාල හට සිය මුහුණු පොත තුළින් මරණීය තර්ජන එල්ල කරන ලද ප්‍රධාන   පොලිස් පරීක්ෂක රංගජීව නම් දාමරිකයා 2024 /12/08 වන දින විශේෂ කාර්ය බලකායේ සිට ක්ෂේත්‍ර බලකා මූලස්ථානය⁣⁣ට ස්ථාන  මාරු කර යවා තිබේ.ඔහු සමග විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කර සිටි පොලිස් සැරයන් වරුන් තිදෙනෙකු හා පොලිස් කොස්තාපල් වරයකු ඔවුන් පෙර සේවය කරන ලද අංශ වලට මාරු කර යවා ඇති අතර එම ස්ථාන මාරු  නියෝගයේ සඳහන්  වන පරිදි මේ දාමරිකයා ඇතුළු එම කණ්ඩායම දුරකථන පණිවුඩ අංක 633 මගින් විශේෂ රාජකාරි සඳහා විශේෂ කාර්ය බලකායට අනුයුක්ත කර තිබුණ බව අනාවරණය වේ. විශේෂ කාර්ය බලකාය යනු විශේෂ සටන් පුහුණුවක් ලද කණ්ඩායමකි.මේ බලකායේ නිළධාරීන් සමග රාජකාරියේ නිරත වීම සඳහා එහි පුහුණුව ලබා නොගත් ප්‍රපොප රංඟජීව නම් දාමරිකයා ඇතුළු කණ්ඩායම අනුයුක්ත කර සිටියේ කාගේ අවශ්‍යතාවකට යන්න පිළිබඳව නීතිය හා සාමය  අමාත්‍යංශයේ දැඩි අවධානයට යොමු විය යුතුය.මෙම කණ්ඩායම නියෝජනය කළ පොලිස් නිළධාරීන් ගේ පසුබිමි වාර්තා ගැන සොයා බලන විට අපට හෙළි වූයේ ඔවුන් සියළු දෙනාම අනීතික මනුෂ්‍ය ඝාතන වලට හා විව...

මිනීමරු රංඟජීව විසින් ශානි ඝාතනය කිරීමට හදලා

Image
    දේශබන්දු  තෙන්නකෝන් පොලිස්පති වරයා ලෙස කටයුතු කරමින් සිටියදී හිටපු ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඝාතනය කිරීම සඳහා පොලිස් පරීක්ෂක රංගජීවට කොන්ත්‍රාතුවක් ලබා දී තිබුණ බවට බුද්ධි තොරතුරු ලැබී තිබුණ බව වාර්තා වේ. එම බුද්ධි තොරතුරු වාර්තාව වසන් කරගෙන තිබූ බවද එම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සියළු තොරතුරු එහි සඳහන්ව තිබූ බවද පැවසේ.වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන නඩුවට පොප රංඟජීව චුදිතයකු කිරීම සම්බන්ධයෙන් ඔහු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සමග දැඩි වෛරයකින් සිටි බවද පැවසේ. ඒ දින වල හිටපු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතින බවට ලංකා දවසට තොරතුරු ලැබී තිබුණ අතර එම ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ වූවන් ගේ අනන්‍යතාව ගැන පැහැදිලි තොරතුරක් අප හට නොලැබුණි.එහෙත් පොලිස් සේවාවට සම්බන්ධ බුද්ධි නිළධාරියෙකු ඊයේ (07) අප වෙත සදහන් කරන ලද්දේ ශානි අබේසේකර ඝාතනය කිරීමට සැළසුම් කරන  ලද්දේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා පොප රංඟජීව බවය.අවස්ථා දෙකකදී ශානි ඝාතනය සදහා පොප රංඟජීව උත්සාහ දරා ඇතත් විවිධ හේතූන් නිසා ඒ අවස්ථාවන්...

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සමනළයෙක් ගෙන් එහි සේවකයන්ට හිරිහැර වෙන බවට පැමිණිල්ලක්

Image
    පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් සෞඛ්‍ය අංශයේ වීකෘති ලිංගික ආශාවන් ගෙන් යුතු තැනැත්තකු සේවය කරන බවට අනාවරණය වී තිබේ.මේ තැනැත්තා ගෙන් හිරිහැරයට පත් වී ඇත්තේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ තරුණ සේවකයන්ය. රෝගී ප්‍රතිකාර සදහා සෞඛ්‍ය අංශයට පැමිණෙන තරුණ සේවකයන් ගෙන් අනවශ්‍ය ලිංගික තොරතුරු විමසමින් මේ තැනැත්තා තමන් අපහසුතාවට පත් කරවන බවට සඳහන් කරමින් කාර්ය මණ්ඩලයේ 320  දෙනෙකු ගේ අත්සන් සහිත පෙත්සමක්ද පාර්ලිමේන්තු ලේකම්වරියට බාර දී ඇති බවද මෙහිදී වැඩිදුරටත් වාර්තා වේ.

රංඟජීව නම් මිනීමරු පිස්සා බැඳ දමනු

Image
  මිනීමරු රංඟජීව නම් ගෝත්‍රික පොලිස්කාරයා ලංකා දවසේ කර්තෘ මණ්ඩලයේ අජිත් ධර්මපාල සහෝදරයාට මුහුණු පොත තුළ පෝස්ටුවකින් මරණීය තර්ජනය කර තිබේ.මේ මෙලෙච්ඡ පාදඩයා අපට මහ ලොකු වීරයෙක් නොවේ.එහෙත් මේ වන විටත් පොලිස් සේවාවේ නිරත පොලිස් නිලධාරියකු වන  මෙලේච්ඡ රංඟජීව නම් තිරිසනා  බ්‍රිතාන්‍ය පුරවැසියකු වන අජිත් ධර්මපාල සහෝදරයාට මරණීය තර්ජන කිරීම සුළුවෙන් තැකිය නොහැකිය.එසේම මේ තිරිසනාගේ මරණීය තර්ජනයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව සංචාරය සඳහා අනාරක්ෂිත රටක් බවය.මේ රට මෙලෙච්ඡයන් ජීවත්වන රටක් බවට ජාත්‍යන්තරය තුළ ප්‍රචාරය වෙමින් තිබූ අදහස තුනී වෙමින් පවතින වටපිටාවක රංගජීව නම් තිරිසන් මෙලෙච්ඡයාගේ ප්‍රකාශය බරපතල අපරාදමය වරදක් බව රජය වටහා ගත යුතුය.එහිදී ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් තේරුම් ගත යුත්තේ මෙවැනි නූගත් මෙලේච්ඡයන් තව දුරටත්  හුරතල් කරනවාද නීතිය ක්‍රියාත්මක කරනවාද යන්නය. මෙරට හොරොයින් මර්ධනයේ වීරයා ලෙස තමන් විසින්ම හදුන්වා ගන්නා මේ ගෝතයා තෝරාගත්  පාතාල හොරොයින් ජාවාරම්කරුවන් කිහිප දෙනෙක් සමග සම්බන්ධතා පවත්වා ගෙන යන කාඩයෙකි.පසුගියදා මත්ද්‍රව්‍ය ජාවාර...

ස⁣හෝදරවරුනි අපි ඔබට රැවටුනාදැයි සිතේ

Image
  ලංකා දවස ⁣පසුගිය කාලයේ කොන්දේසි විරහිතව පෙනී සිටියේ ජාතික ජන බල⁣වේගය බලය⁣ පත් කිරීම සදහාය.අප එසේ පෙනී සිටියේ නීතියේ ආධිපත්‍යය මෙරට භූමිය තුළ නැවතත් තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙනි.අනුර කුමාර සහෝදරයා ජනපති ධුරයට පත් වීම අපගේ අපේක්ෂාවන් මුදුන් පත් වීමක් ලෙස දුටු අපි ප්‍රීතියෙන් උද්දාමයට පත් වීමු.ඉන් අනතුරුව ජාතික ජන ⁣බලවේගය  ආණ්ඩු බලය ල⁣බා ගැනීමද අපි තවත් සතුටට පත් කරවන ජයග්‍රහණයක් විය. රාජපක්ෂ වරුන්ගේ මිනීමරු සාහසික හා මෙලේච්ඡ පාලනයෙන් දැඩි කම්පනයට පත් වී සිටි අපට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ⁣ඉඩෝරයට වට මහා ධාරානිපාතයක්ම විය.ඡ්‍යෙෂ්‍ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය,රගර් ක්‍රීඩක තාජුඩීන් ඝාතනය,මාධ්‍ය⁣වේදී පෝද්දල  ජ⁣යන්තට පහරදීම,එක්නැලිගොඩ අතුරුදන් කිරීම,වැලිවේරිය උද්ඝෝෂකයන් ඝාතනය, වැලිකඩ සිරකරුවන් ඝාතනය පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි තිරිසන් මෙලේච්ඡ අපරාධවලට වග කිවයුතු අපරාධකරුවන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කිරීමට ජනපති අනුර කුමාර   දිසානායක ප්‍රමුඛ ජාජබ ආණ්ඩුව මැදිහත් වනු ඇතැයි අපි සහෝදරත්වයෙන් ⁣විශ්වාස කෙරුවෙමු.රාජපක්ෂ වරුන් සිදු කරන ලද මෙම අපරාධ ...