සලේ ගේ කැත ගේම් ජාජබ අණ්ඩුවට ෂොට් එක දේවිද
.png)
මෙරට සමාජය තුළ නැවත අනාරක්ෂිත බවක් මතු කිරීමේ මෙහෙයුමක් යටි බිම් ගත රාජ්‍ය සාහසිකයන් විසින් මුදා හැර ඇති බව විදේශීය ඔත්තු සේවා නිළධාරියකු ලංකා දවසට අනාවරණය කරන ලදී.එහිදී ඉදිරි මාස හය තුළදී මෙරට සමාජය කම්පනයට පත් කරවන ආකාරයට විශාල පිපුරුමක් ඇති කර මහා මිනිස් ඝාතනයක් සිදු කිරීම මේ සාහසිකයන්ගේ සැළසුම වී තිබේ.ඉන් අනතුරුව ජනපති අනුර කුමාර දිසානයක මෙරට ජාතික ආරක්ෂාව බිඳ දමා ඇති බවට චෝදනා කරමින් ජාජබ ආණ්ඩුව බිඳ වැට්ටවීම ඊළඟ පියවර වේ. එම විදේශීය ඔත්තු සේවා නිළධාරියා ප්‍රකාශ කළ ආකාරයට අද (29)දින චාවකච්චේරි අධිකරණය තුළ බෝම්බ ඇතැයි දුරකථන පනිවුඩය ලබා දෙන ලද්දේ ඉනය භාරතී නම් තැනැත්තෙකි.මේ තැනැත්තා පිල්ලෙයාන් හා කරුණා අම්මාන් ගේ මුල්‍යමය කළමණාකරු ලෙස කටයුතු කළ අයෙකි.මඩකලපුව අධිකරණයේ බෝම්බ ඇති බවට දුරකථන පණිවුඩය ලබා දී ඇත්තේ කුමරන් සර්වනාදන් නැමැත්තෙකි.මේ තැනැත්තා යාපනය දිස්ත්‍රික්කයට රනිල් වික්‍රමසිංහගේ ගෑස් සිලින්ඩරයෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයෙකි. අරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්වූ පුද්ගලයා ආවා කල්ලියට සම්බන්ධව සිටි යාපනය චුන්නාගම් ...