ජාතික ජන බළවේගයට එරෙහිව දූෂිතයන් රැළ එක පොදියට පෙළ ගැසේ

මේ වන විට ජාතික ජන බලවේගය පිළිබඳව සමාජය තුළ පවතින ජන ප්‍රසාදය ඉදිරි සතිය තුළදී බිඳ වැට්ටවීමේ මනෝ මූලික මෙහෙයුමක් දියත් කිරීමට ආණ්ඩුව හා විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන් කිහිප දෙනෙකු සැළසුමි කර ඇති බව වාර්තා වේ.මෙම කණ්ඩායම ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳව අතිශයින් බියට පත් වී සිටින අයවළුන් වේ. ආරක්ෂක අමාත්‍යංශයට සම්බන්ධ විශ්‍රාමික හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකුද රාජ්‍ය හා හමුදා බුද්ධි සේවාවට අයත් ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් කිහිප දෙනෙකුද ආණ්ඩු පක්ෂයේ හා රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයන් ලෙස ක්‍රියා කළ දේශපාලඥයින් කිහිප දෙනෙකුද එක්ව එම සැළසුම මේ වන විටත් සකස් කර ඇති බව දැන ගැන්මට තිබේ.එහිදී ජාතික ජන බලවේගයට ජන ප්‍රසාදයක් නැති බවට වන අසත්‍ය බුද්ධි තොරතුරු වාර්තා ජනසංනිවේදන මගින් ප්‍රකාශයට පත් කිරීමත් දේශපාලනික මඩ ප්‍රකාශනයන් සමාජ ගත කිරීමත් සිදු කිරීමට නියමිතය. ජාතික ජන බල වේගයේ ජයග්‍රහණය කෙසේ හෝ අඩාල කිරීම එසේත් නැතහොත් එම ජයග්‍රහණය කඩා කප්පල් කිරීම සදහා සැළසුම් කර ඇති එම මෙහෙයුම සමහර විට මරා ගෙන මැරෙන මෙහෙයුමක් කරා විකාශනය වීම...