හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හට ලබා දී තිබූ විශේෂ ජනාධිපති සමාව අහෝසි කිරීමට අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව අප විසින් මීට ඉහතදී වාර්තා කෙරිණි. කෙසේවෙතත් එම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර හිටපු ජනපතිවරයා වූ මිල්ටෙරි නන්දසේන විසින් දුමින්ද සිල්වාට සමාව දීම සම්බන්ධයෙන් සඳහන් කර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණු ගැන අද දින ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්ණ කරන ලදී. එම දිවුරුම් පෙත්සමෙහි හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන සඳහන් කර තිබුණේ දුමින්ද සිල්වාට තමා සමාව දුන්නේ රට ගැන සිතා බවය.එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රශ්ණ කෙරුවේ රට ගැන සිතා කටයුතු කිරීම යනු කුමක්ද යන්නය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ ප්‍රශ්ණයට වග උත්තරකාර පාර්ශවයට පිළිතුරක් නොවීය. එහෙත් රාජපක්ෂ පවුල ඒ දිනවල සෑම තක්කඩි වැඩක්ම සිදු කර රටට පැවසුවේ එය සිදු කලේ රට වෙනුවෙන් සිතා බවය.රටේ ජනතාවද බඩේ බත් නැතිවී කුජීත ගහන තුරු ඒ කතාව හිස් මුදුනින් පිළිගත්හ. පෝද්දල ජයන්තගේ අත පය කැඩුවේ රට වෙනුවෙන්ය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කෙරුවේ රට වෙනුවෙන්ය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුවේ රට ව