Posts

Showing posts from December, 2024

මිනීමරු වරුණ ජයසුන්දරට ජනපති අනුරගේ ආශීර්වාදය ලැබිලා

Image
  පාතාල ක්‍රියාකාරකම් නැවත ඔසවා තිබේ.එය එසේ නොවූවා නම් පුදුම වෙනවා මිස වර්තමානයේ සිදු වෙමින් පවතින පාතාලයේ හිස එසවීම අරුම පුදුම දෙයක් නොවේ.මැතිවරණ කාල සීමාවේදී පාතාලය නිහඬ විය.ඒ අතරේම ඒ නිහඬ වීමට හේතුව ලෙස ටිරාන් අලස් දේශබන්දු තෙන්නකෝන් හා වරුණ ජයසුන්දර ගේ  යුක්තියේ මෙහෙයුම හේතු වූ බවට වූ සමාජ මතයක් පවා ගොඩ නගන්නට වික්‍රමසිංහගේ ආණ්ඩුව  ප්‍රයත්න දැරීය.අප මේ කතිකාවත අරඹන්නේ ඒ පසුතලය මත රැඳෙමිනි. වික්‍රමසිංහ ආණ්ඩුව කාලයේ ටිරාන් අලස්  දේශබන්දු තෙන්නකෝන් හා වරුණ ජයසුන්දර හා මෙරට පාතාලය අතර පැවතියේ ගහට පොත්තට මෙන් වූ සම්බන්ධතාවකි.විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරතව සිටින ප්‍රසිද්ධ පාතාල ක්‍රියාකාරීන් බොහෝ දෙනෙකු හා මේ ⁣තිදෙනා අතර පැවැති ගණුදෙනු පිළිබඳව ජාතික රහස් ඔත්තු සේවා වලට පවා වාර්තා ⁣වී තිබුණි.මෙරට ඇතැම් ඝාතනයන් පවා කොන්ත්‍රාත් ක්‍රමයට සිදු කිරීමට විශේෂ කාර්ය බලකායේ සෙබළුන් යෙදවීමට පවා විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරී වරයා සම්බන්ධ වී තිබුණි. අහුංගල්ල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායේ සෙබළෙකු කොස්ගොඩ සුජීවගේ සමීපතමයකු පරීක්ෂා කරන ලද සිඳුවීමක් පිළිබඳව උර...

මාරයි හඳුනෙත්ති ඔයා -අම්මපා හොඳේ

Image
පසුගියදා අමාත්‍ය සුනිල් හඳුනෙත්තිගේ ප්‍රධානත්වයෙන් අකුරැස්ස ප්‍රදේශීය ලේකම් කාර්යා⁣ලයේ පැවැති සම්බන්ධීකරණ  කමිටු රැස්වීමේ සිටි මාධ්‍යවේදීන් ඉවත් කිරීමට අමාත්‍යවරයා නියෝග කරන ලද බව වාර්තා වේ. තමන්ට කැමරා ඉදිරියේ අදහස් ප්‍රකාශ කිරීමට අපහසු බව පවසමින් අමාත්‍ය  සුනිල් හඳුනෙත්ති විසින් එම රැස්වීම ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන් ඉවත් කරන ලද බවද වැඩිදුරටත් වාර්තා වේ. මේ සිදුවීම සම්බන්ධයෙන් ලංකා දවස වෙත ප්‍රකාශයක් කළ මාධ්‍යවේදියකු මෙසේ පැවසීය. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාධ්‍යවේදීන් ආවරණය කිරීම තුන් කුළුදුලේ කරන රාජකාරියක් නොවෙයි. අප ඒ රැස්වීම ආවරණය කරන්නෙ රජයේ චක්‍රලේඛයකින් ලද අනුමැතිය යටතේ. දේශපාලන බල අධිකාරිය හැරුනාම රාජ්‍ය නිළධරීන් හා  ප්‍රදේශයේ සිවිල් සංවිධාන නියෝජිතයන් හැරුනාම සංවර්ධන කමිටු රැස්වීම නියෝජනය කිරීමේ අවස්ථාව තියෙන්නෙ මාධ්‍යවේදීන්ට.අපි මේ රටේ මීට පෙර පැවති ආණ්ඩුවල අකුරැස්ස නියෝජනය කළ දේශපාලඥයන් වුන බුද්ධික පතිරණ මනෝජ් සිරිසේන  වගේ අයගේ ප්‍රධානත්වයෙන් පැවැති බොහෝ සම්බන්ධීකරණ කමිටු රැස්වීම් වලට සහභාගි වෙලා තියෙනවා.ඒත් ඒ...

නව හමුදාපතිවරයා කමල් ගුණේ ගේ ඔඩොක්කු කුක්කාද

Image
  නව වසර එළඹීමට ඇත්තේ තව දින කිහිපයක් පමණි.නව වසර ආරම්භයේදීම බරපතල ප්‍රශ්නයකට මුහුණ දීමට අනුර කුමාර දිසානායක සහෝදරයාට සිදු වන බව නිසැකය.ඒ නව වසරේදී හමුදාපති මේජර් ජනරාල් විකුම් ලියනගේ විශ්‍රාම යාමට නියමිතව සිටින බැවිනි.ඔහු තමන්⁣ට සේවා දිගුවක් ලබා දෙන ලෙසට ජනපතිවරයාට ඉල්ලීමක් කර තිබුණ බවද පැවසේ.මේජර් ජනරාල් විකුම් ලියනගේ හමුදාපති ධුරයට පත් කරන ලද්දේ රාජපක්ෂවරුන්ට වෙත තිබූ පක්ෂපාතිත්වය නිසා මිස වෘත්තිමය ක්ෂේත්‍රයේ දක්ෂයකු වූ නිසා නම් නොවේ. හමුදාවේ අන්ත දූෂිතයකු ලෙස විෂමාචාර  චෝදනාවට ලක් වී සිටි විකුම් ලියනගේ  බොහෝ ස්ත්‍රීන් සමග අනියම් සම්බන්ධතා පැවැත්වී⁣ම ගැන වාර්තා තිබූ හමුදා නිළධාරියෙක්ද වේ.මොහු නාවුක  හමුදාවේ නිළධාරියෙකුගේ බිරිඳ සමග ගත් නිරුවත් ඡායාරූප පෙලක් මෑතකදී අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත් විය.සේනා විධායක ලෙස ජනපතිවරයාට කොන්දක් මොළයක් හා විනයක් තිබූණේ නම් ඒ අශීලාචාර සිද්ධිය නිසාම විකුමි ලියනගේට පුකට පයින් ගසා හමුදාපති කමෙන්  නෙරපා හරින්නටද පුළුවන් කම තිබුණි. එහෙත් එය එසේ සිදු නොවීය.චන්දයට  පෙර දේශපාලන වේදිකාවේ වීර පුරන් අප්පු ගේ චරිතය නිරූපනය කළ අනුර ...

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ සහෝදරයා අල්ලස් ගනිද්දී මාට්ටු

Image
  කොළඹ කුරුඳුවත්ත ටොරිටන් ඇවනිව්හි පුද්ගලික ඉඩමක් මාර්ග සංවර්ධන අධිකාරියට පවරා එම ඉඩමේ වටිනාකම  ලෙස කෝටි දහයකට මුදලක් ලබා ගත් ව්‍යාපාරිකයකු ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමට යාමේදී මහරගම නගර සභාවේ පොදුජන පෙරමුනේ හිටපු මන්ත්‍රීවරයකු වන සලෝචන ගමගේ හා ව්‍යපාරිකයකු වන දුෂ්‍යන්ත දිනේෂ් රත්නායක නම් අයකු පිටකෝට්ටේ පිහිටි අවන්හලකදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මගින් ඊයේ (28) අත් අඩංගුවට ගන්නා ලද බව වාර්තා වේ. මහරගම නගර සභාවට හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්දනගේ පක්ෂයෙන් තරග වැද නාගරික මන්ත්‍රීවරයකු ලෙස පත්ව සිටි සලෝචන ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ⁣ගේ සහෝදරයා වේ.දැඩි රාජපක්ෂ වාදියකු වන මොහු නාමල් රාජපක්ෂගේ සමීපතමයෙකි. කෙසේ වෙතත් අල්ලස් ගැනීමට යාමේදී අත් අඩංගුවට පත් වූ සලෝචන ගමගේ හා අනෙක් තැනැත්තා මාර්ග සංවර්ධන අධිකාරියට අදාල ඉඩම පවරාදීමේ කටයුතු වලදී ඉඩම් හිමි තැනැත්තා වෙත තක්සේරු වටිනාකම ඉහළ දැමීමට හා      එම මුදල ඉක්මනින් ලබා ගැනීම සඳහා වංචා කාරී ලෙස මැදිහත් වී ඇති බව  අනාවරණය වේ.මේ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් කිහිප ද...

පොලීසිය හා ජාතික ඔත්තු සේවාවන් බංකොලොත් වීමට නියමිතය

Image
  පොලිස් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය ඔත්තු සේවාවන් ආණ්ඩුවේ පාලනයෙන් මිදී ජාවාරම්කාර දුෂිතයන් අත් පත් කරගෙන ඇති බව ඒ ඒ අංශ වල අභ්‍යන්තරයෙන් ලැබෙන තොරතුරු වලින් හෙළි වී තිබේ.මේ නිසාම මෙරට සාමය හා නීතිය  ඉතා බරපතල ආකාරයට කඩා වැටීමේ බරපතල අවදානමක පවතින බවද අනාවරණය වේ.ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ අසංවිධානාත්මක පරිපාලනය ව්‍යුහයක් නිර්මාණය වී ඇති බවත් එය එසේ වීමට හේතුව වී ඇත්තේ දේශපාලනික බල අධිකාරි⁣යෙන් පොලීසිය නිදහස් වීම නිසා බවද පැවසේ. මින් වඩාත්ම කම්පනයට පත් වී ඇත්තේ රාජපක්ෂවරුන්ගේ හා වික්‍රමසිංහ ආණ්ඩු යටතේ අසාධාරණය⁣ට හා අනීතික  දඬුවමට ලක්වූ පොලිස් නිළධාරින්ය.මේ පොළිස් නිළධාරීන් අතර ⁣ඉහළ ඇවරියේ නිළධාරීන් හා පහල ඇවරියේ පොලිස් නිළධාරීන් බොහොමයක් සි⁣ටී.එම පොලිස් නිළධාරීන් වැඩි පිරිසක් මේ ආණ්ඩුව මෙරට බලය⁣ට පත් කරවීම සදහා සෘජුව හා වක්‍රව ජාතික ජන බලවේගයට සහයෝගය දැක්වූවන් වේ.එහෙත් මේ වන විටත් පොලීසියේ මර්මස්ථාන වල සිට පරිපාලනය මෙහෙයවමින් සිටින්නේ පැරණි දූෂිත දේශපාලන බල අධිකාරියේ ඕනෑ එපාකම් ඉටු කළ දූෂිතයන් පිරිසමය.ජාතික ජන ⁣බලවේගයේ දේශපාලන භාවිතය තුළ පොලීසියේ ර...

පෝරිසාද පොලිස් ඩබල දඹුල්ලට අමු වාතයක් වෙලා

Image
  පොලීසිය ශුද්ධ කරන්නට ආ මාලිමා ආණ්ඩුව තක්කඩි පොලිස් කාරයන්ගේ අත් අඩංගුව⁣ට පත් වී ඇතැයි පවසන්නේ අප නොවේ.මාලිමාවට කඩේ ගිය ලොකු පොඩි පොලිස් කාරයන්මය.මාලිමා ආණ්ඩුව බලයට පත් වූ මුල් දින කිහිපය තුළ දූෂිත ⁣පොලිස් ලොක්කන් හා පොඩ්ඩන් සිටියේ තිගැස්මෙනි.ඒ තම තමන්ගේ දූෂිත කෙරුවාවට මාලිමා ආණ්ඩුව සියළුම දෙනා  දඬු කඳේ ගසනු ඇතැයි බියෙනි. මේ සියළුම දෙනා සිටියේ මාලිමා ආණ්ඩුවේ ලොක්කන් ඡන්දයට පෙර දේශපාලන වේදිකාවල බෙරිහන් දුන් ආකාරයටම වැඩ සිද්ධ වේ යැයි විශ්වාසයෙනි.එහෙත් ගෙවී ගිය දින කිහිපය තුළ පොලීසියේ දූෂිතයන්ට කිසිදු අතුරු අන්තරාවක් සිදු නොවීය.ඒ දූෂිතයන් සියල්ලන්ම පෙර පරිදි තම තමන්ගේ පෝරිසාද ගණු දෙනු වලට යොමු වෙමින් සිටී.   දැන් පොලීසියේ සියළු දූෂිතයන්  සිටින්නේ ඉහ වහා ගිය ප්‍රීතියෙනි.ඒ ඇතමුන් මාලිමාවේ ජයග්‍රහණයට කැපවූවන්ගෙන් උඹලගෙ නෝන්ජල කයිවාරු කාරයන්ට කරන්ට පුළුවන් ලබුවක් නැති යැයි අපහාස කරන්නට තරමේ චන්ඩීන් බවටද පත් වී තිබේ.සැබැවින්ම මාලිමා පොලිස් කාරයන් දැන් නිවටයන් වී හමාරය.කට උත්තර නැත. මේ ප්‍රවෘත්තිය ඒ සඳහා හොඳම සාක්ෂියකි.ප්‍රවෘත්තිය ඇසෙන්නේ දඹුල්ල පොලීසියෙනි.දඹුල්ල පොලීසියේ ම...

ටිරාන් ගේ අනියම් බිරියටත් එස්ටීඑෆ් ආරක්ෂාව දීලා

Image
  හිටපු අමාත්‍ය ටිරාන් අලස්ගේ අනියම් බිරිඳ වන ශිරෝමි නැමැත්තියටද විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දී ඇතැයි වාර්තා වේ.ශිරෝමි නැමැත්තිය "වන් මාස්ටර්" නම් රූප ලාවන්‍යාගාරයක් පවත්වා ගෙන යන්නියකි.ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකාවක් වන ඇය ටිරාන් අලස් යොදවා ගෙන ඇත්තේ ⁣මෙරට දේශපාලඥයන් ධනවතුන් හා ඡ්‍යෙෂ්ඨ රජයේ නිළධාරීන්  බ්ලැක් මේල් කිරීම සඳහාය.ටිරාන්   අලස් ⁣දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ අයවළුන් තමන්ට හීලෑ කර ගෙන ඇත්තේ මෙවැනි අශීලාචාර ආකාරයේ සැළසුම් ක්‍රියාත්මක කිරීමෙන් බව කොළඹ ධනවත් ව්‍යාපාරික පැලැන්තියට රහසක් ⁣නොවේ. මේ වන විටත් ටිරාන් අලස් ගේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායේ සෙබළුන් සමග ජිප් රථයක් ලබා දී ඇති අතර ඔහුගේ නිවසේ ආරක්ෂාවටද විශේෂ කාර්ය බලකායේ සෙබළුන් හය දෙනෙකු යොදවා තිබේ.ප්‍රභූවරුන්ට ආරක්ෂාව සැළසීමේ නිත්‍යානුකූල පරිපාටියෙන් බැහැරව මේ ආරක්ෂාව  ලබා දී ඇති බව පැවසේ.පසුගියදා සිය අනියම් බිරිය වන ශිරෝමි සමග  යාල අභය භූමියේ සංචාරයක් කළ ටිරාන් අලස් හට විසි දෙනෙකුගෙන් පමණ සමන්විත විශේෂ කාර්ය බලකායේ සෙබළුන් කණ්ඩායමක් යොදවා සිටි බව යාල වන සංරක්ෂණයේ නිළධාරීන් ගෙන් ලංකා දවසට දැන ගැන්මට ලැබ...

පොලීසියේ පිරිස් හා පාලන අධ්‍යක්ෂක අමු තක්කඩියෙක්

Image
  මේ වන විට පොලීසි⁣යේ ඉහළ නිළධාරීන් මර්මස්ථාන වලට ස්ථාන ගත කිරීමේදී හා පොලිස් ස්ථානාධිපති වරුන් පත් කිරී⁣මේදී රාජපක්ෂවරුන්ගේ ⁣ඔඩොක්කු කුක්කන් පත් කිරීමේ රහස් ක්‍රියාවලියක් පිළිබඳව ලංකා දවසට තොරතුරු ලැබී තිබෙි. ජාතික ජන බලවෙිගය ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ඉතා සැළසුම් සහගතව ක්‍රියාත්මක වන මෙම කුමන්ත්‍රණය පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ පොලිස් මූලස්ථානයෙනි. ⁣මේ කුමන්ත්‍රණයේ ප්‍රධාන වග උත්තරකරුවා පොලිස් මූලස්ථානයේ පිරිස් හා පාලන අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාර වේ. මෙම ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රාජපක්ෂ වරුන් හා සමිබන්ධ  වන්නේ ඇල්පිටිය ⁣ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියදීය.ඒ වන විට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ සජින් වාස් ගුණවර්දන මහින්ද රාජපක්ෂ පාලනයේ ආණ්ඩුව හසුරවන තරමේ ප්‍රබලයෙක් විය.ඒ කාලයේ ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වූ සිසිර කුමාර අම්බලන්ගොඩ පදිංචිව  සිටි සජින් වාස් ගේ නිවසේ පිඟන් සෝදන තරමේ වහලෙකු බවට පත් වී සිටියේය.සිසිර කුමාර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකු වන විට පොලිස් ම...

එල්ටීටියට මුදල් ආධාර කළ ෂෙනුකා සෙනෙවිරත්න තවමත් විදේශ සේවයේ

Image
  ජනපති අනුර සහෝදරයා ගේ ඉන්දියානු සංචාරයත් සමගම අප දුටුවේ තවමත් ඉන්දියාවේ මහ කොමසාරිස් වශයෙන් ෂෙනුකා සෙනෙවිරත්න කටයුතු කරන බවය.එහෙත් ජාජබ ආණ්ඩුව බලයට පත්වීමත් සමගම විදේශ කටයුතු අමාත්‍යංශය විසින් දේශපාලන පත්වීම් ලද විදේශ තානාපති සේවයේ සියළු දෙනාම ආපසු කැඳවන බව⁣ට නිවේදනය කෙරිණි.එම ලේඛනයේ ෂෙනුකා සෙනෙවිරත්නගේ නමද  සඳහන් වී තිබුණි. ⁣ෂෙනුකා සෙනෙවිරත්න ගේ කෙරුවාව ගැන මුලින්ම අනාවරණය වන්නේ 2009 වර්ෂයේදීය.ඇය ඒ වර්ෂයේ ජිනීවාහි නිත්‍ය මහ කොමසාරිස් වරිය වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කෙරුවාය.එහිදී ඇයට නිල නිවාසයක් ලබා දී තිබුණි. මෙම නිල නිවාසය ප්‍රතිසංකරණය කළ බවට පෙන්වා දෙමින් ඇය කෝටි දෙකක රජයේ මුදල් අවභාවිතා කළ බවට චෝදනාවක් නැගිණි.මේ සමිබන්ධයෙන් මෙරට විදේශ හා මුදල්  අමාත්‍යංශ වලින් සිඳු කරන ලද විගණන පරීක්ෂණ වලින් අනාවරණය වූයේ සිය නිල නිවස ප්‍රතිසංස්කරණය කිරීම සදහා ඇය එල්ටීටී ක්‍රියාකාරීන් විසින් පාලනය කරන  SHEVE ZOG නම් සමාගමකට කෝටි දෙකක මුදලක් ලබා දී තිබෙන  බවය.ෂනුකා සෙනෙවිරත්න මෙම සමාගමට කොන්ත්‍රාතුව ලබා දීමේදී රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා  මුල්‍ය ප්‍රතිපත්ති හා රෙගු...

ජිනීවා අපරාධ චෝදනා වලට ලක්වූ ශවේන්ද්‍ර සිල්වා ජනපති හමුදා උපදේශකයා බවට පත් කිරීමේ සැළසුමක් හෙළිවේ

Image
අනුර කුමාර දිසානායක ජනපතිවරයාගේ ආරක්ෂක උපදේශක වරයා ලෙස නුදුරේදී මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර ගැනීමට නියමිතය.ඒ ඔහු නුදුරේදී ත්‍රිවිධ හමුදාපති පදවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුවය.මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යනු ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් පෞරෂය පොළවටම සමතලා කළ පට්ට ⁣දූෂිතයෙකි.යුද හමුදාව ගජබා කරණය⁣ට ලක් කළ මේ දූෂිතයා හමුදාවේ අනිකුත් රෙජිමෙන්තුවල නිළධාරීන් අතර දැඩි අප්‍රසාදයට හා පිළිකුළට ලක් වූ අයෙකි.රාජපක්ෂ වරුන්ගේ ඔඩොක්කු කුක්කකු වූ ශවේන්ද්‍ර සිල්වා රාජපක්ෂ වරුන්ගේ දේශපාලන බලය⁣ට ආවරණය වෙමින් සිදු කරන ලද ජාවාරම් බොහොමයකි.⁣මෙරට උතුරු නැගෙනහිර යුද්ධය පවතින අවධියේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර  සිල්වා හා රූපවාහිනියේ නිවේදකයකු වූ සමන් කුමාර රාමවික්‍රම යාපනය කෝවිල් වල තිබූ රන් භාණ්ඩ සොරකම් කර කොළඹට ගෙන ඒ මේ ජාවාරමක් ⁣අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා විය.රහස් පොලීසිය එම ජාවාරම පිළිබඳව පරීක්ෂණ ඇරඹීමත් සමගම රාමවික්‍රම ඇමරිකාව⁣ට පලා ගිය අතර ශවේන්ද්‍ර සිල්වා රාජපක්ෂ වරුන්ගේ සාටකය⁣ට වසන් වී සිද්ධිය යටපත් කර ගත්තේය. එපමනක්ද නොවේ.යුද සමයේ සිඳු කරන ලද අති බිහිසුනු හා මෙලේච්ඡ මනුෂ්‍ය ඝා...

උඩුවේ ධම්මාලෝකටත් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව

Image
හිටපු නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් හට විශේෂ කාර්ය බලකාය මගින් ආරක්ෂාව සපයා නැති බවට පොලීසිය දහ අතේ දිවුරා ප්‍රකාශ කර ඇතත් මෙි වන විටත් විශේෂ කාර්ය බලකායට අයත් ජිප් රථයක් සමග විශේෂ කාර්ය බලකායේ ⁣නිළධාරීන් ගෙන් සමන්විත කණ්ඩායමක් ඔහු හට ආරක්ෂාව සපයමින් සිටී. එසේම මෙරට රාජපක්ෂ වරුන් පාලනය ගෙන යන අවදියේ හබරණ අලි රංචු වල සිටි අලි මෙලේච්ඡ ආකාරයෙන් ඝාතනය කරමින් අලි පැටව් කෙළඹට ගෙන විත් ජාවාරම් කළ උඩුවේ ධම්මාලෝකටද මේ වන විටත් ව්ශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව සපයමින් සිටින බව අනාවරණය වී තිබේ.රජපක්ෂවරුන්ගේ පාලන සමයේදී කොළඹ යාපනය දුම්රිය මාර්ගයේ හබරණ ප්‍රදේශයේදී අලි දුම්රියේ වැදී මිය යාමේ සිද්ධීන් දිගින් දිගටම වාර්තා විය.ඒ උඩුවේ ධම්මාලෝක විසින් මෙහෙයවන ලද අලි පැටව් අල්ලා ගැනීමේ කණ්ඩායම විසින් අලි රංචු දුම්රිය මාර්ගයට එළවා අලි පැටියා තනි කර ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වූ නිසාය.මේ⁣ තිරිසන් මෙලෙච්ඡ කණ්ඩායම අල්ලා ගන්නා අලි පැ⁣ටවුන් කොළඹට ගෙන ඒමේදී ආරක්ෂාව සපයන ලද්දේ විශේෂ කාර්ය බලකායෙනි.මේ ජාවාරම ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් නන්දසේන ගෝඨාභයගේ අනු දැනුම මත සිදු කරන ලද ජාවාරමක් වූ අතර උඩුවේ ධම්මාලෝක ...

මෙන්න මාලිමාවේ තවත් ඡන්ද ප්‍රතිඵළයක්

Image
  ජාතික ජන බලවේගය ආණ්ඩුවේ විකාර කෙරුවාව ගැන අනාවරණය කෙරෙන තවත් තොරතුරක් වාර්තා වී තිබේ. මෙි රටේ නීතිය හා සාමය ඇමතිවරයා ටිරාන් අලස් බව කියන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් කරවීම සඳහා දර දිය ඇදි සක්‍රීය පොලිස් සේවයේ සිටින ලොකු පොඩි පොලිස් කාරයන්ය.ඒ සියල්ලන් ඉන්නේ දැඩි කම්පනයෙනි. කණාගාටුවෙනි.වේදනාවනි.තමන් කර ගත් මෝඩකම ගැන ඒ සියල්ලන් පසු තැවෙති.ජාතික ජනබලවෙිගයේ ප්‍රධාන පෙලේ නායකයන්ට ටිරාන් අයියා තරම් ආදරණීය මනුස්සයෙක් ගැන හිතන්නටවත් බැරි තරමෙිය.ටිරාන් ගේ අමුඩය හෝදන්නේ ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්සය.මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන් අමු තක්කඩියෙක් ලෙස මුද්‍රා තබා ඇති ටිරාන් අලස් ගේ කැත කුණු සෝදා සුවඳ සබන් ගා නාවන්නේ නීතිය හා සාමය පිළිබඳ ඇමති විජේපාල හා නියෝජ්‍ය ඇමති සුනිල් වටවලය.ටිරාන් අලස් සමග එක කෑම මේසයේ බොජුන් වළඳන්නේ තඹුත්තේගම වීරයා හා විජිත හේරත්ය.ටිරාන් අලස්ගේ හොර අඹුව සමග යහන් ගත වන විට ආරක්ෂාව සළසන්නේ විශේෂ කාර්ය බලකායේ කමඩාන්ය. මේවා ගොසිප් නොවේ.මේ තොරතුරු අපට දෙන්නේ ජාතික ජන බලවෙිගය බලය⁣ට පත් කරවීම සඳහා අවදානමක් ගෙන මැදිහත් වූ සක්‍රීය සේවයේ පොලිස් නිළධාරීන්මය.එබැවින් මේ තොරත...