සිද්ධාලේප වදකයෙක් එ්ඇස්පී වෙලා
පොලිස් පරීක්ෂක වරයකුව සිට සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස්වූ පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් යොදමින් මෙසේ ලියා ඇත්තේය. "සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස්වීම පොලිස් පරීක්ෂක වරයෙකුගේ හීනයක්.ඒ වගේම අභියෝගයක්.අනේක විධ අභියෝග මැද මම අද 2025 මාර්තු මස 23 වන දින සිට බලපැවැත්වෙන පරිදි සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් වීම් ලැබීමි " සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් වූ භාතිය ජයසිංහ කවුරුන්ද යන්න පොලිස්පති වරයාට අමතක වී ඇතත් අපට නම් අමතක නැත.අත් අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගේන්ද්‍රියේ සිද්ධාලේප තවරා කුරිරු වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පැවරුණ නඩුවේ 2 වන වග උත්තරකරු මෙි භාතිය ජයසිංහ ලොක්කාය. හිස මුදුනේ සිට දෙපතුල දක්වාම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්නට බැඳී සිටින බවට හතර අතේ දිවුරමින් හා සහතික වෙමින් බලයට පත් වූ ජාජබ ආණ්ඩුවෙි කෙරුම්කාරයන්ට ලැජ්ජාවක් හිරිකිතයක් තිබේ නම් භාතිය ජයසිංහ වැනි වදකයන් සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කරනවා තබා පොලීසියේ හතර මායිමෙි තබා ගන්නේ නැත.එහෙත් ඡන්ද කතිරය ලබා ගැනීම...