පාදඩ ටිංරාං හා දේශබන්දු ගේ මැර කොන්ත්‍රාතුවක් ඉටු කරන්නට ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ සට්ටැඹි සැරයන්වරයෙක් මරුට
.png)
දේශබන්දුගේ හා ටිරාං ගේ යුක්තියේ මෙහෙයුම තක්කඩි යටිකූට්ටු ගේමක් බව අප දිගින් දිගටම හෙළි කෙරුවෙමු. මේං කොකා මේං නයා කියමින් ජනතාව තිගැස්සෙන ආකාරයට පොලීසිය හා හමුදාව යොදවා ගනිමින් මත් ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාකාරම් මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් පික්චර් එකක් පෙන්වමින් ටිරාං හා දේශබන්දු ගෙන ගිය කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙල තුළ පැවැති යටි අරමුණ අප වටහා ගෙන තිබුණි.ඒ පිළිබඳව අපගේ සිතීම නිවැරිදි බව තහවුරු වන ආකාරයට දිගින් දිගටම පොලීසියේ හා ආරක්ෂක හමුදා බුද්ධි අංශ වලින්ද අප හට තොරතුරු ලැබුණි. සියල්ල සිඳු වූයේ නාට්‍යාකාරයෙනි.තිරපත ටිරාං හා පොදු ජන පෙරමුනේ මදාවිකාර සහචරයන්ගෙනි.නිෂ්පාදනය දේශබන්දුය.තිර පිටපත තුළ ප්‍රධාන තේමාව වූයේ මත් ද්‍රව්‍ය ජාවාරම හා පාතාලය මැඩලීම නිසා ජනපතිවරයාගේ අනුමැතියද ඒ සඳහා ලැබුණි.නාට්‍යය වේදිකා ගත වූයේ සිල්ලර කුඩ්ඩන් අල්ලා ගෙන උසාවි දැමීමෙන්.දේශබන්දු සමග ගණුදෙනු කරන පාතාලයන්ට හෝ ගෝල බාලයන්ට ඉහින් බහින කරදරයක් ඒ මෙහෙයුමෙන් සිද්ධ වූයේ නැත. කොස්ගොඩ සුජීගේ දේපොල ගැන විස්තර අපි ටිරාංට හා දේශබන්දු ගේ වට්ස් ඇප් වලට පවා යොමු කෙරුවෙමු. ...