අපරාධ කැරුට්ටු සහික ටිරාන් අලස් ජාත්‍යන්තර පොලිස් සමුළුව අමතයි

පසුගියදා ඇමරිිිිිිිිිිකාවේ පැවැති එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධානීන්ගේ සමුළුව (2024) නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වී ඇත්තේ නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස්ය ඔහු මේ සමුළුව අමතමින් ඉල්ලා ඇත්තේ ජාත්‍යන්තර ආරක්ෂා කටයුතු වල නිරත වීම සඳහා ශ්‍රී ලංකාවේ පොලීසියට සම්බන්ධ වෘත්තිකයන් හා විශේෂ පොලිස් ඒකකයන් යෙදවීමට අවස්ථාව ලබා දෙන ලෙසය.ඒ සඳහා දක්ෂ නිළධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින බවද ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මේ උන්දෑ හොඳ සිහියෙන් මේ ප්‍රකාශය කරාද නැද්ද යන්න අපි නොදනිමු.වර්තමානයේදී මේ රටේ පොලීසියේ කෙරුවාව ගැන රටේ ජනතාව දෙන සහතිකය ජාත්‍යන්තර පොලිස් ප්‍රධානීන් කියවූ හොත් ඔවුන්ට එක දිගට වමනය යන බව නම් නිසැකය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාතාල ජාවාරම් කාර දෙපාර්තමේන්තුවෙකි.පොලීසියේ වගකීම් පවරා ඇති ඉහළ ඇවරියේ නිළධාරීන් බොහෝ දෙනෙකු තක්කඩි දූෂිතයන්ය.වංචා කාරයන්ය.මේ හැමටම වඩා පොලිස්පතිවරයා මානව හිමිකම් උල්ලංඝනය කර අපරාධ කරුවෙකි.අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුගේ පුරූෂ ලිංගයේ ඖෂධීය ආලේපනයක් තවරා කුරිරු වද බන්ධනයට ලක් කරන ලදැයි චෝදනා...