මේ ආණ්ඩුවේ විනෝදාංශය ප්‍රජාතන්ත්‍රවාදය වාෂ්ප කිරීමයි- ඩලස් අලහප්පෙරුම පවසයි
.png)
ප්‍රජාතන්ත්‍රවාදය වාෂ්ප කිරීම විනෝදාංශයක් කරගත් ජනපතිවරයා හා ආණ්ඩුව ඒ සඳහා වු තවත් එක් පියවරක් ඉදිරියට තබමින් මාර්ගගත ක්‍රමයන්හි සුරක්ෂිත භාවය (on line seftey) නමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.එය සති දෙකක් ඇවෑමෙන් පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය. මෙම කෙටුම්පත අන්තර්ජාල භාවිතාවේ සුරක්ෂිත භාව ඇති කිරීම නම් නීති ගරුක පාඨයට මුවා වී මුළුමනින්ම ජනමතය කෙරෙහි ඇති ජනපතිවරයාගේ සහ ආණ්ඩුවේ භීතිය සමනය කිරීම වෙනුවෙන් ඉදිරිපත් කොට ඇති පනත් කෙටුම්පතක් බව මෙය අධ්‍යනය කරන ඕනෑම කෙනෙකුට වැටහෙනු නිසැකය. මේ දක්වාම තමන්ට නතු කර ගැනීමට නොහැකි වූ සමාජ මාධ්‍යය බිය වද්දමින් පාලනය කිරීමට ගනු ලබන උත්සාහයන් පමනක් වන මෙම පනත් කෙටුම්පතට අනුව සත්‍යය පිළිබඳ අවසාන තීරකයා වනුයේ ජනපතිවරයාගේ නියෝජිතයන්ගෙන් සමන්විත කොමිෂන් සභාවකි.සත්‍යය සහ අසත්‍ය කුමක්ද යන්න නිර්වචනය කිරිමට නෛතික බලය පැවරෙනුයේ ජනපති නියෝජිතයන්ට වීම සහ ඊට අදාලව යෝජිත දැඩි දඬුවම් ප්‍රජාතන්ත්‍රවාදයේ මළ බෙරය බව මනාව පැහැදිලිය. යම් ලෙසක මෙම පනත් කෙටුම්පත සම්මත වුව හොත් සේවා සපයන ආයතන සහ Facebook ,You Tube,Instagram,...