පොලිස්පති පත් කිරීම "ටිං ටිං ගාන්නා තෝරා එවාපන්"
පසුගිය 26 වනදා සිට පොලිස්පති වරයාට ලබා දී තිබූ සේවා දිගුව අවසන් වී තිබේ.මෙි වන විටත් හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න නිල කාර්යාලයේ තිබූ පෞද්ගලික භාණ්ඩ ඉවත් කරගෙන ගොස් තිබූ බව වාර්තා වේ. පොලිස්පතිවරයකු නොමැති කම නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය බරපතල අර්බුදයකට මුහුණ පා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.පොලිස්පතිවරයා පත් කරන තුරු වැඩ බලන පොලිස්පතිවරයකු පවා පත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වී තිබේ.අභිනව පොලිස්පති තනතුරට පත් වීම පොලිස් ඡ්‍යෙෂ්ඨයන් අතර බල අරගලයක් පවතින බව පසුගිය කාලයේදී දිගින් දිගටම මෙරට මාධ්‍ය අනාවරණය කරන ලදී.ඇතැම් පොලිස් ඡ්‍යෙෂ්ඨයන් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් කතරගම ආදී දේවාල වල බාර හාර පවත්වමින් පොලිස්පති තනතුරට පත්වීම සඳහා දෙවියන්ට අල්ලස් දෙමින් සිටී.හිටපු පොලිස්පතිවරයාද තව සේවා දිගුවක් අපේක්ෂාවෙන් කතරගම දේවාලයේ බාර හාර වූ බවටද වාර්තා විය. අභිනව පොලිස්පති ධුරයට පොලීසියේ ආදර්ශවත් සහ නොකැළැල් සේවයක් සහිත නිළධාරියකු පත් කරන ලෙස ජනාධිපති රනිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංඟමය ඉල්ලා තිබේ.යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මෙන්ම න...