වෙළඳ ඇමතියා පිළිකා කාරක ආසනික් අඩංගු සහල් ගෙන ඒමට සැරසෙයි
වෙළඳ ඇමතිවරයා පට්ට හොරෙක් බව ඔහුගේ පැටිකිරිය දන්නා කියන අය දනී. රටේ ජනතාව ගේ බඩගින්න උකසට තබා මේ හොර තක්කඩියා සිදු කරමින් තිබෙන ජාවාරම් අනන්තය. අප්‍රමාණය. මොහු නිතරම අතවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හිඟයක් පෙන්වා ඒවා ආනයනය සිඳු කිරීම ඇබ්බැහියක් වී තිබේ.කලකදී සීනිය.තවත් කාලයකදී පරිප්පුය.ඉන් අනතුරුව බිත්තරය.හදිසි මිලදී ගැනීම් ලෙස සිඳු කරන මෙම ආනයනය කිරීම් තුළ ඇත්තේ තක්කඩි ජාවාරමකි.මින් හොද්ද බොරවන්නේ වෙළඳ ඇමතිගේ හා ඔහුගේ කූට්ඨාලි ජාවාරම්කරුවන්ගේය. රටේ ජනතාව ගේ අවශ්‍යතාව පෙන්වා සිදු කරන මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය පිළිබඳව මතු පිටින් සිතන විමසන අයෙකුට වැටහෙන්නේ වෙළඳ ඇමතියා මාර වැඩකාරයෙක් බවය.මොහු අභියෝගකරන්නේ මෙරට කළු කඩ මුදලාලිලාට බවය.එහෙත් සත්‍යය එය නොවේ.මේ තක්කඩියා වෙළඳ පොළ අවශ්‍යතාව පෙන්වා හදිසි ආනයනය කිරීම් වලින් මෙරටට ගෙන්වන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිසිදු ප්‍රමිතියකට නැති ආහාරයට නුසුදුසු ඒවා බවට අනාවරනය වී තිබේ.මොහු විසින් ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර පිළිබඳව අප විසින්ද මීට ඉහතදී හෙළිදරව් කරන ලදී. වෙළඳ ඇමතියාගේ අළුත්ම ජාවාරම නත්තල පෙන්වා කීරි සම්බා හ...