සජින් වාස්ට තවමත් පොලිස් ආරක්ෂාව දීලා
.png)
මෙතෙක් කාලයක් ප්‍රභූ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි පොලිස් නිළධාරීන් ආපසු ඇමති ආරක්ෂක කොට්ඨාශය වෙත වාර්තා කරන ලෙසට නියෝග නිකුත් කර තිබේ. මේ නියෝග ලේඛනයේ හිටපු මැති ඇමතිවරුන්ට හා වෙනත් ප්‍රභූ වරුන් හට පොලීසිය විසින් ආරක්ෂාව සඳහා සපයන ලද පොලිස් නිළධාරීන් සංඛ්‍යාව සඳහන්ය.එහෙත් මෙහි සඳහන් නොමැති පොලිස් ආරක්ෂාව සපයන ප්‍රභූවරන්ද සිටින බවට අපට සැකයක් මතු වී තිබේ.ඒ මේ වන විටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සජින් ද වාස් ගුණවර්දන පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙකු ආරක්ෂාව සපයමින් සිටී.මේ පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනා ආපසු කැඳවා ඇති බවක් පෙනෙන්නට නැත.එසේ නම් ඇමති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා සත්‍යය වසන් කරමින් රාජකාරි කරන බවට සැකයක් මතුවේ. හිටපු අමාත්‍යවරුන්ට ආරක්ෂාව සැලසූ පොලිස් නිළධාරීන් පවා ආපසු කැඳවා තිබියදී සජින් ද වාස් ගුණවර්දනට ආරක්ෂාව සලසන්නේ කවර හේතුවකටද යන්න ඇමති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂ වරයා රටට පැහැදිලි කර දිය යුතුය.එය එසේ වන්නා සේම මේ ආකාරයෙන් මේ වන විටත් තව දුරටත් පොලිස් ආරක්ෂාව සපයා දී ඇති අනෙකුත් හිටපු මැති ඇමති වරුන් හා ප්‍රභූවරුන් පිළිබඳවද ඇමති ආර...