පොදුජන පෙරමුණේ මන්ත්‍රී හා ඇමති අතර එකම වේදිකාවේදී මතවාදී ගැටුමක් ඇතිවෙි
අද දින (30) මාතරදී පැවැත්වූ පොදුජන පෙරමුණු රැස්වීමේදී ආණ්ඩුව හා පොදුජන පෙරමුණ අතර පවතින සීතල ආරවුල පිළිබඳව අනාවරණය වන සිදුවීමක් වාර්තා විය.මෙම රැස්වීම ඇමතූ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කරන ලද්දේ මීළඟට මෙරට බලය පිහිටුවන්නේ එක්සත් ජාතික පක්ෂය හා පොදු පෙරමුණ එක්ව බවය. එහිදී එම වෙිදිකාවේදීම මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක විසින් අමාත්‍ය කාංචන විජේසේකර ගේ ප්‍රකාශයට එරෙහිව අදහස් දක්වන ලදී. ඔහු එහිදී මෙසේ පැවසුවේය ඉදිරියේදී රටේ ජනාධිපති කවරෙක්ද ඒ කවර පක්ෂයකින්ද යන්න අපි ඉදිරියෙදි බලාගමු.ඉදිරියේදී අපට මේ ආණ්ඩුවෙන් තනතුරු ඕන නෑ.අපි ඒක ආයෙත් මැතිවරණයකින් දිනල පොහොට්ටුව බලය අරගෙන පෙන්වන්නම්.මෙරටේ තෙල් බෙදා හරින්න චීන සයිනොෆෙන් ආයතනය වෙන්න පුළුවන්.පෞද්ගලික ආයතන තුනකින් තෙල් ගෙන්වන්න කැබිනට් පත්‍රිකාව දැම්මෙ ගෝඨාභය ජනාධිපති තුමා.ඒත් අපි කවදාවත් බලාපොරොත්තු වුනේ රාජ්‍ය ආයතනයක් විදියට තියෙන සිෆෙට්කෝ ආයතනය පෞද්ගලීකරණය කරන්න.පෞද්ගලික ආයතන දෙක තුනකට ලංකාවෙ තෙල් බෙදන්න දීල කවද හරි දවසක ඒ තෙල් සමාගම් වලට හිතුනොත් මේ ආණ්ඩ...