Posts

Showing posts from January, 2025

කොස්ගොඩ පොලීසිය දෙන්නෙක් සැකකරුවෙක් ගේ මුදල් පැහැරගෙන

Image
  ඊයේ (29) කොස්ගොඩ පොලිස් වසමේ පොල්වත්ත දූව මෝදර ප්‍රදේශයේ සූදු පිටියක් වැටලීමට ගිය උප පොලිස් පරීක්ෂක උදාර හා පොකො චතුරංග යන දෙදෙනා එම සූදු පිටියේ සිටි අයෙකු පමණක් අත් අඩංගුවට ගෙන පොලීසිය⁣ට රැගෙන විත් කසිප්පු පානය කර ඉන් ප්‍රමාණයක් ලඟ තබා ගත්තේ යැයි චෝදනා කරමින් අධිකරණයේ නඩුවක් පවරා තිබේ. රූමත් විද්‍යාරත්න නම් වූ මේ පුද්ගලයා  කිසි දිනක මත් ද්‍රව්‍ය පානය කරන අයෙක් බව පැවැසේ.සූදූ පිටියේ සූදූ කෙලීමෙන්  හිමි කරගත් ලක්ෂ දෙකකට  ආසන්න මුදලක් පොලිස් අත් අඩංගුවට පත්වීමේදී ඔහු සන්තකයේ තිබී ඇත.සූදු පිටියේ සිටි අනෙකුත් පුද්ගලයන් මුදා හැර මේ පුද්ගලයා පමණක් පොලීසියට රැගෙන විත් ඔහු සන්තකයේ තිබූ මුදල් සියල්ල පැහැර ගත් එම පොලිස් නිළධාරීන් ඔහුට එරෙහිව  බොරු නඩුවක් දමා තිබේ.තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳව රූමත් විද්‍යාරත්න ⁣පොලිස්පති සහන මැදිරිය⁣ට පැමිණිලි කර තිබේ 

යෝෂිතගේ මිනීමරු බල්ලාත් උසාවියට ඇවිත්

Image
හිටපු ජනපති මිල්ටරි නන්දසේනට එරෙහිව ගාලු මුවදොර සිටි විරෝධතාකරුවන්ට එරෙහිව 2022 මැයි මස 09 වන දින ප්‍රහාරය පිළිබඳව අපට නැවත සිහිපත් කිරීමට සිදු වී තිබේ.ඒ පසුගිය දින මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත් අඩංගුවට ගන්නා ලද යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරිය දින අළුත්කඩේ අධිකරණයේ දොරටුව අසල දැක ගත හැකි වූ සිදුවීමක් නිසාය.එම අවස්ථාවේ යෝෂිත රාජපක්ෂ පිළිගැනීමට පැමිණ සිටිය වුන් අතර මැයි 09 ගාලු මුවදොර ප්‍රහාරයට පැමිණි අය අතර සිටි අරාබි වසන්ත නැමැති මැරයාද සිටියේය. මිරිහාන පිහිටි මිල්ටෙරි නන්දසේනගේ නිවස සමීපයේ පැවැති විරෝධතාව මර්ධනය සදහා සෙබළුන් ගෙන ආ බස් රථ ගිණි තැබීමට සම්බන්ධ වූයේද මේ මැරයාය. මැයි 09 ගාලු මුවදොර ප්‍රහාරය අහඹු සිදුවීමක් ලෙස වාර්තා වුවද එය සිදුවූ දින සිටම අපගේ ස්ථාවරය වූයේ මේ ප්‍රහාරය කුමන්ත්‍රණකාරීව සැළසුම් සහගතව සිදු කළ ප්‍රහාරයක් බවය.මේ මෙලෙච්ඡ ප්‍රහාරයේ සැළසුම් කරුවා වූයේ එවකට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන ලද යෝෂිත රාජපක්ෂ විය. ප්‍රහාරයට පෙර ⁣දින රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේ යෝෂිත රාජපක්ෂ හා කණ්ඩායම එම ප්‍රහාරය සැළසුම් කරන ලද්දේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ,...

තෝත් නටාපන් මාත් නටන්නම් හැඩයේ ජාජබ ආණ්ඩුවේ කෙරුවාව

Image
  ජාතික ජනබලවේගය ආණ්ඩුව තෝත් නටාපන් මාත් නටන්නම් බිංකුණ්ඩෝ බොල බිංකුණ්ඩෝ සෙල්ලම කරන බවක් පෙනෙන්නට තිබෙි.පැරණි ආණ්ඩුවල හයියෙන් පොදු මහජන දේපොල සොරා කෑ එවුන්ට එරෙහිව මීට අවුරුදු දහයකට පහලොවකට පෙර ලැබී තිබුණ පැමිණිලි සම්බන්ධයෙන් සිඳු කරන ලද පොලිස් විමර්ශනයන් යටත්ව නීතිපතිවරයා විසින් නඩු පැවරීම සිදු කරන්නේ වර්තමානයේදීය.මේ ව්න විටත් එලෙස පවරන ලද නඩු කිහිපයක විත්තිකරුවන් අධිකරණය මගින් ඇප මත මුදා හැරිණි. ඔවුන් අධිකර⁣ණයෙන් පිටතට පැමිණ ගෙදර ගියේ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ රෙදි ,චීත්ත,හා අමුඩ සියල්ල ගලවා දමිනි.මේ සිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න පිළිබඳව අදහසක් නැති ජනතාව සිටින්නේ අන්ද මන්දවය.ඒ මන්ද යත් අධිකරණයෙන් ඇප මත මුදා හැරුණ ඒ දූෂිතයන් ගේ කෙරුවාව ජනතාවට අමුතුවෙන් පහදා දෙන්නට අවශ්‍ය නැති බැවිනි. නීතිය හා සාමය බාර ඇමති ආනන්ද විජේපාල නීතිපති හා දූෂිත විනිසුරුවරුන් විසින් ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාත් ගොනාට අන්දාගෙන ඇතැයි සිතන තරමට ජනතාව තුළ මේ නාඩගම ගැන සැක සංකා පහල වී තිබේ. මෙහිදී අප දූෂිත විනිසුරුවරුන් ගැන සඳහන් කරන්නේ තිලිණ ගමගේ ,හර්ෂණ කැකුණවෙල වැනි අයවළුන්ගේ කෙරුවාව ගැන අප හොදින් ද...

ගාල්ල හිරගෙදර ආරවුල පිටුපස ඉන්නේ බන්ධනාගාර ලොක්කෙක්

Image
  ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ ගැටුමකින් පසුව තුවාල ලද රැඳවියන් හතර දෙනෙකු කරාපිටිය රෝහළ වෙත ඇතුළු කළ බව වාර්තා වේ.මේ ගැටුම ඇතිවී ඇත්තේ දැනට විදේශගතව සිටින පාතාල ක්‍රියාකාරිකයන් වන සොබනාහන්දි ජයලත් නොහොත්  කරන්දෙණිය සුද්දා ගේ ⁣ගෝලයන් හා අහුංගල්ල පැටී යන අයගේ ගෝලයන් අතර බව බන්ධනාගාර ආරංචි මාර්ග වලින් පැවසේ.සොබන්හන්දි ජයලත් ගේ ගෝලයකු හට අහුංගල්ලේ පැටී ගේ ගෝලයකු උල් ආයුදයකින් ඇණිමෙන් පසුව එම ගැටුම ඇරඹුන බවද පසුව ජයලත්ගේ පාර්ශවය ප්‍රධාන ජේලර්ගේ කාර්යාලයට කඩා වැදී එහි රඳවා ගෙන සිටි පැටී ගේ ගෝලයාට උල් ආයුද වලින් ඇණ පහරදී තිබේ.මේ කැරළිකාර කණ්ඩායම ප්‍රධාන ජේලර් වරයාගේ කාර්යාලීය උපකරණ වලටද හානි පමුණුවා තිබේ. සොබනාහන්දි ජයලත් නොහොත් කරන්දෙණිය සුද්දා හා සොබනාහන්දි සනත් නොහොත් රාජු යන දෙදෙනා කරණ්දෙණියේ දොස්තර ජයසිංහ ඝාතනය කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කරන ලද හමුදා සෙබළුන් දෙදෙනෙකි.පසු කාලයකදී මොවුන් දෙදෙනා ඇප මත මුදා හැරීමෙන් පසුව ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරම් කළ අතරම සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතනයන්ද  සිදු කරන ලදී.ප්‍රසිද්ධ පාතාල ක්‍රිය...

සර්පයා මිතුරෙක්ද ආනන්දය

Image
  මාධ්‍යවේදී පෝද්දල ජයන්ත ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් කරවීම සදහා මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළ සහෝදරයෙකි. ඔහු බොහෝ අවස්ථාවලදී අපටද උපදෙස් දුන්නේ රාජපක්ෂ පාදඩයන් විනාශ කළ ⁣මේ ර⁣ට ගොඩ නැගීමට ඇති එකම අවස්ථාව ඇත්තේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය තුළ බැවින් ඒ වෙනුවෙන් පෙනී සිටින ලෙසය. සැබැවින් ඔහු මෙන්ම අපද  කොන්දේසි විරහිතව පෙනී සිටියේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සඳහාය. විශේෂයෙන් අප ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර සහෝදරයා ගැන විශ්වාස කෙරුවෙමු. එහෙත් අපට දැන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගැන ඇත්තේ දැඩි කළකිරීමකි.අ⁣පගේ කළ කිරීම ජාතික ජන බලවේගයේ කෙරුමන් තඹ දොයිතුවකට මායිම් නොකරන බවද අපි දනිමු.එහෙත් ජාතික ජන බලවේගය ආණ්ඩුවේ කෙරුමන් ගැන අපට දුකක් කණගාටුවක් නැතත් මේ ආණ්ඩුව පිහිටුවීම සදහා දැඩි කැපවීමකින් ක⁣ටයුතු කළ ජනතාව ගැන ඇති වන්නේ බරපතල වේදනාවකි. දැන් අපට අනුර කුමාර සහෝදරයා ගැන පවා සැකයක් මතුවෙමින් තිබේ.ඒ  ඔහු වචන වලින් කැටයම් දමා බොරුවලින් තොරණක් ගසා ජනතාව මුලා කරන ලදැයි සිතෙන තරමේ සැකයකි. 89 වර්ෂයේ මෙරට පැවැති භීෂණ සමයේදී සිය සහෝදරයා පැහැර⁣ ගෙන ගිය රාජ්‍ය මිල්...

ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ ඉඩමට යෝෂිත අත් අඩංගුවට ගනී

Image
  රත්මලාන සිරිමල් පෙදෙසේ මිලියන තිස් හතරක වටිනා නිවසක් මිලයට ගැනීමේ සිදධියක් සම්බන්ධයෙන්  යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්ත⁣මේන්තුව මගින් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින්  අනාවරණය කරන ලදී.ඔහු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ බව වාර්තා වේ.බෙලිඅත්ත අධිවේගී මාර්ග පිවිසුමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගන්නා ලද යෝෂිත රාජපක්ෂ අද සවස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකාරිය වන්නේ  යෝෂිත රාජපක්ෂගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් නැමැත්තියයි.ඩේසි ආච්චිගේ මැණික් මල්ල වාගේ යැයි කියමනක් ජනවහරේ කතා බහ⁣ට ලක් වූයේ මේ සිද්ධියට සම්බන්ධ ඉඩම මිලයට ගන්නා ලද්දේ තම නිවසේ ආලින්දයේ කවරකු හෝ තබා ගිය මැණික් මල්ලක් අලෙවි කිරීමෙන් බවට ඩේසි ෆොරස්ට් සාක්ෂි දීමෙන් පසුවය.එම සාක්ෂිය විශ්වාස කළ විනිසුරුවරුන්ද  මෙරට අධිකරණ ක්⁣ෂේත්‍රයේ සිටි බව සිහිපත් කළ යුතුය

කැබිලිතිගොල්ලෑවේ වේදනාකාරී හඬ නැවත ඇසිය යුතුය

Image
  ඒ දවස 2016 ජුනි 15 දාය. කැබිලිතිගොල්ලෑව ප්‍රදේශයේදී ලංගම බස් රථයකට එල්ල වූ ක්ලේමෝ ප්‍රහාරයකින් එහි ගමන් ගත් මගීන් බොහෝ දෙනෙකු ගේ ජීවිත අහිමි විය.මේ සිඳුවීම මුළු රටේම ජනතාව කම්පනයට පත්කරවන ශෝකාන්තයක් වූයේ ජනමාධ්‍ය වලින් අනාවරණය කරන රූප රාමු වලිනි.ඒ බස් රථයේ ගමන් ගත් එකම පවුලේ අය ගෙන් තුවාල ලබා ජීවිතය බේරුණු අයගේ කම්පනයද ඥාතීන් අහිමි වීමෙන් වැලපෙන අයවලුන්ගේ වේදනාවද මාධ්‍ය තුළ සංසරණය වූයේ යුද්ධයේ  මෙලෙච්ඡ බවින් දකුණේ ජනතාවගේ සිත තුළ අනුවේදනීය තැති ගැන්වීමක් වන ආකාරයෙනි. එහිදී දකුණේ ජනතාවගේ වඩාත් අවධානය දිනා ගත් සිඳුවීමක් වූයේ රටේ රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂ ඒ ස්ථානයට යාමය.ජනාධිපතිවරයා ගේ ඒ ගමන ඔහුගේ වීරත්වය හා මානුෂික බව ඉහළ නංවන්නක් බවට පත් කරවන කාරණයක්ද විය.වර්තමානයේදීද මහින්ද රාජපක්ෂගේ වීරත්වය ගැන ඔහුගේ අනුගාමිකයන් සඳහනක් කරන විට  කැබිලිතිගොල්ලෑව බස් ප්‍රහාරයෙන් පසුව ඔහු එම ස්ථානයට යාම උදාහරණයක් ලෙස පෙන්වා දෙන අවස්ථා බොහොමයකි. එහෙත් කැබිලිතිගොල්ලෑව බස් ප්‍රහාරය පිළිබඳව ඇතැම් යුද නිරීක්ෂකයන් තුළ ඇති වූ සැකය තවමත් නිරාකරණය වී නැත්තේ එම බස් ප්‍රහාරයේ වගකීම එල්ටීටිය ...

ඕයි සහෝදරවරුනි අපටත් සවන් දීපල්ලා

Image
 අද පාර්ලිමේන්තු සභා රැස්වීමේදී නාමල් රාජපක්ෂගේ බිරිල්ල කාට කාටත් ඇසෙන්නට ඇතැයි අපි සිතමු.නාමල් රාජපක්ෂලාට මෙලෙස බුරන්නට ධෛර්ය දුන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව මිස වෙන කවුරුවත් නොවේ.ආණ්ඩුව බලයට පත් වූ දා සිට අපි ඇඟිලි කොරවෙන තුරු ලිව්වේ රාජපක්ෂලා ජජාබ ආණ්ඩුවට කෙල වන්නට සැළසුම්  හදමින් බවය.එහෙත් ජාජබයේ කෙරුම්කාරයන් අපේ ලියවිලි පඩයකට ගණන් ගත්තේ නැත.රාජපක්ෂ හෙංචයින් ආණ්ඩුවට චලෙන්ජ් කරන්නට තරමට චණ්ඩි වී ඇත්තේ ජනපති අනුර සහෝදරයා ගේ වෙස්සන්තර අනුකම්පාව නිසාය.ගෙවී ගිය මාස දෙක තුළදී රාජපක්ෂ කල්ලිය මේ තරමට චණ්ඩි ටෝක් දෙනවා නම් තව අවුරුද්දක් ගෙවී ගිය විට ආන්ඩුවට බුදු සරණයි බව අපි දැන්ම ලියා තියමු. මේ වන විටත් ජාතික බුද්ධි සේවාව බිඳ වැටී තිබේ.එහි නිළධාරීන් තොරතුරු සෙවීම සිදු කරන්නේ ඕනෑවට එපාවටය. මේවා අහඹු සිදුවීම් නොවේ.ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා බලයට පත් වූ දා සිට සිදු කරන කුමන්ත්‍රණ වල ප්‍රතිඵල වේ .ජනපති අනුර සහෝදරයා විශේෂ කාර්ය බලකායේ මිනිස් ඝාතකයකු හා මහර බන්ධනාගාරයේ සිදු වූ මිනිස් ඝාතනයන්ට සම්බන්ධ මිනීමරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයාට ⁣උපදෙස් දීමේ සිට අද දක්වාම යටි බිම්ගත අපරාධ...

යුද හමුදා බලලත් නිළධාරීන් හිංසනය⁣ට ලක්වෙලා

Image
  ලංකා යුද හමුදාවේ උපකරණ පාලක ලුතිනන් තනතුර සදහා බඳවා ගත් හමුදාවේ බලලත් නිළධාරී තනතුරේ සිටින ඡ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් සෙබළුන් 150 දෙනෙකු මේ වන විට ත්‍රිම⁣ලයේ පුහුණුවීම් වල නිරතව සිටිනවා. මෙම සෙබළුන් 150 දෙනා තෝරා ගැනීම සඳහාත් අවස්ථා කිහිපයකදී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට හමුදාවට සිදු වුනා.ඒ  බලලත් නිළධාරීන් උපකරණ පාලක ලුතිනන් තනතුරට පත්වී තවදුරටත් සේවය කරනවාට වඩා විශ්‍රාම යාමට සෙබළුන වැඩි කැමැත්තක් දැක්වීම නිසා.යුද හමුදා සාමාන්‍ය සෙබලෙකු ගේ  සේවා කාලය අවුරුදු විසි දෙකයි.මේ අවුරුදු විසි දෙකක සේවා කාලය සපුරන විට යහපත් පැවැත්මෙන් සේවය කළ සෙබළෙකුට බලලත් නිළධාරී තනතු⁣රේ විශ්‍රාම යා හැකියි.ඒ වයස අවුරුදු හතලිහේදී පමණ.එහෙත් උපකරණ පාලක ලුතිනන් තනතුරට පත් වුව හොත් අවුරුදු පනස් පහ දක්වා සේවය කළ යුතුයි. කෙසේ වෙතත් හමුදාව ඉතා අසීරුවෙන් උපකරණ පාලක ලුතිනන් තනතුර සඳහා බඳවා ගන්නා ලද බලලත් නිළධාරීන්  150 දෙනා වයස අවුරුදු තිස් පහ ඉක්මවූවන්. මේ වන විට ත්‍රිමලයේ පුහුනුවීම ලබන ඔවුන් හට හමුදාවට බඳවා ගත් ආධුනික සෙබළුන්ට මෙන් ශාරිරික හිංසනයට ලක් කරමින් පුහුණුවක් ලබා දෙන බවට තොරතුරු වාර්තා වෙනවා....

අප්පච්චි මලෝ රිමාන්ඩ්

Image
  පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය මගින් හිටපු අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.ඒ නීති විරෝධී මෙරටට ගෙන්වන ලද වාහන කොටස් භාවිතා කර ලොරියක් එකලස් කර ව්‍යාජ ලේඛන සැකසීමේ වරදටය. පසුගියදා මේ සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීම⁣ට යාමේදී හිටපු අමාත්‍යවරයා අසනීප වීම නිසා රෝහල් ගත කෙරිණි.අද පස්වරුවේදී අත් අඩංගුවට ගැනුන ඔහු හෙ⁣ට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වික්ටර් අයිවන් දැයෙන් සමුගනී

Image
  මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අද දින ජීවිතයෙන් සමුගෙන තිබෙනවා.1971 කැරැල්ලේ නායකයකු ලෙස සමාජයට ප්‍රවේශ වූ වික්ටර් අයිවන්ට අපරාධ යුක්ති විනිශ්චය කොමිෂම මගින් සිර දඬුවම් නියම වුනා.පසුව බන්ධනාගාරයෙන් නිදහස් වූ වික්ටර් අයිවන් සම සමාජ පක්ෂයට සම්බන්ධ වී ගාල්ල අතුරු මැතිවරණයට එම පක්ෂයෙන් තරග කළ අතර පසුව මාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වූවා.රාවය සංවාදශීලී සඟරාවේ හා පුවත්පතේ කර්තෘවරයා ලෙස කටයුතු කළ ඔහු මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ තැබූ විප්ලවකාරී මුද්‍රාව ඉතා ප්‍රබලයි.⁣ප්‍රේමදාස ජනපතිවරයාගේ කාලයේදී  මෙරට සිදුවූ මිනිස් ඝාතනයන් අතර ඉතා ප්‍රසිද්ධියට පත් වූ ඇඹිලපිටිය ශිෂ්‍යයන් පිරිසක් ඝාතනය කර වල දැමූ ස්ථානය සොයා ගැනීම සඳහා වික්ටර් අයිවන් පුරෝගාමී වුනා.එම සමූහ මිනිස් ඝාතනයේ වැරදිකරුවන් අධිකරණයට ගෙන ඒම සදහා රාවය පුවත්පතින් ඔහු දැක්වූ දායකත්වය ඉතා ප්‍රබලයි. මෙරට දීර්ඝ කාලයක් ආණ්ඩු බලය හිමි කර ගෙන සිටි එක්සත් ජාතික පක්ෂය පාරාජයට පත් වීමට මෙම සිදුවීම හේතුවක් වුනා.ඉන් අනතුරුව බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ දේශපාලන උපදේශක ලෙස සම්බන්ධ වූ වික්ටර් අයිවන් පසු කාලය...

ඇමති සුනිල් වටගලගේ ඇස් කන් නාසා කුරෝළු වෙලාද අප්පා

Image
  අද (14) දින රාත්‍රී සිරස සටන වැඩ සටහනට සහභාගි වී සිටියේ මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගලය.නියෝජ්‍ය ඇමති වටගල කයිවාරුව නම් අඩුවක් නැති බව එහිදී පැවසූ සෑම කාරණයකින්ම තහවුරු විය. අඩුම වශයෙන් මේ උන්දෑ ආණ්ඩුවේ පසුබෑමක් ඇති බව පිළිගන්නට කිසිසේත්ම කැමති නැති බව එහිදී පෙනෙන්නට තිබුණි. ඒ කෙසේවෙතත් නියෝජ්‍ය ඇමති සුනිල් වටගලගෙන් අපට  මුළු ආණ්ඩුව ගැනම  අහන්නට ප්‍රශ්ණ නැත.අප මේ ප්‍රශ්ණය අහන්නේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ සිට පොලීසිය හසුරවන මහින්ද රාජපක්ෂ ගේ ඔඩොක්කු කුක්කකු පිළිබඳවය.මොහු පොලිස් දෙපාර්තමේන්තුවේ සිටි බරපතල අපරාධකාරයෙකි.රාජපක්ෂ පවුල සිය දේශපාලන බලය අවභාවිතා කරමින් සිදු කරන ලද සාහසික මනුෂ්‍ය ඝාතන වසන් කිරීමට සෘජුව මැදිහත් වූ දාමරිකයෙකි.මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදේශකයා ලෙස පත් කර ගෙන සිටින මේ දාමරිකයා මේ වන විටත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදු කර ඇති මැදිහත් වීම් නිසා එහි සිඳුවී ඇති පරිපාලනමය අර්බුදය සුළු පටු නොවේ.⁣රාජපක්ෂ කුක්කන් හට තව දුරටත් පොලිස් දෙපාර්තමේන්තුව තුළ බලආධිපත්‍ය තහවුරු වන ආකාරයට ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ගේ ස්ථාන මාරුවීම් සිදු කරමින් තිබෙන්නේ මේ උප...

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

Image
  මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ කාලයේදී බන්ධනාගාරය තුළ සිඳු  කරන ලද ⁣මෙලේච්ඡ ඝාතනයට පෝරකයට නියම වූ බන්ධනාගාරයේ බුද්ධි අංශ ප්‍රධානියාව සිටි මෙරිල් රංජන් ළමාහේවාට බන්ධනාගාර සංවත්සර උළෙලකදී අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සමරු ඵළකයක් ලබා දීම මේ වන විට ⁣ජාතික ජන බලවේග පාක්ෂිකයන් බොහෝ දෙනෙකු ගේ බරපතල  විවේචනයට ලක් වී තිබේ.එම සමරු ඵලකය මෙරිල් රංජන්ට ප්‍රදානය කරන අවස්ථාවේ අධිකරණ අමාත්‍ය වරයා හිස නමා ඔහුට නිවට ලෙස ගෞරවයද දක්වා ඇති බව ඒ අවස්ථාව දැක්වෙන ඡායාරූප වල දැක ගත හැකිය.අධිකරණ ඇමතිගේ මේ පජාත නොසන්ඩාල කෙරුවාව ගැන  ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන් ගේ සිත බරපතල ආකාරයෙන් රිදී තිබේ.ඔවුන් දිගින් දිගටම අමාත්‍යවරයා විවේචනය කරමින් සිටී.මේ විවේචන ඉතා සාධාරණය.වැලිකඩ බන්ධනාගාරයේ සිඳු කරන ලද එම මහා මිනිස් ඝාතනයේ පොලිස් පරීක්ෂණ සිඳු කරන ලද්දේ විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරය.මිනීමරු මෙරිල් රංජන් ළමාහේවාට සමරු ඵළකය ප්‍රදානය කරමින් අධිකරණ ඇමති ⁣ශානි අබේසේකරගේ ලන්කට් එක  සමගම කලිසම ගලවා දමා ඇත්තේ ප්‍රසිද්ධියේය.  අඩුම ගානේ ශානි ගේ කලිසම ඔහුගේ නිවසේදී ගලවා දැමුවා නම් ...

අයියෝ හර්ෂණ මේ මොනවද කරන්නෙ

Image
  මාධ්‍යවේදී කසුන් පුස්සවැල්ල 2012 වර්ෂයේ නොවැම්බර් 09 වන දින වැලිකඩ බන්ධනාගාරයේ සිඳු කරන සිරකරුවන් 27 දෙනෙකු මෙලේච්ඡ ලෙස ඝාතනය කිරීමට එරෙහිව දිගින් දිගටම පෙනී සිටි මාධ්‍යවේදියෙකි.වැලිකඩ සිරගෙදරදී සිදු කරන ලද ඒ මහා මිනිස් ඝාතනයන් පිළිබඳව ඔහු විසින් විමර්ශණාත්මක ග්‍රන්ථයක්ද රචනා කර සමාජ ගත කෙරිණි. කසුන් පුස්සවැල්ලගේ මුහුණු පොත් පිටුවේ ඔහු විසින් පල කර තිබූ සටහන ජාතික ජන බලවේගය ආණ්ඩුව පිළිබඳව ඔහු තුළ පවතින දැඩි කළකිරීම හා ⁣කණගාටුවේ  ප්‍රකාශනයක් බව පැහැදිලිය.ඒ ලියවිල්ලෙන් ඔහු අමතා තිබුණේ ජනපති අනුර කුමාර සහෝදරයා හා අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරය. "........ජනපතිතුමණි ,අධිකරණ ඇමති තුමණි, ලැජ්ජයි ,කැතයි,නින්දිතයි වැලිකඩ බන්ධනාගාරයේ සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන්  ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් වරදකරු වී එල්ලුම් ගහට නියම වූ එකම චුදිතයාට පුනුරුදයෙන් උපහාර. අනුර කුමාර දිසානායක ජනපතිතුමණි, මා අතින්ම ඔබ ඉල්ලා ගත් වැලිකඩ පොත තවම පැලවත්ත පක්ෂ මූලස්ථානයේ තවම ඇත.ඔබේ ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයාද ඔබද එහි පිටු ඉතිහාසයේ කුණු බක්කියට අත   පිසදා විසි කරන්න. ස්තූතියි කසුන් පුස්සවැල්ල......