මෙන්න අනීතික පොලිස් හපන්කම් වලට එරෙහිව තවත් තීන්දුවක්
.jpg)
2016 වර්ෂයේ රාජගිරිය ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පක විසින් සිඳු කරන ලද රිය අනතුරක් පිළිබඳව ඔහුගේ රියදුරු පොලීසියට ඉදිරිපත් කරන ලෙසට බලපෑම් කර ඔහුගේ බිරිද හා අතදරුවාද ,මවද අල්ලාගෙන විත් අනීතිකව පැය කිහිපයක් කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවා ගැනීම තුළින් පොලීසිය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කර ඇති බවටත්, ඒ අනුව එම මූලික අයිතිවාසිකම් කඩ කිරීමට වග කිව යුතු කොළඹ අපරාධ කොට්ඨාශයේ එවකට වැඩ බලන අධ්‍යක්ෂවරයා වූ නෙවිල් සිල්වා හා එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙත්තානන්ද යන නිළධාරීන් තමන්ගේ පුද්ගලික මුදලින් රුපියල් 25000 බැගින් පෙත්සම්කාරියට වන්දි ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (මැයි 31) තීන්දු කරන ලදී. රජය මගින්ද පෙත්සම්කාරියට රුපියල් 10000ක වන්දි මුදලක් ගෙවිය යුතු බවටද එම තීන්දුවේ දැක්වේ. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්‍ඨාධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩ බලන අධ්‍යක්ෂ වරයා වූ නෙවිල් සිල්වා අධිකරණය ඉදිරියේ සිඳු කර ඇති ප්‍රකාශයක් පිළිබඳව සිහිපත් කරමින් සදහන් කර ඇත්තේ මෙවැනි පොලිස් නිළධාරීන්ගේ ප්‍රකාශ වලින් අනාවරණය වන්නේ පොලීසිය තුළ පවතින රාජ්‍ය ත්‍රස්තවාදයේ ස...