විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලංකා දවසෙන් යෝජනාවක් - හැකි නම් කරන්න
පොදු ජන පෙරමුණේ දේශපාලන බෙදුම් තීරය පැහැදිලිව විවර කරමින් එම පක්ෂයෙන් පාර්ලිමේන්තු නියෝජනය කරන 92 ක පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට තීරණය කර ඇති බව ජනමාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.මෙහිදී පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජනය තුළ රාජපක්ෂ වරුන්ට සහයෝගය දක්වන පාර්ශවය ජනපතිවරණයේදී අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමටද අපේක්ෂිතය.පොදු ජන පෙරමුණ මේ ආකාරයට බෙදීමක් සිදු නොවුනේ නම් ජනාධිපති අපේක්ෂකයා වන්නට තිබුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය .එහෙත් මේ වන විට ඔහු සඳහා අවස්ථාවක් දීමට වඩා සිය දේශපාලන බලය ආරක්ෂා කර ගැනීම සදහා වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට රාජපක්ෂවරුන්ට සිඳු වී තිබේ. රාජපක්ෂ වරුන් දෙවිවරුන් ලෙස ඇදහූ පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් ඒ ඇදහිල්ල ඉවතට දමා රනිල් වික්‍රමසිංහගේ දෙපා වන්දනා කිරීම මෙරට දේශපාලනයේ හාස්‍යජනක විකාර රූපී හැඩය හා තක්කඩිකම අනාවරණය කෙරෙන නිදර්ශනයකි.එහි පවතින තක්කඩිකම ඉතා හොදින් විමසීමට නම් ජනපතිවරයා හා එක්වූ පොදුජන පෙරමුණේ කණ්ඩායම අතර සිටින ඇතැමුන් යහපාලනය ආණ්ඩුවේ අගමැති වරයා වූ රනිල් වික්‍රමසිංහ අපහාසාත්මකව විවේචනය කර ආකාරය සිහිපත