Posts

Showing posts from November, 2024

රවි කරුණානායක ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම රනිල් වික්‍රමසිංහගේ සට කපට වැඩක්

Image
  පසු ගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් දෙකෙන් එකක් සදහා මේ වන විට රවි කරුණානායක ගේ නම මැතිවරණ කොමිෂම ගැසට් කර තිබේ.ඔහුගේ නම මැතිවරණ කොමිෂම වෙත නිර්දේශ කර යවා තිබු⁣ණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය වන ශර්මිලා පෙරේරාය. රවි කරුණානායක ගේ නම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නිර්දේශ කර යවා ඇත්තේ තමන්ගේ දැනුවත් බවකින් නොවන බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇති අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළ බරපතල අර්බුදයක් මතු වී ඇති බව අනාවරණය වේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර  හිමිවන්නේ පොදු ජන පෙරමු⁣ණේ සිට එම පක්ෂයට සම්බන්ධ වූ හිටපු මන්ත්‍රීවරුන් ⁣⁣වන රෝහිත අබේගුණවර්ධන හා අනුරාධ ජයරත්න හා චාමර සම්පත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම නිසාය.මේ පසුබිම යටතේ එජාපයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක හිමි කම ලබා ගැනීමට නොහැකි වටපිටාවක් නිර්මණය වන බවට සැකයක් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය තුළ ඇති වූ බැවින් කුමන්ත්‍රණකාරීව රවි කරුණානායක ජාතික ලැයිස

ආණ්ඩුවේ අමාත්‍යංශ ලේකම්වරු පත් කෙරේ

Image
  ජාතික ජන බලවේගය ආණ්ඩුවේ අමාත්‍යංශ ලේකම්වරු පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ  මාධ්‍ය නිවේදනය

මහින්දානන්ද ගේ දේශපාලන සමුගැනීම ඇස් බැන්දුමක්

Image
  හිටපු  ජනපති මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහින්දානන්ද අළුත්ගමගේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ලද්දේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ ගෑස් සිලින්ඩරයෙනි. මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය⁣ට තරග කළ ඔහුට අත් වූයේ අන්ත වූයේ පරාජයකි.අනතුරුව පාර්ලිමේන්තු  මැතිවරණයෙන් පරාජයට පත් වූ මහින්දානන්ද අළුත්ගමගේ තමන් දේශපාලනයෙන් සමුගන්නා බවට මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරන ලද්දේ පාක්ෂිකයන් කැඳවමින් පවත්වන ලද  රැස්වීමකදීය. මහින්දානන්ද ගේ අළුත්ගමගේ ගේ දේශපාලනයෙන් සමු ගැනීම මෙරට දේශපාලඥයන් සිදු කරන තක්කඩි නිරූපනයට අයත් ක්‍රියාවලියේම තවත් එක් රංඟනයක් මිස විමතියට පත් කරන සිදු වීමක් නොවේ.ඒ මහින්දානන්ද නැවත දේශපාලනයට පැමි⁣ණෙන බවට අපට ඉර හඳ සේම විශ්වාස නිසාය.ඔහුගේ එම මැදිහත්වීම සිද්ධ වන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ අසමත් වීමේ දර්ශකයන් තුළය. දේශපාලනයට ඒමට පෙර පෞද්ගලික සමාගමක සිල්ලර වෙළඳ නියෝජිතයෙකු වූ මහින්දානන්ද  අළුත්ගමගේ පසු කාලයකදී සුපිරි ධනවතකු බවට පත් විය.යහපාලනය පැවැති සමයේදී මොහුට එංගලන්තයේ නිවාසයක් පවා හිමි බව හෙළි විය.සිල්ලර වෙළඳ නියෝජිතයකු දේශප

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පවත්වන පොලිස් පරීක්ෂණ අවුල් කිරීමේ වෑයමක්

Image
  පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන පක්ෂයක නායකයකු හා හමුදාවේ හිටපු ⁣ඡ්‍යෙෂ්ඨයකු අත්  අඩංගුවට ගැනීමට නියමිත බව දේශය පුවත්පත වාර්තා කර තිබේ.පසුගියදා චැනල් 4 නාලිකාව ඔස්සේ අනාවරණයක් කළ අසාත් මවුලානා  සමග සූම් තාක්ෂණය ඔස්සේ ප්‍රශ්ණ කර අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසුව මේ දෙදෙනා පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමට නියමිත බවද එම පුවත්පත වැඩිදුරටත් සදහන් කර ඇත.එම තොරතුරු දේශය පුවත්පත වෙත ලබා දෙන ලද්දේ ආරක්ෂක අංශයකින් බවද එහි සඳහන් වී තිබේ. හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විසින් චැනල් 4 නාලිකාව සිදු කළ එම අනාවරණය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට හිටපු විනිසුරුවරයෙකු ගේ ප්‍රධානත්වයෙන් කමිටුක් පත් කළ නමුත් දැනට විදේශගතව සිටින අසාත් මවුලානා එම කමිටුව වෙත සිය සාක්ෂිය ඉදිරිපත් සඳහා ඉදිරිපත් නොවීය. පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු අමාත්‍ය පිල්ලෙයාන්ට රහස් පොලීසියට පැමිණෙන ලෙසට පසුගියදා දැනුම් දී තිබුනද ඔහු ඒ සඳහා නොපැමිණි බවද වාර්තා විය.එසේ තිබියදී දේශය පුවත්පත වාර්තා කර ඇති අනාවරණය පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරමින් පවතින පොලිස් පරීක්ෂණ වලට ද

වලාන දූෂණ මර්ධන කොට්ඨාශය නිෂ්පාදනය කළ නාට්‍යයේ බනානා සුජීව රඟපෑවාද

Image
  පානදුර වලාන දූෂණ මර්ධන කොට්ඨාශය පසුගියදා සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක සුජීව සේරසිංහගේ නිවස වටලන ලදී.ඒ ඔහු සන්තකයේ හමුදා කැලෑ ඇඳුම් සහ නීති විරෝධී වාහනයක් ඇතැයි පැවසෙන තොරතුරකට අනුවය.පසුව සුජීව සේරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුව වෙත රැගෙන ආ ඔහුගේ හිමිකාරිත්වය යටතේ තිබූ සුපිරි රථය ඉන් අනතුරුව ඔහු විසින්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන යන ආකාරය රූපවාහිනී මාධ්‍යයන් ගණනාවක  විකාශනය කෙරිණි.මේ සිද්ධිය තුළ සැක සංකා මතුවන කරුණු ගණනාවක් පවතී.එහිදී  සුජීව සේරසිංහට එරෙහිව චෝදනා කරන ලද නීති විරෝධීව එකලස් කරන ලදැයි සඳහන් කෙරුණ  ඔහුගේ සැක සහිත වාහනය ඔහු විසින්ම  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ඒමත් ඉන් අනතුරුවම එය ඔහුම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගෙන යාමත් සැක මතුවන කරුණු අතර වේ.මේ  වාහනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් පවත්වාගෙන යමින් තිබුණේ නම් එය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුත්තේ චුදිතයා නොව පොලීසිය විසිනි. එහෙත් මෙහිදී පොලීසිය මැදිහත් වූ බවක් පෙනෙන්නට නොතිබුණි. මේ සියල්ල සිද්ධ  වූයේ පොලීසිය විසින් දේශපාලඥයන් නීති විරෝධීව එකලස් කරන ලදැයි පැවසෙන වාහන අත් අඩං

ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරට වැළඳුන කඩි කුලප්පුව බරපතලය

Image
  හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහිව නීති විරෝධීව වාහනයක් එකලස් කිරීම සම්බන්ධයෙන් අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුවට පොලීසිය වෙනුවෙන් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර පෙනී සිට ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි. නීති විරෝධී ලෙස වාහන එකලස් කිරීම සම්බන්ධයෙන් පවරන ලද නඩු ගැන දිවයි⁣නේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන්නේ අද ඊයේ සිට නොවේ.ඒ නඩු වලට පොලීසිය වෙනුවෙන් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පෙනී සිටි බවක් කිසිම දිනක වාර්තා වී නැත.ඒ එම නඩු  එතරම් සැළකිය යුතු නඩු නොවන නිසාය. එහෙත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේට එරෙහි නඩුව සම්බන්ධයෙන් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරට හදිසියේ වැළඳුන කඩි කුලප්පුව ප්‍රශ්ණ සහගතය.ඔහු ජාජබ ආණ්ඩුවෙන් ලකුණු දාගන්නට අධිකරණයට ගියා වෙන්නට පුළුවන.එසේ නැති නම් ලොහාන් සමග තිබෙන පරණ ඇරියස් එකක් කවර් කර ගැනීමට ගියා වෙන්ටත් බැරි නැත.කෙසේ වෙතත් ඡෙනිපො රුවන් ගුණසේකර ගේ මේ පඩත්තල පෙනී සිටීම නිසා ආණ්ඩුවට  දේශපාලනිකව හානියක් වන බව නම් කිව යුතුමය.ඒ මෙවැනි සිල්ලර නඩුවකට ⁣රුවන් ගුණසේකර වැනි පොලිස් ඡ්‍යෙෂ්ඨයකු යොදවා ගනිමින් ආණ්ඩුව ලොහ

මහින්ද රාජපක්ෂ හමුදා රෝහළෙන් කෝටි ගණනක පින් බේත් අරගෙන නෝන්ඩි වෙලා

Image
  සේවා අංක නි/0002 ජනරාල් මහින්ද  රාජපක්ෂ ලෙස යුද හමුදා රෝහළෙහි ලියාපදිංචි වී හිටපු ජනපති මහින්ද   රාජපක්ෂ ඉන් වටිනා ඖෂධ ලබා ගෙන ඇති බව Colombo Telegraph කර්තෘ උවිඳු කුරුකුළසූරිය අනාවරණය කර තිබේ.ඔහු සදහන් කර ඇති ආකාරයට මේ ඖෂධ අතර වැඩි වශයෙන් ඇත්තේ එංඟලන්තයේ නිෂ්පාදනය කරන ලද මිල අධික වි⁣ටමින් වර්ග වේ.පසුගිය සතියේද හමුදා රෝහළ හිටපු ජනපතිවරයාට ලක්ෂ එකහමාරක වටිනාකමින් යුතු ඖෂධ නිකුත් කර ඇති බව උවිඳු සඳහන් කර ඇත. හමුදා ජනරාල් වරයකු ලෙස මහින්ද රාජපක්ෂ හමුදා රෝහළෙහි ලියා පදිංචි වී ඇත්තේ මෙරට අගමැතිවරයා වූ පසුව බව පැහැදිලිය.එය එසේ වන්නේ නම් ඔහු පසුගිය සතිය දක්වාම හමුදා රෝහළෙන් ඖෂධ ලබා ගෙන ඇති බව තහවුරු වේ. මහින්ද රාපක්ෂගේ දරුවන් තිදෙනා මෙරට ව්‍යාපාර වල නිරතවන්නන් වන අතර සමාගම් ගණනාවක කොටස් හිමියන් වේ.ඒ අතරින් නාමල් රාජපක්ෂ පසුගිය ජනපතිවරණයේදී මැතිවරණ කොමිෂම වෙත ලබා දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශයෙන් හෙළි වන්නේ ඔහු සුපිරි ධනපතියකු බවය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ඔහු ලබා ගන්නා ලද වැටුප හැරුන විට නාමල් රාජපක්ෂට හා ඔහුගේ බිරිඳට සමාගම් දෙකක කොටස් අයිතිය ඇති අතර ඒ ලින්ක් ඒෂියා හෝල්ඩි

ඉලුක්පිටිය අද තනියම හිරගෙදර

Image
  වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය පැරණි ආකාරයෙන් පවත්වාගෙන යන ලෙස ශ්‍රේෂ්ඨාධාකරණය දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය දැන් සිටින්නේ බන්ධනාගාරගතවය.2024 අංක 08 දරණ අධිකරණ ආයතන පනතේ විධි විධාන අපහාස කිරීම පිළිබඳ පනතේ විධිවිධානයන් ප්‍රකාරව ඔහු බන්ධනාගාර ගත කරන ලද  අතර නැවත එම නඩුව විභාගයට ගැනීමට   නියමිතව ඇත්තේ 2025 ජනවාරි 22 දිනය.අධිකරණ ආයතන වලට අපහාස කිරීමේ වරදකට චෝදනා ලබන්නෙකු නඩුව අවසන් වන තුරු බන්ධනාගාර ගත කෙරේ. හිටපු ආගමන විගමන පාලක වරයා පසුගිය කාලයේ කටයුතු කෙරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය පවා තඹ  දොයිතුවකට මායිම් නොකරන උද්දච්ච ආකාරයෙනි.ඒ නීතිය හා සාමය අමාත්‍යංශයේ ඒ දින වල ඇමතිවරයා වු ටිරාන් අලස් ගේ උපදෙස් පරිදි බව මාධ්‍ය වලට අනාවරණය වෙමින් තිබුණි.හිටපු අමාත්‍ය ටිරාන් අලස් ඒ දිනවල මහජන හමුවීම් වලදී  මෙරට පවතින නීතිය පමනක් නොව ජාත්‍යන්තර නීතිය පවා නොතකා රාජකාරි කරන ලෙස⁣ට පොලීසියට හා සිය අමාත්‍යංශ නිළධාරීන්ට උපදෙස් දෙන බොහෝ අවස්ථාවන් මාධ්‍ය වෙතින් හෙළි කෙරිණි. හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රාජකාරි කෙරුවේද හිටපු ඇමති ටිරාන් අලස

: නීතිපතියා කපෝතියි.

Image
  විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගෙන සිටි පුද්ගලයකු පසුගියදා බලපිටිය  අහුංගල්ලේදී මරණයට පත් වීම බලපි⁣ටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මූලික පරීක්ෂණයෙන් අනතුරුව අධිකරණය එම මරණය මිනිස් ඝාතනයක් බවට තීන්දු කරන ලදී.අනතුරුව මෙම  මිනිස් ඝාතනයට සම්බන්ධ බවට සැක කරන විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ නැමැත්තා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැඩිදුරටත් නියෝග කර තිබුණි.එහෙත් වි⁣⁣ශේෂ කාර්ය බලකාය එම සැකකාර පොලිස් පරීක්ෂක වරයා අධිකරණයට බාර දීම නඩු වාර දෙකකදී පැහැර හැර තිබුණි.ඊළඟ අවස්ථාවේ නඩු කරය කැඳවූ විට නීතිපතිවරයා විසින් බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ලිපියක් යොමු කර දන්වා තිබුණේ අදාල සැකකරුවන්ට එරෙහිව අපරාධ චෝදනා නැගීමට තරමේ සාක්ෂි මේ සිද්ධිය තුළ  නොමැති බවය. නීතිපතිවරයා විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ නීති කොට්ඨාශය ⁣මගින් බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත පිටපතක් සහිතව යොමු කරන ලද එම ලිපිය මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් අවධානය දක්වන නීතිඥ ප්‍රජාව හා නීතිඥ සංඟමය දැඩි කම්පනයට පත් කරවන ආන්දෝලනාත්මක ලිපියක් බවට පත් වූ අතර එම ලිපියේ අන්තර්ගතය වැඩිදුරටත් යූ  ටියුබ ගණනාවක ප්

වසීම් තාජුඩීන් ඝාතන පරීක්ෂණ නොමග යැවූ පොලිස් කාරයෙක් පොලිස් අමාත්‍යංශයේ උපදේශකයෙක් වෙලා

Image
  අද (06)දින නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශකයෙක් ලෙසට පත් වී ඇත්තේ මරු බඩුවකි.මේවා සිද්ධවෙන්නේ කාගේ අවශ්‍යතාවකට යන්න අපට වැටහීමක් නැත.එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනෙකුගේ පැටිකිරිය ගැන අපට හොඳ  අවබෝධයක් තිබෙන බැවින් ⁣අද නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශකයෙක් ලෙස පත්වීම ලැබූ මේ උන්දෑ ගැන අමුතුවෙන් හදාරන්නට අවශ්‍ය නැත.සොයා බලන්න⁣ටද ඕනෑ නැත. ඒ නිසාම මේ මාර උපදේශකයාගේ පැරණි වෘත්තිමය කෙරුවාව ගැන අපට අත්දැකීම් සහිත යම් කියවීමක් තිබේ.අපගේ ඒ කියවීමෙන් ඇමති සහෝදරයාගේ සිත රිදෙන්නටද පුළුවන. ⁣නීතිය හා සාමය ඇමති විජිත හේරත් සහෝදරයා රාජපක්ෂ නිකායේ බණ පිළිපදින්නකු නම් අද දින තමන්ගේ උපදේශකයා ලෙස පත් කර ගත් උන්දෑගේ උපදෙස් අනුශාසනා ඇමතිකමට අපූරුවට ගලපා ගත හැකිය.එහෙත් අප තවමත් සිතා සිටින්නේ විජිත හේරත් සහෝදරයා  ජනතා  විමුක්ති පෙරමුණේ නායකයකු විදියටය.එසේම ඔහු අමාත්‍ය ධුරයට පත් වන්නේ ජාතික ජන බලවේගය කෙරෙහි මෙරට ජනතාව තැබූ විශ්වාසය නිසා බව අපි සිහිපත් කරමු. ජනතා විමුක්ති පෙරමුණේ නායකයකු හා ජාතික ජන බලවේගය ආණ්ඩු⁣වේ නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස විජිත හේරත් සහෝදරයා රාජපක්ෂ වරුන්ගේ නොසන්ඩා

බුදු අම්මෝ කිරි පුතේ හෙණ ගහපං ගණං බලාපං

Image
  මෙරට ජනපතිකම් හොබවා පැන්ෂන් ගිය අබිලි පරාණ කිහිපයක් ආරක්ෂා කිරීමට සිය  දෙපාර්තමේන්තුව මාසිකව වැය කරන මහජන මුදල් ප්‍රමාණය පොලිස් දෙපාර්තමේන්තුව විසින් අද (06) දින අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේදී  අනාවරණය කරන ලදී.මේ අබිලි පරාණ වන්නේ මෙරට සිටි ජනපතිවරුන් පස් දෙනෙකු හා මියගිය ජනපතිවරයකුගේ බිරිඳය.මේ පැන්ෂන්කාර උන්දැලා සඳහා පොලිස්  දෙපාර්තමේන්තුව දළ වශයෙන් මිලියන 1100 ක මුදල් ප්‍රතිපාදනයන් මාසිකව වැය කරමින් සිටින බව එහිදී හෙළි කෙරිණි. පොලිස් සේවාවේ නිරත පොලිස් නිළධාරීන් එක් ලක්ෂ අසූ දහසකගේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කර ඇත්තේද මිලියන 1500ක් බවද     මෙහිදී හෙළි විය. මේ අබිලි පරාණ වෙනුවෙන් පොලීසිය වැය කරන්නේ කජු ඇටත් නොවේ. කොස් ඇටත් නොවේ.පොලිස්පතිගේ අම්මාගේ අප්පාගේ බූදලයද නොවේ. මහජන මුදල්ය.හරිහමන් විදියට කන්න බොන්න වත් නැතුව දුක් විඳින මිනිසුන්ගේ රීරි මාංශයෙන් රජය බදු විදියට උදුරා ගන්නා මුදල්ය.  හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක  ගේ ආරක්ෂක පිරිවැය සදහා පොලිස් දෙපාර්තමේන්තුව මාසිකව වැය කරන මුදල රුපියල් නව කෝටි අනූ අට ලක්ෂ හැත්තෑ එක් දහස් අටසිය හැට හතරයි සත තිස් හතරකි(රු.998871864.34

ජනපතිතුමණි වඳින්නම් අපේ රෙදි ගලවන්නට නම් එපා

Image
   සාධාරණ නීතියක් මෙරට සමාජය තුළ ස්ථාපිත කිරිමේ අපේක්ෂාවෙන් ජාතික ජන ⁣බලවේගය ආණ්ඩුව පිහිටුවීමට ජනපතිවරණයේදී අනුර කුමාර දිසානායක සහෝදරයාට කතිරය ගැසූ සියල්ලන්ගේ සිහින නීතිපතිවරයා විසින් බලපිටිය මහේස්ත්‍රාත් වෙත එවා ඇති  ලිපියක් නිසා බිඳ වැටී තිබේ.මේ ගැන ලියන්නට පවා ලැජ්ජාවක් අපේ සිතට දැනේ.ඒ ලැජ්ජාවත් සමගම අපට අප ගැනම දුකක් කණගාටුවක් ඇතිවේ.ඒ මන්ද යත් නීතිපතිවරයාට එම ලිපිය බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත යැවීමට උපදෙස් දී ඇත්තේ ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා නිසාය.දැන් නීතිපතිවරයා අපගේ කලිසම ගලවා තිබේ. අප මේ ලියන්නේ අමු හෙළුවෙන් ඉඳගෙනය. සිද්ධිය සැකෙවින් මෙසේය. යුක්තියේ මෙහෙයුම නමින් ගෙනගිය පාදඩ පොලිස් කෙරුවාවේදී විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ විසින් බලපිටිය අහුංගල්ලේදී පාතාල ක්‍රියාකාරිකයකුට වෙඩි තබා ඝාතනය කරන ලද බවට චෝදනා කරමින් වින්දිත පාර්ශවය විසින් පවරන ලද නඩුවක් බළපිටිය මහේස්ත්‍රාත් කරණයේදී විභාගයට ගැනුන අතර එහිදී මහේස්ත්‍රාත්වරයා  නියෝග කරන ලද්දේ සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්  අඩංගුවට ගෙන අධිකරණයට ගෙන  ඉදිරිපත් කරන ලෙසය.එහෙත් පොලීසිය නඩු වාර දෙකකදී එම නියෝගය